Wednesday, November 10, 2010

ඓතිහාසික මහා ඝාතන රැල්ලකට හසුකර, මරා දමා අන්තර්ධාන්‍ය කල පසුවත්, සමර, සමරා මරා දමන “රෝහණ විජේවීර“

2010 නොවැම්බර් මස 13 වෙනිදාට, රෝහණ විජේවීරයානන් ඝාතනය කොට වසර 21ක් සම්පූර්ණ වෙයි. රෝහණ විජේවීර චරිතය හා ඔහු අනුගමනය කල දේශපාලන ප්‍රතිපත්ති කුමක්දැයි වටහා ගැනීමට, අපට ඔහුගේ දේශපාලන පන්ති වලටවත්, දේශනවලට සහභාගී වීමට අවශ්‍ය නොවේ. මාක්ස්වාදීන් හා භෞතිකවාදීන් යයි කියා ගන්නා මහත්වරුන්ට නම්, තමන්ගේ පංති සතුරෙක් සිටී. ඒ පංති සතුරා යනු ගමේ ගොඩේ මිනිසුන්ට සිටින සතුරා මෙන් අද හරමානිස්, හෙට පොඩි අප්පුහාමි හා අනිද්දාට සිරිබිරිස් යනුවෙන් වෙනස් වෙන්නේ නැත. එදා කාල්මාක්ස් හා ෆෙඩ්රික් ඒංගල්ස් දුටු ඒ පංති සතුරාම අදද ඒ ආකාරයෙන්ම මේ සමාජය තුල වැජඹෙමින් සිටී. ඒ මාක්ස්වාදයට හා භෞතික වාදයට අනුවය. ඒ පංති සතුරා 1977දී තමන්ට ඇවැසි ආකාරයට මෙරට පාලන බලය ලබාගෙන බඩපිනුම් ගැසීම ආරම්භ කලේ විශ්මිත ආකාරයකටය. ඒ අවස්ථාවේදී එම පංති සතුරාට එරෙහිව රෝහණ විජේවීර ප්‍රමුඛ දේශපාලන බලවේගය, සිදුකල සමාජමය දේශපාලන ගනුදෙනුවේදී සතුරා ඔහු කෙරේ ක්‍රියා කල ආකාරය ගෙනහැර පාන්නේ එදා රෝහණ විජේවීරයන් ප්‍රමුඛ බලවේගය ඉටුකල සමාජ මෙහෙවරේ සාධාරණ භාවයයි.

රෝහණ විජේවීර යනු එකල පැවති රජයට විරුද්ධව සටන් වැදීමට ජනතාව ඒකරාශී කර සටන් මෙහෙයවූ පුද්ගලයා වශයෙන් දකිනවාට වඩා, ස්වභාවය විසින්, එදා පැවති ඓතිහාසික සමාජ තත්වයන්ට මුහුණදීම සඳහා නිර්මාණය කර ඉදිරිපත් කරන ලද ප්‍රගතිශීලී බල සම්ප්‍රයුක්තය ඔහු බවයි. එදා මෙරට ප්‍රගතිශීලි බලවේගය ඉදිරියට මෙහෙය වීමට තිබුණ එකම ක්‍රමවේදය බලය පාවිච්චි කිරීම වූ අතර, ඔහු ප්‍රමුඛ ඒ බල වේගය එදා එම කාර්යය කොතරම් අපූරුවට කලේද යත්, ඩී. එස් . සේනානායක රජයේ පටන්ම මෙරට තිබූ සියළුම රාජ්‍යයන්ට වින කටිමින්, තමාගේ රජය අපූරු අමරණීය රාජ්‍යයක් යයි යන සිතුවිලි දාමයක් තුල නැංගුරම්ලා සිටි මෙරට අංක එකේ ද්‍රෝහී පාලකයා වූ ජේ. ආර්. ජයවර්ධනට මෙරට රාජ්‍ය පාලනය එපා කර දේශපාලන බිමින් පලා යන්නට සලස්වන්නට හැකිවීමම එම බලවේගය එදා මෙරටට උදාකල අපූරු යුග මෙහෙවරයි. ඔහු ගරු කල මාක්ස්වාදී දේශපාලන දර්ශනයට හා භෞතිකවාදයට මහත් ගරුත්වයක් දැක්වු අතර, ඒ හරහා ඔහු හඳුනාගත් පංති සතුරා මනාව හඳුනා ගෙන සිටියහ. තම පංති සතුරාට පුජාතන්ත්‍රවාදී ප්‍රවාහයේදීවත් මිතුරෙකු වශයෙන් සැලකීමට ඔහුට අවශ්‍ය නුවුන අතර, තමන් මුහුණ දුන් එකම ජනාධිපතිවරණයේදී ඔහු වෙත පිරි නමන ලද, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ උපන්දින කේක් කෑල්ල පවා ප්‍රතික්ෂේප කිරීමට තරම්ම වෛරයක් ඔහු තුල සිය පංති සතුරා සම්බන්ධව ගොඩනැංවී තිබිණ. හරි හෝ වැරදි වේවා ඒ ඔහු සිය පංති සතුරා සම්බන්ධව අනුගමනය කල ප්‍රතිපත්තියේ ස්වරූපයයි.

“අධිරාජ්‍යවාදයට විනාශය - ජනතාවට විමුක්තිය“ යන සටන් පාඨය යටතේ ආරම්භයේදී පටන්ම මරණය තෙක්ම සිය සටන මෙහෙය වූ රෝහණ විජේවීරයන්ට පුනරුත්තාපනය වූ අධිරාජ්‍යවාදී කඳවුරක් පෙනුනේම නැත. දුටුවේද නැත. ඔහු අමුතුම මාක්ස්වාදියෙක් විය. ඔහු තමන් මේ මෙහෙයවන්නේ, එදා මේ රටේ විරු පරපුර අඛණ්ඩව ඉටු කරගෙන ආ දේශප්‍රේමී විමුක්ති අරගලයේ වර්තමානයේ කලයුතු කාර්ය භාරය වශයෙන් විශ්වාස කල අතර, එය දිවි හිමියෙන් කිරීම තම සමාජ කාර්යභාරය වශයෙන්ද විශ්වාස කලහ. ඔහු ඉටු කරගෙන ආ ඒ සමාජ කාර්යභාරය නිම කිරීමට පෙර, ඔහු ආප්ක්ෂා කරගෙන සිටි මරණය ඔහු වෙත කුරිරු ආකාරයෙන් ලඟාවිය. එය එදා බොලීවියාවේදී චේ ගුවේරා සහෝදරයා වෙත ලඟා වූ ආකාරයෙන්ම ඔහු වෙත ලඝාවීම විශේෂිතම සිද්ධියයි. එදා චේ ගුවේරා සහෝදරයාව වහාම මරා දැමීම සඳහා එරට භාර ඇමරිකානු තානාපතිවරයා නියෝග නිකුත් කර තිබුණ අතර, අත් අඩංගුවට පත් රෝහණ විජේවීරන්ව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරීන්ව වහාම ඝාතනය කර දමන ලෙස මෙරට තුල ක්‍රියාත්මක වෙන විදේශීය හස්තයකින් නෑටවෙන අදිසි රජයක් මගින් නියෝග නිකුත්ව තිබුණි, මෙරට විධායක ජනාධිපති බලතලද ඉක්මවා ගොස් මෙම ඝාතනයන් මනාව ඉටු කරන ලදී.

ඇමරිකාව පුමුඛ බටහිර රාජ්‍ය පද්ධතියේ එකම අවශ්‍යතාවය වූයේ ඔහුගේ මල කඳයි. ඔහු වෙනුවෙන් සුදු කොඩි කථාවත්, ඔහු වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයවත් හඬා වැටුනේවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේඛම්තුමා, අත් අඩංගුවේ පසුවූ රෝහණ විජේවීරයානන් ඝාතනය කල ආකාරය සම්බන්ධව පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තර කමිටු පත්කලේවත් පත් කිරීමට උත්සහ කලේ වත් නැත. අත් අඩංගුවට පත් ලක්ෂ ගනනක් මිනිසුන් මර මරා මහා පාරවල් අයිනේ ප්‍රසිද්ධියේ පුළුස්සද්දීත් මුළු මහත් ශිෂ්ඨයයි තමන්ම තවරා ගත් ජාත්‍යන්තරයට මේ ඝාතනයන් සංවේදී කාර්යයක් නොවිණ. අද ප්‍රභාකරන්ගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධව වර්තමාන කොටි ජාලය ක්‍රියා කරන ආකාරය දුටු විට තදින්ම දැනෙන කාර්ය වන්නේ අඩුම තරමින් අත්අඩංගුවට පත් සිය නායකයාට සිදු කල මේ සාපරාධී අපරාධය සම්බන්ධව විදිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටීමට තරම් ජනතා විමුක්ති පෙරමුණටද කිසිදු උවමනාවක් නොතිබුණ බවයි.

මෙරට දේහපාලනාවලිය දෙස විමර්ශණාත්මකව බලන අයෙකුට පැහැදිලිව දිස්වන්නේ සුද්දා විසින් මෙරට පැල පදියම් කරන ලද කතෝලික හා අනිකුත් ක්‍රිස්තියානි ආගමික නිකායන් මෙන්ම මාක්ස්වාදයද බටහිර අධිරාජ්‍යවාදයට සේවය කිරීම සඳහා මනාව සකස් කර මෙරට තුල ස්ථාපනය කිරීම සඳහා එංගලන්තය හරහා මෙරටට එවන ලද මෙවලමක් ලෙසයි. නමුත් රෝහණ විජේවීරයන් විසින් කරන ලද කාර්යය වූයේ ඒ සුද්දා විසින් මෙරටට එවන ලද බටහිර හිතවාදී මෙවලම, කාල්මාක්ස්ලා අපේක්ෂිත ආකාරයට මෙරට තත්වයන්ට අනුකූලවන ආකාරයට බද්ධ කිරීමට වෙර දැරීම වුවද, එය කොතෙක් දුරට සාර්තකව ඔහුට ඉටු කරන්නට හැකිවීදැයි යන්නට හොඳම උදාහරණය වන්නේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණයි. මේ ජනතා විමුක්ති පෙරමුණ වසරක් පාසා සිය නායකයාව සමරණ අතර මෙවර එය 21 වන සැමරුම බවට පත්ව තිබේ. මෙම සැමරුම තම නායකයා හා මියගිය අනිකුත් සගයන්සැමරීම සඳහා, තමන් විසින් ගොඩනංවන ලද සමාරකයක් ඉදිරියේ පහන් දල්වා පසුව තමන්විසින්ම එම ස්මාරකය කඩා ඉවත් කරන තත්වයක සැමරුමක් බවට පත්ව තිබේ. තවද මෙරට සංස්කෘතික මූලයන් වූ පිරිත් සංඤඤායණාවක් පෙරදිනදී තම මියගිය සගයන් වෙනුවෙන් පවත්වා පසුදින මහාදානමය පුණ්‍ය කර්මයක් කරන ලෙස උපදෙස් දීමට තරම් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ භික්ෂු සංවිධානවත් සිය පක්ෂයට යෝජනා නොකිරීමට තරම් පසුගාමී තත්වයක් මෙම පක්ෂය තුල තිබීම, පැරණි වාමාංශික ව්‍යාපාරය වූ සුද්දාගේ වාමාංශික ව්‍යාපාරය සිටි තැනටම ජනතා විමුක්ති පෙරමුණ පසු බැස ඇති බවයි. තමන්ගේ දෙමවිපියන්ගේ දූ දරුවන්ගේ හා ලඟම ඥාතීන්ගේ මරණයන්හිදී සියළුම බෞද්ධ වත් පිලිවෙත් ඉටුකරන මේ දේශපාලන පක්ෂ නායකයින්, තමන්ගේ නායකයා ප්‍රමුඛ අතීත සගයන්ගේ සැමරුම් සඳහා ආගමික වතාවත් සිදු නොකරන්නේ තමන් මාක්ස්වාදී, භෞතිකවාදී දේශපාලන දර්ශනයක් අනුගමනය කරන බැවින් බව කාලයකට පෙර ඉදිරිපත් කරන ලද තර්කණය විය.

එදා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පල්ලියේ හොර පූජක රැල ප්‍රමුඛ පාලක නඩය කුරුසය සිප ගනිමින්, එම කුරුසයම උන්වහන්සේට වදකාගාරයක වධක මෙවලමක් බවට පත්කර ගනිමින්, මුළු මහත් සමාජය ඉදිරියේම වධ බන්දන දෙමින් මරා විනාශකර දමා, තමන්ගේම සාස්තෘවරයාව ඝාතනය කිරීමට සතුරාට බෙහෙවින් උපකාර කල කුරුසයට වන්දනා මාන කරන අමන සමාජයක් ගොඩනැංවූවා සේම, වර්තමානයේදී වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ එදා රෝහණ විජේවීර ප්‍රමුඛ බලවේගය විනාශ කල ඒ බලවේගය වන්දනාමාන කරන, ඒ යුගයේදී සිටි වධකාගාර පාලකයින්ව අදහන මාක්ස්වාදී, භෞතිකවාදී සමාජ කල්ලියක් බිහිකර ඇත.

මෑතක් වෙනතුරු ජනතා විමුක්ති පෙරමුණේ මාක්ස්වාදීන් හා භෞතිකවාදීන්ට පංති සතුරෙක් සිටියහ. ඒද රෝහණ විජේවීරයානන් දුටු ආකාරයේම පංති සතුරා විය. අධිරාජ්‍යවාදය හා එහි ගැත්තන් හා ඒ ගැත්තන්ට උඩගෙඩි දෙන ඉත්තන් තම පංති සතුරා ලෙස මෙම මාක්ස්වාදීන් වටහා ගෙන සිටියහ. ඒ අනුව 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා නොකරන පදනමක් යටතේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්ව සිය පංති යුතුකම ඉටු කලහ. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කලහ.

මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ පසුව මෙරට සියළුම ජනතාවගේ සහය ඒ මහතාට ඇවැසි මොහොතක, හරියටම අංශක 180 කින් කැරකී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරන බලවේගයක් බවට පත්කිරීමේ ලක්ෂය විද්‍යාත්මකව සාධාරණීය කරනය කිරීමට කිසිඳු මාක්ස්වාදියකුට හෝ භෞතිකවාදියකුට සිඳුකල නොහැකි කටයුත්තනි. මෙම ලක්ෂය සම්බන්ධව එම පක්ෂය සවයං වීවේචනයක් කරන්නේ නම් එම අවස්ථාවේදී තමන්ගේ පංති සතුරා කවුද? එම සතුරා සතුව තිබූ එවකට ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පැහැදිලි නොකර, කරන අනම් මනම් ප්‍රකාශ හරහා ජනතා විමුක්ති පෙරමුණේ මාක්ස්වාදයට වඩා පැහැදිලි යමක් අපේ ගැමි සංස්කෘතිය තුල ඇති බව පැහැදිලිවේ. මෙම සිඳුවීම මලවුන්ගෙන් නැගිටි රෝහණ විජේවීරයානන්ව නැවත්වරක් අමු අමුවේ ඝාතනය කිරීමක් හා සමාන වූ කටයුත්තක් බවට පත්ව තිබිණ.. මහින්ද රාජපක්ෂ මහතා, එදා රෝහණ විජේවීරයානන් දුටු අධිරාජ්‍ය විරෝධී හා ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි අරගලය අභීතව මෙරට දේශප්‍රේමී බලවේග හා බද්ධව සිය උපාය උපක්‍රමද පාවිච්චි කරමින් ගෙන යන අතර තුර, අධිරාජ්‍යවාදය හා ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධව මුළු මහත් සමාජය දැනුවත් කිරීමේ මහා මෙහෙවරක් කරන ලද රොහණ විජේවීරයානන්ට මහත් නිඟාවක් කිරීමටදෝ රටට පෙර බඩ ය සටන් පාඨය මෙරට වැඩ කරන ජන මනසට කාවද්දා වැඩ වර්ජන මෙහෙය වීම හරහා, රෝහණ විජේවීරයානන්ගේ දේශපාලන ජීවත්වීමට එරෙහිව නැවත නැවත ඝාතන ක්‍රියාවලිය වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ඉටු කලහ.

රෝහණ විජේවීර නම්වූ දේශපාලන චරිතය මහපාරේ දමා ඒ මතින් විශාල ගල් රෝලක් යවා මහපාරේ චප්ප කර හරන ලද්දේ දෙවන ජනාධිපති මැතිවරණයේදීය.රෝහණ විජේවීරගේ ඝාතකයින් හා බද්ධව අත් අල්ලා ගෙන අත් ඔසවා ගෙන තමන් බලයට පත් කරන්නට වෙර දැරුවේ කාවද? මේ මාක්ස්වාදී, භෞතිකවාදීන් යයි තමන්ම හදුන්වා ගන්නා මහත්වරු තම මියගිය නායකත්වය කාලාන්තරයක් මුළුල්ලේ පංති සතුරා යයි පුකාශ කල බලවේගය, එම නායකයාව මරා දමා සුන්නද්දූලි කල බල වේගය වීම හරහා මෙරටට ප්‍රත්‍යන්ෂ කරවන්නේ අද 21 වෙනි ඉල් මහා සැමරුම පවත්වන්නේ ඉල්මහවිරුවන්ව ඝාතකාගාර වලට දැක්වූ බලවේගයන් බවය.

අප බෞද්ධයින් බැවින්, විශ්වාස කරන එක සිද්ධාන්තයක් තිබේ. එම සිද්ධාන්තයට අනුව එදා මියගිය ඉල් මහා විරුවන්ගේන් බහුතරයක් මේ වනවිට අවුරුදු 21ක පිරිපුන් තරුණයින් බවට යලිත් පත්ව සිටී. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයට, තමන් ඉටු කරමින් යන ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරයට තව ඇත්තේ බොහෝම පටු කාල පරාශයක් බව අප පැහැදිලිවම දන්නෙමු. ඔවුන් එදාට තම මියගිය අතීත ආත්මයන් හා සගයන් උදෙසා අමරණීය සිහිවටනයක් මේ මාතෘ භූමිය මත ඉඳි කරනු ඇත.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

Friday, May 7, 2010

අවසර මහා රජතුමණි,.......................................!

අවසර මහා රජතුමණි, මම වර්තමාණයේ ජීවත් වන අයෙක්මි. ඔබතුමාව බැහැදැකීමට ලැබීමම මා ලැබූ මහා
පුණ්‍ය කර්මයක මහිමයක් සේ දැනෙනවා. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්තනා කරනවා.

මම ඔබටත් එසේම පතනවා! ඒ වගේම වර්තමානයෙන් පුද්ගලයකු හමුවීමත් වාසනාවක්. ඉතින් වර්තමානය කෙසේද?

ස්වාමීනි, ජයග්‍රාහී යුගයක්. එවන් යුගයක ජීවත් වෙන අපත් සැබෑ ලෙසම වාසනාවන්ත බවක් හැගෙනවා.

ඔව්, ඔබ කියන කථාවේ අරුත ඉතාම පැහැදිලියි. නමුත් වර්තමානයට තව දිගු ගමනක් තියෙනවා. ඒකට සූදානම්වීම හා රට සූදානම් කිරීම යුධ ජයග්‍රහණයක් ලබනවාට වඩා අසීරු කටයුත්තක්. වර්තමානය ඒ සදහා සූදානම් වෙනවාද?

එහෙමයි ස්වාමීණි, වර්තමාණය ඒ සදහා ඉතා දැඩි සූදානමක නිරත වෙනවා. මේ වනවිටත් රට පුලුල් සංවර්ධන කාර්යයන් ගනනාවක්ම ආරම්භ කරල. නැගෙනහිර සංවර්ධනය, උතුරු වසන්තය වැනි ව්‍යාපෘති ගනනාවක්ම ආරම්භ කරල; ඒ සමගම ඔබ වහන්සේගේ උපන් නගරය විශාල සංවර්ධනයකට භාජනය වෙලා, මේ වනවිටත් ලෝකයේ විශාලම වරායක් ඉදිවෙමින් පවතිනවා. ජනතාව විශාල උද්යෝගයකින් මේ සිදුවෙන ක්‍රියාවන් දෙස බලා ඉන්නවා.

මොකක්ද ඒ කථාවේ තේරුම?
"ජනතාව විශාල උද්යෝගයකින් මේ සිදුවෙන ක්‍රියාවන් දෙස බලා ඉන්නවා."
ඇත්තටම මොකක්ද ඒ කථාවේ තේරුම?
ජනතාව බලා ඉන්නවා විතරද?
ඒ ක්‍රියාවන්ට දායක වන්නේ නැද්ද?

අවසර මහා රජතුමණි, මම කරුණු ඉදිරිපත් කල ආකාරයේ වරදක් වූවානම් සමාවන්න. යුද්ධය නිමවූ වහාම මුළු රටේම ජනතාව වීථි බැස ප්‍රීති ඝෝෂා කලා එපමණක් නොවෙයි; කැවුම් කිරිබත් පිසල හැමදෙනාම මේ ජයග්‍රහණය ඉහලින්ම සැමරුවා.

එතකොට දැන් ඔබ ඔය කියන සංවර්ධන ව්‍යාපෘතිවලට දායක වෙලා වැඩ කරන්නේ කවුරුද? ඇයි ජනතාව විශාල උද්යෝගයකින් මේ සිදුවෙන ක්‍රියාවන් දෙස බලා ඉන්නවා කියලා කීවේ.

මහා රජතුමණි, වර්තමානය ප්‍රජාතන්ත්‍රවාදී යුගයක්, වැඩවසම් යුගයේදී මෙන් ජනතාව යම් කාර්යයකට බද්ධ කරල නැහැ. ඒවගේම එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා කැමති අයට මිසක් බලයෙන් කිසිවෙකුත් මෙරට තුල සිදුවෙන සංවර්ධන කාර්යයන් සදහා යොදවා ගන්න වර්තමානයට ඉඩක් නැහැ.

මේ රට අවුරුදු 30ක් අඛණ්ඩව යුද්ධයක් සිදු කල රටක්, අවුරුදු 30ක යුද්ධය කියන්නේ රට සංවර්ධනය නොවී එක තැනම පල්වෙවී තිබුණාය කියන අර්ථයක් ඉන් ගම්‍ය වෙන්නේ නැහැ.නමුත් තිබුණ දෑ විනාශ වෙවී රට ආපසු පසු පසට ගමන් කිරීමක් යුද්ධය හරහා සිදුවෙනවා. මේ වනවිට රටතුල පසු ගිය අවුරුදු 30 ක කාලය තුලදී කල යුතුව තිබූ කාර්යයන් ඒ ආකාරයෙන්ම ඉතිරිව තිබෙනවා. ඊට අමතරව විනාශ කල උරුමයන් යලි ස්ථාපිත කිරීමට සිදුව තිබෙනවා. සියල්ලම කැටිකර බැලුවොත් අවුරුදු 60ක පමණ කල යුතුවූ කාර්යය භාරයක් මෙරට ජනතාවට කිරීමට නියමිතව තිබෙනවා.

මේ රටේ බාල, තරුණ මහලු සියලු දෙනාම ගොවිබිම් වල, වැඩබිම් වල සිටිය යුතු යුග‍යක් මේ ගලා යන්නේ, එහෙම සිදු නොවෙන්නේ නම් කොතනක හරි විශාල වරදක් සිදුවෙලා තියෙනවා.
මේ සම්බන්ධව වගකීම තියෙන්නේ ඔබලාටයි. ඒ අයිතිය මනාව තේරුම් අරගෙන රට පුරාම සිටින එම ජනතාවට ඒ බව පහදා දෙන්න. ඒ යුතුකම පැහැර හරින්න නම් එපා.

මහ රජතුමණි, මේ වනවිට යුද්ධය නිමවී හරියටම වසරකට ආසන්න කාලයක් ලගා වෙලා තියෙනවා. මේ කාලය තුල තුන් ආකාරයක මැතිවරණ තියලා ජනතා පරමාධිපත්‍යය රැකල තියෙනවා. මීලගට රටතුල සීඝ්‍ර සංවර්ධන කාර්යයකට සූදානම් කරලයි තියෙන්නේ.

මහා යුද්ධයකට පස්සේ රට සංවර්ධනය කරන්න සැබෑ ලෙසම වැදගත් වෙන්නේ මැතිවරණ නම් නොවේ. නමුත් මේ රටට මැතිවරණ හරහා යම් වැදගත් කර්තව්‍යයක් ඉටු කෙරුණා.ඒ ජාත්‍යන්තර ද්‍රෝහීන්ගේ කථාවලට තාවකාලිකව ආවරණයක් ගොඩනැංවුනා. නමුත් යුද්ධයේ එක් මුහුණුවරක් පමණක් මේ වනවිට නිමවී තිබෙනවා. නමුත් සමස්ත යුද්ධයේ බල කදවුරු තවමත් රටපුරා ඒ ආකාරයටම ව්‍යාප්තව පවතින බව මතක තබා ගන්න.

මහරජතුමණි, ඔබ වහන්සේ පවසන ආකාරයට යුද්ධයේ බල කදවුරු ඒ ආකාරයටම ව්‍යප්තව පවතිනවා නම් ඒවා මුලිනුපුටා දැමීම සදහා, රටක් වශයෙන් අප අනුගමනය කලයුත්තේ කුමන පියවරක්ද?

මගේ පියා රජ කලේ ශ්‍රී ලංකාද්වීපයේ දකුණු පලාතේ මාගම නම්වූ රාජධානියෙහිය. අපිට මාගම පුරවරයෙන් හමා එන සුලගත් මහා සැනසුමක් ගෙනත් දුන්නා. නමුත් අපට ඓතිහාසිකව පැවරුණ කාර්යයක් තිබුණ. ඒක තමයි මේ රමණීය දිවයින නිදහස් කර ගැනීම. වර්තමානයේ ජීවත්වෙන මහින්ද රාජපක්ෂ නම්වූ රාජ්‍ය පාලකයාත්, ඒ මාගම් පුරවරයට ඥාතිත්වය ඇතිව ඉපිද, එදා අප විසින් ඉටු කල කාර්යයම ඉටු කර එක කඩ ඉමක් පසුකර තිබෙනවා. අප එදා සතුරාගේ අගනුවර අපේ අගනුවර බවට පත්කරගෙන එහි ගොස් පදිංචිව රාජ්‍ය පාලනය කිරීම හරහා කාලාන්තරයක් මෙරට ජනතාවට හා පාලකයින්ට අපහසුවකින් තොරව රට පාලනය කිරීමේ වරම හිමි උනා.

අපි පැහැදිලිවම දන්නවා මේක අපේ රට බව. මෙහි ඇති සෑම බිම් අගලකටම අපට විශාල උරුමයක් තියෙනවා. අපේ රාජ්‍යයන් උතුරු මැද ප‍ලාතේ සිට ක්‍රම ක්‍රමයෙන් දකුණ දක්වාම පහතට සංක්‍රමණය වූයේ පර සතුරු ආක්‍රමණ නිසයි. ඉතිහාසහ පුරාම අප සිදු කල ඓතිහාසික කාර්යය වර්තමාන පාලකයාවූ මහින්ද රාජපක්ෂ නම්වූ රාජ්‍ය පාලකයා විසින් වෙනස් කල යුතු යයි මම විශ්වාස කරන්නේ නැහැ. සියළු සතුරු බල ප්‍රදේශ යලි රජයේ පාලනයට නතු කරගත් එතුමා කලයුතු වූ අති විශේස කාර්යයක් තියෙනවා. ඒ සතුරාගේ යෝජිත අගනුවර වූ ත්‍රීකුණාමලය මෙරට අගනුවර බවට පත්කර, කොළඹ වානිජ අගනුවර 1 හා හම්බන්තොට වානිජ අගනුවර 2 වශයෙන් නම් කිරීමයි. මෙම කාර්යය කිරීම යුද්ධය කලාට වඩා අපහසු කාර්යක් වූවද, කලයුතුම කාර්යයක් බවට වටහා ගන්න. වර්තමානයේ මූලාරම්භක වකවානුවේදී, මෙරට පාලනය කල ඩී. ඇස්. සේනානායක නම්වූ රාජ්‍ය පාලකයාගෙන් පසු, මෙ වනතෙක් උතුරු නැගෙනහිර පලාත් මධ්‍යම රජයට නතු කර ගැනීමේ පදනමින් කටයුතු කල කිසිදු පාලකයකු අපට හමුවන්නේ නැහැ. නමුත් මේ මහා යුද්ධය හරහා උතුරු නැගෙනහිර දෙපලාත මධ්‍යම රජයට නතු දෙපලාතක් බවට පත්කිරීමට වත්මන් රාජ්‍ය පාලක මහින්ද රාජපක්ෂ මහතාට හැකියාවක් ලැබී තිබෙනවා. අප ඒ සම්බන්ධව ඉතාම සතුටට පත්වෙනවා ඒ ලෙසම එතුමාට ආශිර්වාද කරනවා.

මහා රජතුමණි යුද්ධයෙන් අල්ලාගත් ප්‍රදේශ තුල බලය තහවුරු කරගන්නේ කෙසේද?

අප පලමුව සලකා බලන්න ඕනි, මේ සා මහා ජීවිත ගනනාවක් පූජා කර මේ පලාත් අල්ලා ගත්තේ ඇයි දැයි යන්නයි. පලමු කරුණ වන්නේ ඒ පලාත් අපට හිමි පලාත් වීමයි. දෙවන්න ඉතා දුක්ඛිත තත්වයකට පත්ව සිටි ඒ පලාත් වල ජනතාව එම තත්වයෙන් මුදා ගැනීමටයි. තුන්වැන්න එම පලාත්වල සිට මෙහෙයවන ලද ත්‍රස්තවාදය මුලු රටටම තර්ජනයක්ව පැවති නිසාය. සිව් වැන්න ඒ හරහා තවත් රටෙන් 1/3ක කොටසක් සංවර්ධනය කිරීම හරහා රටේ ආර්ථිකයට මහත් දායකත්වයක් හිමි කරන්නට හැකිවීමය. මෙම කරුණු හතරටම සාපේක්ෂව මෙරට ජනතාව ජයග්‍රාහීව පෙල ගැස්සවීම හරහා දිනාගත් පලාත්වල බලය තහවුරු කරගත හැක.

පලාත් අල්ලා ගන්නේ අරමුණක් ඇතිවයි. සතුරා නසා දමා, එම පලාත් අතහැර, ආපසු හිටපු තැනට යාම, කිසිසේත් කලයුතු නොවේ. එබැවින් සටන නිමවූ වහාම එම පලාත්වල සිටි මිනිසුන් යලි පදිංචි කිරීම ආරම්භ කල යුතුවේ. දෙවැනිව පසුගිය වසර 50ක කාලය තුල විවිධ ආකාරයට එම පලාත් වලින් සිංහල හා මුස්ලිම් ජනතාව පලවා හරින ලද බව අමතක නොකල යුතුයි. මේ රජය විශාල වශයෙන් පුවත් පත් මගින් හා අනිකුත් ජනමාධ්‍යයන් හරහා එවන් තත්වයන්ට මුහුණ පෑ සියලුම ජනතාවට ආමන්ත්‍රණය කර, ඔවුන්ව ගොනුකර සියලු සම්පත් ඔවුනට සපයා ආරක්ෂව පෙරදැරි කොට ඔවුනව විශේෂිත ආකාරයට එම පලාත්වල පදිංචි කරවිය යුතුය. ඒ ඔවුන් අවතැන් වූ පලමු ජන කණ්ඩායම් වෙන නිසා හා වැඩි කාලයක් අවතැන්ව, කිසිවෙකුගේත් අවදානයට ලක් නොවී දිවි ගෙවූ පරපුර වන නිසාත්ය. ‍එදා සතුරා වැනසූ ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම් වලට අමතරව, තවත් මහා ෆාම් වර්ග රාශියක් එම පලාත් වල ආරම්භ කර මෙරට ජනතාව එහි පදිංචි කල යුතුය. එපමනකින් නොනැවතී එම පලාත් වල ඉඩම් එම පලාත් නිදහස් කර ගැනීමට දායක වූ සෙන්පතියන්ට හා සොල්දාදුවන්ට ගම්වර වශයෙන් ප්‍රධානය කර, ඒවා දියුණු කිරීම සදහා තාක්ෂණය හා ප්‍රතිපාදන ලබාදිය යුතුය. ඒ හරහා ඒ පලාත් වල ආරක්ෂාව ප්‍රබල විදියට තර කල යුතුය. එතකින් නොනැවතී. මහා සග රුවනට සියලු පහසුකම් සහිතව විහාර ආරාම කරවා, ඒ ආසන්නයේ ආගමික හා සංස්කෘතික හා අධ්‍යාපනික මහා පුනරුදයක් ගොඩනැංවීම ආරම්භ කරවිය යුතුය. සැබෑ නිදහස් ජයග්‍රහණයේ මුල් අඩිතාලම එයයි.

මහා රජතුමණි, වර්තමානය අතීතයට වඩා සංකීර්ණයි. මුලු ලෝකයම අද එකම ගම්මානයක් වගෙයි. අපගේ සෑම ක්‍රියාවකටම එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑම් එල්ල වෙනවා. අප යුද්ධය ජයග්‍රහණය කලද, ඒ යුද්ධය හේතුවෙන් හෙම්බත්ව සිටින අප, බොහෝ විටෙක දැනුවත්ව හා නොදැනුවත්ව ඔවුනගේ බලපෑම් වලට යට වෙන්න සිදු වෙනවා. විශේෂයෙන් මේ රටේ සෑම කටයුත්තක්ම කරන්නේ ජාත්‍යන්තර ආධාර මත. අප ඔබතුමා ගෙනහැර පෑ අදහස් ක්‍රියාවට නැංවීමට උත්සහ කලහොත් අර්බූද රැසක් නිර්මාණය වෙන්න ඉඩ තියෙන්න පුලුවන් බව ඔබතුමාට අවධාරනය කරන්න කැමතියි. ඒ සදහා අප කල යුත්තේ කුමක්ද?

ඔය ජාත්‍යන්තරයයි කියා ගන්නා ප්‍රජාවගේ බලපෑම් වලින් තොරව මේ රට තුල සිදුවන කිසිදු ක්‍රියාවක් ඇත්තේ නැහැ.මේ රටතුල තිබුණ ප්‍රබලම ජාත්‍යන්තර ප්‍රජා බලපෑම යනු පසුගිය බෙදුම්වාදී යුද්ධයයි. එම යුද්ධය පරාජය කල මේ රටට කුමන ආකාරයේ ජාත්‍යන්තර පුජා බලපෑම් ආවද ඒවාට මුහුණදීමේ ශක්තියක් ඇති බව වටහා ගන්න. පසුගිය යුගයේ යුද්ධ ජයග්‍රහණය ගැන උදම්ව කථා කරන ඔබම, මේ යුගයේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල විය හැකි බලපෑම් සම්බන්ධව බිය පල කරනවා. මේ වනවිට බිය විය යුත්තේ මෙරට වාසී ජනතාව නොව, ඔය ජාත්‍යන්තරයයි හංවඩුව ගසා ගත් ප්‍රජාවයි. සත්‍යවශයෙන්ම එම බිය ඔවුන්තුල තියෙනවා. වසර ගනනාවක් මේ මහා බෙදුම්වාදී යුද්ධය සදහා කල විශාල ආයෝජනයක්, ලෝක ආර්ථික අර්බූදයත් සමගම කඩාගෙන වැටීම ඔවුනට වූ දරා ගැනීමට අපහසුම කාර්යයක් බවට පත්වෙලා තියෙනවා. බොහෝම විමසිලිමත්ව ගලාගෙන යන සිදුවීම් දෙස බලන්න. කිසිදු දෙයකට බිය නොවන්න. ධෛර්යමත්ව හැම දෙයකටම මුහුණ දෙන්න. ජයග්‍රහණය ඔබ සමගයි.

මහරජතුමණි, ඔබතුමාට අනුව මේ වනවිට ජාත්‍යන්තර බලවේග විශාල පසුබෑමකට ලක්වෙලා, ඒනිසා මෙරට වැසියනට කලක් නිදහසේ ජීවිත කාලය ගත කල හැකිද?

සැබවින්ම නැහැ. ඔබලාට නිදහසේ කාලයක් ගත කරන්න වේලාවක් නැහැ. මේ වනවිටත් මේ අය සියලුම ආකාරයේ සැලසුම් පෙරදැරිව ඉදිරියට ඇවිත් ඉන්නවා. මේ වර ඔවුන් නැවත් කාලයක් යනතුරු කඩදාසි යුද්ධය අඛණ්ඩව කරගෙන යාවි. ඒ හරහා මේ රට තව තවත් අමාරුවට පත්වෙන උගුල් ඇටවීමට බලාවි. මේ සම්බන්ධව කල්පනා කාරීව කටයුතු කරන්න.

මහරජතුමණි, ඔබවහන්සේ කඩදාසි යුද්ධය වශයෙන් හදුන්වන්නේ කුමක්ද? ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කල හැකිද?

මේ රට මේ අර්බූදයට මුහුණ දෙන්න පටන් ගත්තේ බටහිරුන්ගේ පැමිණීමත් සමගයි. එදා මෙරටට බට පරංගියා ගෙරි සම් කඩක් එලීමට තරම් ඉඩක් ඉල්ලා ආරම්භ කල සම්මුති නමින් වූ කඩදාසි ගිවිසුම පරංගීන් අවසන් කලේ දොන් ජුවන් ධර්මපාල රජතුමාව ලවා මේ රට "ඉර හද පවතිනතාක් කල්" පෘතුගාල මහා රජතුමාට පවරමිණි. මෙය අපූරු යුද්ධමය ආක්‍රමණයකි. නමුත් සිදුවූයේ කඩදාසියක් හරහාය. මෙයට මම කඩදාසි යුද්ධය යයි නම් කරමි. මෑතකදී සිදුවූ මෙවැනි ආක්‍රමණයන් නම් "ඉන්දු ලංකා ගිවිසුම" හා "සටන් විරාම ගිවිසුම" නම්වූ මෙරට නිර්ලජ්ජිත විදියට ආක්‍රමණයකට ගොදුරු කල ගිවිසුම්ය.

මේ වනවිට මෙම කඩදාසි යුද්ධය සමාජ සම්මුතීන් බිද දමමින් ආර්ථික ක්ෂේත්‍රය පුරාද ව්‍යාප්තව පවතී. මේවායින් බොහෝ ප්‍රතිලාභ හිමිවන්නේ ආක්‍රමණිකයාටයි. මෙය මේ රට මුහුණ දෙන අති භයානක ක්‍රියාදාමයක් බව තේරුම් ගන්න.

එදා විදේශිකයෝ විශාල ධනයක් වියදම් කරගෙන රටවල් ආක්‍රමණය කර ධනය හා වහලුන් එම රට වලට බලහත් කාරයෙන් ගෙන ගියත්, අද තමන්ගේ සල්ලි වියදම් කරගෙනම වහල් මෙහෙයට යන පුද්ගලයන් නිර්මාණය වී සිටීම ආක්‍රමණිකයාගේ ජයග්‍රහණයක් බව අවබෝධ කර ගන්න.

ඒ විතරක් නොවෙයි අද සුද්දන්ගේ රටවලට මේ රටේ සල්ලි පොදි බැදගෙන යන්නේ, සුද්දෝ නම් නොවෙයි. මම කියන දේ වටහා ගන්න.

මහා රජතුමණි, අවසාන වශයෙන් ඔබ වහන්සේ අපේ රටේ ජනතාවට ලබා දෙන පණිවුඩය කුමක්දැයි කාරුණිකව පැවසිය හැකිද?

මම ඔබට ස්තුථිවන්ත වෙනවා මට එවන් අවස්ථාවක් ලබාදීම සම්බන්ධව. ඒ සමගම කිවයුතු වැදගත් දේ තමයි, වර්තමාන ජනතාවට පණිවුඩ නිකුත් කිරීමට මට කිසිදු අයිතියක් නැති බව. නමුත් මට ඔබට පැවසීමට යමක් තියෙනවා.ඒ " මේ රට සැබෑ ලෙසම ලෝකයේ ඇති උතුම් රටක් , ජය ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා සමිදුන් වහන්සේ හා ශ්‍රී පාදස්ථානය, සුපිරි සිදුව මේ රටතුල වැඩහිදින තාක් මේ රටට කිසිවෙකුටත් වින කල නොහැකි බව අවබෝධ කරගන්න. සතුරා ඒ බව මැනවින් අවබෝධ කරගෙන සිටී. ඒ හේතුවෙන්ම මේ ස්ථාන තුන ඉලක්ක කරගෙන පහරදීමට සැලසුම් කල බවත්, ඉන් ස්ථාන දෙකකට පහර දුන් බවද අවබෝධ කර ගන්න. මේ බිම මිනිසුන්ට පමණක් සීමා වූවක්ද නොවේ.

මේ උතුම් දේශයේ, කාලාන්තරයක් මුලුල්ලේ සිය ප්‍රජාවන් පවත්වාගෙන එන ශාක පරම්පරාවන්ටත්, සත්ව පරම්පරාවන්ටත්, ඊටත් එහා ගිය, ඔබේ මානයන්ට හසු නොවන තවත් ජීවීන් පරම් පරා ගනනාවකටද හිමි බව සලකන්න. මේ දේශයේ ඉපිද රටට ද්‍රෝහීව කටයුතු කල කිසිවෙකුටත් ඒ සදහා ඔවුනට හිමි දඩුවම අභිබවා යාමට කිසිසේත් කල නොහැකි බවද සිහි තබා ගන්න. මෑත ඉතිහාසයේ මෙරට විරාජමානව වැජඹුණ බොහෝමයක් පාලකයින්ට අද සිදුව ඇති දේ මෙනෙහි කර බලන්න. පසුගිය දශකයන් තුල ම්ලේච ඝාතන කලාව, තමන්ගේ සුවිශේෂ හැකියාවක් සේ සිතා කටයුතු කල ජන ඝාතක පාලකයින්, උන් ප්‍රගුණ කල කලාවෙන්ම නැසී ගිය ආකාරය දෙස බලන්න. එපමණක් නොවෙයි, මේ උතුම්වූ දේශය, සතුරාට ඇවැසි ලෙස කඩා කැබලි කරන බව සඵත කල හැමට, එසේ කටයුතු කිරීමට මුල්වූ මොහොතේම, මුහුණ පෑමට සිදුවූ, ඇබැද්දීන් දෙස සියුම්ව විශ්ලේෂණය කර බලන්න. රජිව් ගාන්ධිලා, චන්ද්‍රිකා කුමාරතුංගලා හොදම නිදසුන් සේ සලකන්න. ඒවා අහඹු සිදුවීම් නොවන බවත්, ඉදිරියේදීත් එවැනිම සිදුවීම් මේ උතුම් දේශයට හානි සිදුකරන්නට එන හා සූදානම් වෙන, ඕනෑම පුද්ගලයකුට හෝ බලවේගයකට සිදුවෙන බවද සිහියේ තබාගන්න.

ඔබට සම්මා සම්බුදු සරණයි!

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

Saturday, March 13, 2010

ජාතික මහා පිංකමක් කිරීමට ඉතිරිව තිබේ.

මේ රටේ ජාතික විමුක්ති ව්‍යාපාරය යනු ඉතා සංකීර්ණ ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරය මෙරට මිනිසුන්ව එම ව්‍යාපාරයේ අභිවෘර්දිය උදෙසා මෙහෙය වන්නේ විශ්මිත ආකාරයකටය. ඒ ඒ කාර්යයන් සදහා අප දැනුවත්ව හා අප නොදැනුවත්ව ඒ ඒ මිනිසුන්ව ස්ථාන ගත කරන ආකාරය සත්‍ය වශයෙන්ම ආකර්ෂණීයය. මේ ජාතික විමුක්ති ව්‍යාපාරය සෑම දේශපාලන පක්ෂයක් තුලටම තම නියෝජිතයකු රිංගවා ඇත්තේ විද්‍යාත්මක පදනමකට අනුවය. දෘෂ්‍යමාන මධ්‍යස්ථානයක් නැති ස්ථිර පුද්ගල නායකයත්වයක් නැති මෙම ව්‍යාපාරයට ඇත්තේ ස්තිර ධර්මතාවයක් පමණි.මෙම ව්‍යාපාරය සංවිධානාත්මක සතුරාට කිසිදා විනාශ කල නොහැක්කේද ඒ හේතුවෙණි

මේ වනවිට සතුරා පෙරමුණු ගනනාවකින් අපට එරෙහිව යුධ ප්‍රකාශ කර ඇත. අද වන විට අසන්නට ලැබුණේ GSP බදු සහනය අපේ මානව හිමිකමි වාර්තාව හොද නැති නිසා තාවකාලිකව නවතා දැමූ බවයි. යුරෝපා සංගමය මානව හිමිකම් හොදද නරකද සලකා බලන්නේ, එම රටේ ජීවත්වෙන මිනිසුන්, බොම්බ, මරාගෙන මැරෙන බෝම්බ හෝ ත්‍රස්තවාදී ක්‍රියා නිසා මැරෙන සංඛ්‍යාත්මක අගය මතය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මෙරට ත්‍රස්තවාදය විනාශ කලේය. මෙය වඩාත් තේරුම් සහගතව කියනවා නම් යුරෝපා සංගමය දැඩි වෙහෙසක් දරා ස්ථාපිත කල ත්‍රස්තවාදය විනාශ කලේය. එදා මාවෝ සේතුං සහෝදරයා, එදා යුරෝපය, චීනය තුල ව්‍යාප්ත කර තිබූ අබිං ජාවාරමට තිතක් තිබ්බා සේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද, මෙරට අහිංසක ද්‍රවිඩ ජාතිකයින්ට විනාශය උරුම කර දෙමින් යුරෝපා ජාතීක් කල ඒ අත්හදා බැලීමට තිතක් තබා මිනිසුන් ඝාතනය වන ප්‍රමාණය අවම කිරීම ඔවුන් දකින්නේ මානව හිමිකම් කඩකිරීමක් ලෙසය.

රටක මිනිසුන් ඝාතනය වන ප්‍රමාණය අවම කිරීම මානව අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් ලෙස දකින යුරෝපීය මනස ගැන අප පුදුම විය යුතු නැත. එය ඔවුන්ගේ සංස්කෘතියයි. අප්‍රිකාවේ,හා ලංකාවේ ඇත් පරපුර ඉතා පහත් ලෙස ඝාතනය කල, අප්‍රිකාණු කළු ජාතිකයින්, තිරිසන් සතුන්ටත් වඩා පහත් තත්වයකට ඇද දමා වහල් තත්වයට පත්කල, ද්‍රවිඩ ජාතිකයින් කුලී කාරයින්ගේ තත්වයට ඇද දමා ලෝකය පුරා විසුරුවා හල, අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලහේ සිට අපේ රටේ, මානව හිමිකම් සම්බන්ධව කථා කරන පිල්ලේ නෝනා සහ එම පරපුරට, මේ වනවිටත් Koolies යන අනවර්ත නාමයෙන් එරට කළු ජාතිකයින් හා සුද්දන් හාස්‍යයෙන් කථා කරන තත්වයකට පත්කල යුරෝපා ප්‍රජාව, අපට කරන මේ ගෝරනාඩුව, ගෞරවයක් වශයෙන් සලකන්න. අප නිවැරදිව කටයුත්ත කර ඇති බව GSP බදු සහනය අහෝසි කිරීම හරහා අපට සංඥාවක් ලැබී තිබේ.

එම කාර්යය කිරීමට යුරෝපීය සුද්දා විශාල කැප කිරීමක්ද කර තිබේ. ඔහු ලෝකයේ ඉහලම නිමාවකිනි යුත් ඇදුම් ඇදීම නවතා දැමීමට සූදානම්ව සිටී. කුමකටද? කුඩා ජාතියක් වූ ශ්‍රී ලාංකිකයාට දඩුවම් කිරීමටය. බලන්න අපට කොතරම් ආඩම්බරයක්ද?, මෙර‍ට ත්‍රස්තවාදය විනාශ කල අපට, එය මෙරට ස්ථාපිත කල ඒ යුරෝපා ප්‍රජාවගේ සුපිරි ඇදුම් ගලවන්නද අවස්ථාවක් ලැබීම, කොතරම් අභිමානවත් කාර්යයක්ද? මෙය සිදු කරන්නේ ස්වභාවයයි.

අපට Lifebouy පස් පාරක් දවසට ගාන්න කියමින්, Lifrbuoy ත්, දවසට උදේ හවස දත් මදින්න කියමින් Signal ලුත් තවත් අවශේෂ ද්‍රව්‍ය රාශියක් අපට විකුණමින් අපෙන් මුදල් උපයා ගනිමින්, එදා මිලදී මිලදී ගත් සුපිරි ඇදුම්, මින් ඉදිරියට උන් මිලදී ගන්නේ නැත. ඒ අපට දඩුවම් පමුණවන්නය. යුරෝපීය සුද්දාට විශාල වරදක් සිදුවී ඇත. මේ වනවිටත් ලෝක ආර්තික අර්බූදය හමුවේ විශාල පීඩනයක් මැද ගලායන ඔවුනගේ ආර්ථිකයට, ශ්‍රී ලංකාවේ දායකත්වය නවතා දැමීමට ශ්‍රී ලාංකිකයින් වන අප අදම තීරණය කරමු.

එදා ඉන්දීය ජනතාව සියලූම යූරෝපීය භාණ්ඩ වර්ජනය කර ඉන්දියාව තුලවූ යුරෝපා වෙළද පල කඩා දැමුවා සේ. මේ උද්ධච්ඡ සුද්දාට පාඩමක් ඉගැන්වීමට පෙල ගැසෙමු. ඒ සදහා අපට චන්ච දායක
පදනමින් 6,015,934 දේශප්‍රේමී ජනතාවක් සිටීම මහත් වාසනාවකි.

ජනතාවනි, ඔබට කලහැකි, ඔබ සහ අප කලයුතු මේ පූජණීය කර්තව්‍යයට අතගසන්න.

මාතෘ භූමියට ජයවේවා!


Saturday, January 23, 2010

සියළු දෙනාම ජයග්‍රහණය කරන ජනාධිපතිවරණයක්

සියළු දෙනාම ජයග්‍රහණය කරන ජනාධිපතිවරණයක්!

සෝමවංශ අමරසිංහ මහතා වේදිකාවල රගමින් "සොයාපු දේ හම්භ උනා කාලෙ හොදා" යයි උදාන ගීතය ගයමින් ඔහුගේ හා ඔහුගේ අතවැසි ගෝල බාලයන් ලබපු ජයග්‍රහණය සම්බන්ධව මෙනෙහි කරමින් සිටින යුගයක් අප පසුකරමින් සිටිමු. ඒ සමගම 1988-1989 වකවානුවේදී අතුරුදන්වූ තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලා, ඔවුනගේ ඡායාරූප අතැතිව එම දරුවන්ගේ දෙමව්පියෝ පාරක් පාරක් ගානේ ගමන් කරයි. සෝමවංශ මහතාට හම්භ වී ඇත්තේ එම දූ දරුවන් නම් නොවේ.
කොහොම හරි ඔවුනට සොයාපු දේ සම්භ වී ඇත. එය ඔහු ලැබුවාවූ අති විශිෂඨ ජයග්‍රහණයකි. මින් ඉදිරියට සෝමවංශ අමරසිංහ, විජිත හේරත්, අනුර කුමාර දිසානායක, සුනිල් හදුනෙත්ති යන මහත්වරුන්ට ධනපති ක්‍රමය තුල යහතින් ජීවත්වීමට ඇවැසි හැම දෙයක්ම හම්බ වී ඇත. එය මේ ජනාධිපතිවරණයේදී මේ වනවිටත් ඔවුන් ලබා ඇති ජීවන ජයග්‍රහණයකි. ඔවුනගේ මනස මේ වනවිටත් ඔවුන් කල කාර්යය භාරය සම්බන්ධව තෘප්තිමත් භාවයකට පත්ව නැත. ඊට හේතුව වන්නේ ඔවුන් මේ සියල්ලම ලබාගත්තේ 1965 සිට මේ දක්වා එම පෙරමුණ ගොඩනැංවීමට දායක වූවන්ගේ ශ්‍රමය හා ඇස් ඉස් මස් ලේ අධිරාජ්‍යවාදීන්ට විකුණීම හේතුවෙනි. නමුත් ඔවුන් බාහිරින් ජයග්‍රාහින් වී ඇත. ඒ අනුව නව ජනතා විමුක්ති පෙරමුහි නායකත්වය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇත.

සරත් ෆොන්සේකා මහතා සිය ජීවිත කාලය තුලදීම ලබාගත් ඉතාම ලාභදායී කොන්ත්‍රාත්තුව නිමකර ඇත. ඒ හරහා මුදල නම්වූ කඩදාසි කැබැල්ල මත සියල්ල තීරණය කරන අති බහුතරයක් සිටින සමාජයක සරත් ෆොන්සේකා මහතාද විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන සිටී.
ඒ සදහා ඔහුට විශාල කැපකිරීම් රාශියක් කිරීමට සිදුවිය. සමාජමය වශයෙන් ඉතා අපහසුවෙන් කාලාන්තරයක් මුලුල්ලේ ඔහු අත්පත් කරගෙන තිබුණ සමාජ ගෞරවය, ජනමනස තුල කිදා බැස තිබූ වීරත්වය අලෙවි කිරීමට සිදුවිය. එපමණක්ද නොව, සරත් ෆොන්සේකා නම් වූ චරිතය තුල වූ පෞද්ගලිකත්වය සමාජගත කිරීම හරහා ඔහුගේ ප්‍රතිරූපය විනාශ කර ගන්නටද ඔහුට සිදුවිය. නමුත් ඒ සදහා ඔහුට ලැබුණ ප්‍රතිපල අති විශිෂ්ඨ බැවින්, ඒ මහතාද මේ වනවිට ජයග්‍රාහකයකු වී හමාරය.

මෙම අති මහත් මුදල් කන්දරාව එහා මෙහා ගෙනයාමේ කාර්යය හා සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යන්ට සම්බන්ධ වීම හරහා එක්සත් ජාතික පක්ෂයහි නායකත්වයද අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණයද විශාලය.

දැන් ජයග්‍රහණය ලැබීමට ඉතිරිව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා වාසී ජනතාවය. ඒ සදහා මෙරට ජනතාව ජනවාරි මස 26 වෙනිදා චන්ද පොලට ගොස් බුලත් කොළය ඉදිරියෙන් කතිරය ගසා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්කල යුතුය. එම ක්‍රියාමාර්ගය තුලින් මේ රටේ සියලූම ජනතාව ජයග්‍රහණය කරනු ලබන අතර එම ජයග්‍රහකයින් අතරට මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව චන්දය ප්‍රකාශ කරනු ලබන චන්ද දායකයින්ද ඇතුලත්වේ. මේ රටේ සැබෑ දේශද්‍රෝහීනගේ සංඛ්‍යාත්මක අගය කවරේදැයි අප දෑස දල්වා බලා සිටිමු. ඔබ සැමට "ශුභ අනාගතයක්"

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි






Thursday, January 21, 2010

ශ්‍රී ලංකාවේ අගනුවර ත්‍රිකුණාමලය බවට පත්කර ගනිමු.

විධායක ජනාධිපතිකම අහෝසි කිරීම නොව;
ශ්‍රී ලංකාවේ අගනුවර ත්‍රිකුණාමලය බවට පත්කර ගනිමු.

රට කඩඉමක් පසුකර ඇත. ඒ සමගම වසර ගනනාවක් මේ මහ පොලොවේ ආධිපත්‍යය තමනට රිසිසේ හැසිරවීම Risk හෝ Monopoly නම්වූ ක්‍රීඩාවන් බවට පත්කරගෙන සිටින අල්පයක් වූ අති සුපිරි ප්‍රජාව, මහත් කම්පනයකට භාජනය වී සිටී.
ආසියාව පාලනය කිරීම නම් වූ ඔවුනගේ ඩොලර් බිලියන ගනනක ව්‍යාපෘතියේ එක් අංගයක්වූ කොටි ත්‍රස්තවාදයයේ, කුලී හමුදාවේ විනාශය; දෙවන වන්නේ වියට්නාමයේ ඔවුනගේ කුලී හමුදාව ලත් අති මහත් පරාජයටයි.
මහා මුහුදේ පාවෙන මාලිගා වලට වී ලොව පුරා සැරි සරමින් කමින් බොමින් නටමින් ලෝක සිතියම ක්‍රීඩා භාණ්ඩයක් බවට පත්කරගෙන; තමනට රිසිසේ ඒ ඒ රාජ්‍යයන්හි පාලකයින් මඩවමින් පෙලමින් මරවමින් මහත්වූ වින්දනයක් ලබමින් ගත කල ඔවුනගේ ඒ ජීවිතයට තාවකාලිකව තිතක් තැබීමට මේ කුඩා රාජ්‍යය හා එහි වර්තමාන පාලකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට හැකිවීම ඔවුනට ඇදහිය නොහැකි අරුමයකි.
අප නොදකින මේ පරපුර; අප දකින එරික් සෝල්හයිම්ලා ප්‍රමුඛ බටහිර ඒජන්තයින්ගේ හාම්පුතුන් බව හදුනාගන්න. වසර 30ක කාලයක් පුරා මෙරට වාසීන්ව දවමින් ප්‍රීතිවූ ඔවුන් කරා දිට්ඨධම්ම වේදණීය කර්මය අවතීර්ණය වී ඔවුනව පෙලමින් සිටී. මේ හේතුවෙන් ඔවුන් ඉදිරියට එන එරික් සෝල්හයිම්ලා ප්‍රමුඛ බටහිර ඒජන්තලා; හිට්ලර් ඉදිරියට එන පරාජිත යුධ සෙනෙවියකුගේ තත්වයට පත්ව ඇත. භාෂාවේ ඇති අති පහත් වචන වලින් සංග්‍රහයන් බුක්ති විදීමට අමතරව මෙතෙක් කල් ඔවුන් විදි අති සුඛෝපභෝගී තත්වයන් අවම කිරීමකටද භාජනය වීමට සිදුව තිබේ.
මේ තත්වයන් ඔවුනට උරුම කරන ලද්දේ, ශ්‍රී ලාංකීය දේශප්‍රේමී ජනතාව, පංච මහා හමුදාවෝ, ආරක්ෂක ලේඛම්තුමා හා අතිගරු ජනාධිපතිතුමාය.
එරික් සෝල්හයිම්ලා ප්‍රමුඛ බටහිර ඒජන්තයින්, ඔවුනගේ සමාජය තුල අගරු නිගරු වී ඇතිවා සේම, ඔවුනගේ හාම්පුතාලාද ඔවුනට උරුම අති සුපිරි සමාජය තුල මහත් අවමානයකට භාජනව ඇත.
පලමුව ආසියාතිකයින් නිසා තමනට වු අවමානය; අභිමානයක් බවට පත්කර ගත යුතුය. ඒ සදහා දිගු කාලීන ව්‍යාපාතියක් හා කෙටි කාලීන ව්‍යාපාතියක් වහාම ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. දිගු කාලීන ව්‍යාපෘතිය වශයෙන් තරමක් පැරණි Global warming නමින් වූ ව්‍යාපෘතියට නව පනක් ලබාදී මුදාහල අතර, පරාජය වූ කොටි පෙරමුණට ජීවය ලබාදීම කෙටිකාලීන ව්‍යාපෘතිය වශයෙන් එලි දක්වන ලදී.
Global warming
මෙම ව්‍යාපෘතිය මගින් ඉහත සදහන් ප්‍රජාව දකුණු ආසියාවට විශාල බලපෑමක් කිරීමට බලාපොරොත්තු වන අතර; මෙම විෂය සම්බන්ධව කථා කිරීමට විශාල විෂය පථයක් ඇති බැවින් ඒ සම්බන්ධව ගැඹුරින් කථා නොකොට සරල ලෙස මෙය මිත්‍යාවක් බවත් මෙය පාරිසරික ත්‍රස්තවාදය නමින් නම් කලයුතු බව සදහන් කරමින් අවසන් කරමි.

කෙටි කාලීන ව්‍යාපෘතිය පණ ගැන්වීම සදහා පැරණි බටහිර ඒජන්තයින්ට අමතරව අලුත් ඒජන්තයින් ගනනාවක්ද සටන් පෙරමුණට එවා ඇත. සුදු ඒජන්තයින් උපදෙස් දෙමින් මුදල් විසි කරමින් පරිසරය සරත් ෆොන්සේකා මහතා උදෙසා සකස් කිරීමට වෙහෙසෙ‍මින් සිටී. මෙම කටයුත්තට ඔවුන් අත ගැසුවේ එය ඔවුනගේ ව්‍යාපෘතියේ එක් අංගයක් නිසා නම් නොවේ. තමන්ගේ හාම්පුතුන් ඔවුන් දුටුවිට මුදා හරින කුණු හරුප කන්දරාව, ඔවුනට තව යමක් කිරීමට බලකරන නිසාය.
අසංවිධානාත්මක මෙම ක්‍රියාවලිය හේතුවෙන් එදා කොටි සංවිධානය සමග අත්වැල් බැද‍ගෙන සිටි සියලුම කණ්ඩායම් මෙරට ජනතාවට නිරාවරණය විය. චීනයේ ගුරුවරයා හා අසහාය නායකයා වූ මාවෝ සේතුං සහෝදරයා එදා උස් හඩින් ප්‍රකාශ කල "අධිරාජ්‍යවාදය යනු කඩදාසි කොටියෙකි" යන්නෙහි අන්තර් ගතව ඇති "කඩදාසි කොටියා" අන්කවරෙකුවත් නොව මෙම පාවෙන මාලිගා වල සිට ලෝකය හසුරුවන එරික් සෝල්හයිම්ලාගේ හාම්පුතුන්වේ. තවද සැබෑ කොටි සංවිධානය යනු මෙම අති සුපිරි බලවතුන් කණ්ඩායම වන අතර; මෙය "කඩදාසි කොටි සංවිධානය" බවට ලෝකයා ඉදිරියේ නැවත වරක් නිරාවරණය කර පෙන්වනු ලැබුයේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය.
මෙම කඩදාසි කොටි සංවිධානයට, ඉදිරියේදී එයට සැබෑ ලෙසම උරුම නම වූ " කඩදාසි කොටි සංවිධානය" ‍(Paper Tiger Organization) ලෙස සමාජගත කිරීම හරහා, අප වැදගත් කරුණු දෙකක් ඉටු කරන්නෙමු.
1. එදා මෙම සංවිධානයේ සැබෑ ස්වරූපය ලොවට හඩගා කී ශ්‍රෙෂ්ඨ මාවෝ සේතුං සහෝදරයාට ඒ හරහා ගෞරවයක් පිරිනැමීම.

2. ජාත්‍යන්තර වශයෙන් අවමානයකට ලක්වීම හරහා ඔවුන්ගේ මානසිකත්වය බිද වට්ටා දැමීම.

අප ඓතිහාසිකව අගනුවර අනුරාධපුරය වශයෙන් පවත්වාගෙන ගිය අතර අද කොළඹ දක්වා පසුබැස ඇත. මෙම ජයග්‍රහණයෙන් පසුවත් අපේ අගනුවර කොළඹ වශයෙන්ම පවත්වා ගෙන යන්නේ නම් අපට කුමක් හෝ වැරදී ඇත. එදා දුටු ගැමුණු නිරිදා තම උපන් රාජධානිය වූ මාගම වෙනුවට නැවත අනුරාධපුර රාජධානිය අගනුවර කර ගැනීම හරහා මුලු රටම මධ්‍යගත පාලනයකට නතු කර ගැනීමට ඉතා පහසු විය.

මහා නගර නිර්මාණ ශිල්පීන් කණඩායමක් කැදවා ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ අගනුවර කරවන මහා නගර නිර්මාණ ක්‍රියාවලියක් ආරම්භ කල යුතුය. මහා වාණිජ අගනුවර 1 හම්බන්තොට බවට පත්කොට, වාණිජ අගනුවර 2. කොළඹ නගරය බවට පත්විය යුතු අතර; තම්බපන්නියද මහා පරිපූර්ණ නගරයක් බවට පත්කල යුතුය.
මෙම ක්‍රියාවලිය අඩුතරමින් සාකච්ඡාවට ගැනීමටවත් හැක්කේ වර්තමාන ජනාධිපතිතුමාටය. එබැවින් පලමුව ජනාධිපතිතුමා, ජනාධිපති කරවමු. කඩදාසි කොටි සංවිධානයේ සිහින අගනුවර අපේ
අගනුවර කරවමු. "ශුභ අනාගතයක්!"

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.










Tuesday, January 5, 2010

අදිසි මහා රාජ්‍යය හා 2010 ජනාධිපතිවරණය.

අදිසි මහා රාජ්‍යය හා 2010 ජනාධිපතිවරණය.

මේ වනවිට මෙරට ජනාධිපතිවරණ උණුසුම ක්‍රම ක්‍රමයෙන් ඉහල නැංවෙමින් පවතී.
මෙය මෙරට ජාතික බලවේගය හා බටහිර විදේශීය බලවේගය අතර පවත්වන තවත් මැතිවරණයකි. නමුත් මෙය සමාජයට දිස්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර සිදුකරන ජනාධිපතිවරණයක් ලෙසිනි.
තවද මෙරට ජනතාවගේ ඕනෑ එපා කම් වෙනුවෙන් තමන් තරග බිමට පිවිස සිටින බව අපේක්ෂකයින් දෙදෙනාම පැවසුවද; පවතින ‍ඓතිහාසික තත්වයන් මනාව පෙන්නුම් කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙරට ජාතික බලවේගයට නායකත්වය දීමට ඉතිහාසය බල කර ඇති අතර,
ඊට අමතරව ප්‍රතිවිරුද්ධ සාධකයන් වන බටහිර විදේශිය බලවේග වල ඕනෑ එපා කම් උදෙසා පෙනී සිටීමට සරත් ෆොන්සේකා මහතාට සිදුව තිබෙන බවයි.

අප මෙසේ කථා කරන විට සැබෑ ලෙසම සරත් ෆොන්සේකා මහතාට දේශපාලනිකව මහත් හානියක් සිදුවෙන බැවින්, අපගේ නිගමනයන්ට ‍හේතුවන කරැණු ජනතාවට පැහැදිලි කල යුතුමය.

මෙරට පැවත්වූ සෑම ප්‍රධාන මැතිවරණයක්ම පැවතියේ ඉහත සදහන් ආකාරයටමය. එනම් ජාතික බලවේගය හා බටහිර විදේශීය බලවේගය අතර පැවති තරගයක් ලෙසයි. මෙසේ මැතිවරණයන් පැවතියද 1994දී පැවති ජනාධිපතිවරයේදී ජාතික බලවේගය නම් වූ කඩතුරාවෙන් වසා ගෙන වුත් අග්‍ර ගණ්‍යයේ බටහිර නියෝජිතවරියක් බලයට පත්වූවාය. එය මෙරට ජනතාවගේ ඇස් වසා ලීම සදහා බටහිර බලවේග කල අති සාර්ථක උපක්‍රමයක් විය.

2010 ජනාධිපතිවරණය සදහා මෙරට සිටින බටහිර විදේශීය ඒජන්තයින්ට නිර්දේශිත නාමයන් තුනක් තිබිණ.

1. රනිල් වික්‍රමසිංහ මහතා.
2. හිටපු අග්‍ර විනිශ්චකාර, සරත් එන්. සිල්වා මහතා.
3. එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතා.

එම තිදෙනායි. ඔවුන් වඩාත්ම ප්‍රිය කරන පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා වුවද; ඔහුගේ දේශපාලන අසාර්ථක භාවය මැනවින් දත් ඔවුහු රනිල් වික්‍රමසිංහ මහතාව තාවකාලිකව සටන් බිමින් ඉවත් කිරීමට තීරණය කලහ.

මීලගට සිටින නිර්දේශිත පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙක් තෝරා ගැනීමේදී ඔවුන් අපේක්ෂා කරන වැදගත් කරැණු ගනනාවක් සරත් ෆොන්සේකා මහතා සතුව පවතින බැවින් එම මහතාව ඔවුනගේ නියෝජිතයා වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කරණ ලදී.


මූලික වශයෙන් "සදාකාලික මිතුරෝත්, සදාකාලික සතුරෝත් අපට නැත. අපට ඇත්තේ අපේ අවශ්‍යතාවයන් පමණි" යන පාඨය පෙරට දමාගෙන ඉදිරියට එන අදිසි රාජ්‍යය. කාලාන්තරයක් තමන්ගේ අංක එකේ සතුරා වූ සරත් ෆොන්සේකා මහතාව, තමනගේ නියෝජිතයා වශයෙන් තෝරා ගැනීමට හේතුවූ විශේෂිතම වූ අංග රාශියක් ඔහු සතුව පවතී. අප ඒවා වටහා ගත යුතුමය.

වසර 35කට අධික කාලයක සිට මනාව සැලසුම් කර ඩොලර් බිලියන ගනනක් අයෝජනය කර, මුලු ආසියාවම පාලනය කිරීමේ අරමුණින් ගොඩනැංවූ කොටි යාන්ත්‍රණය විනාශ කර දැමීමට ඉතා විශාල මෙහෙයක් කල සරත් ෆොන්සේකා මහතාව; ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරා ගෙන නැවත කොටි සංවිධානය ගොඩනැංවීමේ කර්තව්‍යයට අත ගැසීමට කල තීරණය, අති විශාල නවතම යුධ සැලසුමක ප්‍රථම පියවරයි.

ඒ අනුව කිසිදා දේශපාලන කර්තව්‍යයන් සදහා මෙහෙයවීම් නොකල සරත් ෆොන්සේකා මහතාට දේශපාලනය කිරීම සදහා අවශ්‍ය කරන සියලුම දෑ පහල වන්නට විය. දේශපාලන පක්ෂ, මිල මුදල් ගලා එන්නට වූ අතර, එතුමා වෙනුවෙන්, පෝස්ටර්, දේශපාලන කටවුට්, කොඩිවැල්, කාර්යාල, වේදිකා නිර්මාණය විය; රැස්වීම් හා පෙලපාලිද සංවිධානය වන්නේය.

අදිසි මහා රාජ්‍යයේ අතවැසි දේශපාලන පක්ෂ වූ එක්සත් ජාතික පක්ෂය, නව ජනතා විමුක්ති පෙරමුණ, දෙමල ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, මනෝ ගනේෂන් මහතාගේ දේශපාලන සන්විධානය හා මංගල සමරවීර මහතාගේ දේශපාලන පක්ෂය "අන්තිම සටනට සැරසියව්" වදන යටතේ එකම වේදිකාවකට කඩිමුඩියේ කැදවා ඇති බවක් මනාව දිස්වේ.
මෙම සන්ධානයට අයත් දේශපාලන පක්ෂ ඓතිහාසිකව විශ්ලේෂණය කරන විට උද්දීපනය වන දේවල් සත්‍යවශයෙන්ම දේශපාලනිකව මහත් හාස්‍යයක් ජනිත කරවයි. කිසිදා හෙලි නොකරන මොවුනගේ අන්තර් සම්බන්ධතාවයන් හැමටම දැකිය හැකි තත්වයකට මෙවර මැතිවරණයේදී ඉස්මතු කිරීමට සිදුවීම හරහා අපට පෙන්නුම් කරන්නේ විදේශීය බලවේග ප්‍රමුඛ ජාලය ලබා ඇති මහත් පරාජයයි.


එදා ජනතා විමුක්ති පෙරමුණ නම්වූ දේශපාලන පක්ෂය තමන් විසින් සමූල ඝාතනය කල බවට ජයග්‍රාහයීව කාහල නාද කල එක්සත් ජාතික පක්ෂය අද තමන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සදහා එම පක්ෂය සමග අත්වැල් බැදගත් බව පවසන අතර, ජනතා විමුක්ති පෙරමුණේ 60,000ක් සාමාජිකයින් ඝාතනය කල එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැදගෙන, 1971 දී හා 1988-1989 වකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණෙ ක්‍රියාකාරීන් හඹා යමින් මරා විනාශ කල ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට චන්දය දී මෙරට ජනාධිපති කරවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටී.
තවද කොටි සංවිධානයේ පාර්ලිමේන්තු බලඇණිය වූ දෙමල සන්ධානයට, කොටි සංවිධානය කුඩු පට්ටම් කල හමුදාපතිතුමා සමග සම්බන්ධ වීමට සිදුව තිබේ.

මෙරට සිටින බුද්ධිමත් ජනතාවට ඉහත දක්වන ලද සන්සිද්ධීන් ගලපා බැලිය හැකි සාධාරණය කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. අති බහුතරයක් ජනතාවට මේ සිදුවෙන දෑ අවබෝධ කරගැනීමට ඉතාමත් අපහසු බැවින් ඒ සම්බන්ධව සිතීමේ කාර්යෙන් වියෝවී තමන්ගේ කාර්යයක් බලා ගන්නා තත්වයට පත්වේ.

ඉහත දක්වන ලද ක්‍රියාවන්ට අනුව; එදා 1971 හා 1988-1989 වකවානුවලදී, සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදා ඛණ්ඩ වලින් හා වෙනත් රාජ්‍ය නිල හා නොනිල හමුදාවන්ගේ ප්‍රහාර මගින් මියගිය 70,000 ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ගේ දෙමව් පියන් හා ඥාති මිත්‍රාදීන්; වර්තමාන ජනතා විමුක්ති ‍පෙරමුණහි ප්‍රචාරක ලේකම්ගේ භාෂාවට අනුව, පරණ දේවල් තොරොම්බල් කර කර ඉන්නේ නැතිව, එදා තම දරුවන් ටයර් සෑයවල් කරා දැක්කවීමට ගෝනි බිල්ලන්සේ ක්‍රියා කල එක්සත් ජාතික පාක්ෂිකයන් හා එක්ව වීථි බැස පෙලපාලි ගොස්, රැස්වීම් වලට සහභාගී වී, පෝස්ටර් අලවා, සරත් ෆොන්සේකා මහතාට චන්දයද පාවිච්චි කල යුතුය.
ඒ ආකාරයටම එක්සත් ජාතික පක්ෂයට හා එහි සාමාජිකයින්ටත්, දෙමල ජාතික සන්ධානය හා එහි සාමාජිකයින්ටත් කරන්නට සිදුව තිබේ.

මේ සියලූම දේශපාලන පක්ෂ වලට හා ඒවායේ සාමාජිකයින්ට මේ කාර්යයන් ඉටුකරනවා මිස ඉන් එහාගිය කිසිම දෙයක් කථා කිරීමට අවසරයක් නැත. ඔවුනගේ සිතීමේ යාන්ත්‍රණය නවතා දමා මෙරට බටහිර තානාපති කාර්යාලවල දේශපාලන අංශ වලින් එන නියෝග පිලිපදින්න සිදුව තිබේ. මෙය සැබෑ ලෙසම අණකි.

මුළු මහත් ලෝකයටම සිතීමේ නිදහස, කථා කිරීමේ නිදහස, ලිවීමේ නිදහස සම්බන්ධව දේශනා පවත්වන මේ අදිසි රාජ්‍යය, මේ ජනාධිපති මැතිවරණයේදී ඉහත සදහන් කල සියලූම දේශපාලන පක්ෂ නායකයින්ගේ හා සියලූම සාමාජිකයින්ගේ එම නිදහසට වාරණයන් දමා ඇත. එසේ වාරණයන් දමා, ඔවුනගේ සියලූම පෙරමුණු බල ඇණි එකම වේදිකාවකට ගෙන ඒම හරහා මෙරට ජාතික බලවේග වලට විශාල පහසුවක් සතුරා විසින් නොදැනුවත්වම ඉටුකර ඇත. මෙයින් ගම්‍ය වන්නේ මෙතෙක් කල් ඔවුන් විසින් රග දක්වන ලද නාටකය අවසාන බව හා එහි රගපෑ සියලූම නලුවන්ව ප්‍රේක්ෂකයින්ට හදුන්වාදීමට වේදිකාව මතට කැදවා සිටින බවයි.

අදිසි රාජ්‍යය යනු මහා බලගතු ස්ථාපිත යාන්ත්‍රණයක් වන අතර, මේ මැතිවරයේදී සිදුවන කාර්යවලිය කුමක්දැයි ඔවුන් හොදා කාරව දනී. එම මැතිවරණ ප්‍රතිඵලය මැනවින් හදුනාගෙන තමන්ට අවාසි සහගතවූ ඒ ප්‍රතිඵලය වහසි සහගත තත්වයට පත්කර ගැනීමේ අරමුණින් සරත් ෆොන්සේකා මහතාව මෙවර ජනාධිපතිවරණය සදහා සිය අපේක්ෂකයා වශයෙන් නම් කරන ලදී.

අදිසි රාජ්‍ය තමන්ගේ අපේක්ෂකයා වශයෙන් තෝරා ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අවශ්‍යතාවය හා වටිනාකම ඔවුනට දැනෙන්නේ, මේ මැතිවරණය හා බැදුන ඔවුනගේ ව්‍යාපෘතීන්මතයි. එමනිසා මේ අවස්ථාවේදී ඔවුනගේ ව්‍යාපෘතීන් හා සැලසුම් මොනවාදැයි මේ රටට හෙලිකල යුතු අතර එය යුගයේ අප සතු කාර්යය භාරය බවට පත්ව ඇත. අප ඒ සම්බන්ධව ගවේශණය කර බලමු.

සතුරාට පැහැදිලි ඉලක්කයක් ඇත. එය අරමුණු කරගෙන සතුරා සටන ආරම්භ කර ඇත. ඔවුනගේ සැබෑ ඉලක්කය; ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කර දැමීමයි. ඉන් නොනැවතී කොටි සංවිධානය විනාශ කල සියලූම පෙරමුණු හා හමුදා බල ඇණි හා හමුදා අණු ඛණ්ඩ සමූල ඝාතනය කිරීම ඔවුනගේ ප්‍රධාන ඉලක්කයයි. මේ වනවිට ඔවුනගේ අදිසි රාජ්‍යය තුලදී, ඔවුන් විසින්ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව චෝදනා ගොනුකර, නඩු විභාග කර, ඔවුන් දෙපල වරදකරුවන්ද කර, මරණ දඩුවමද නියම කර හමාරය. දඩුවම ක්‍රියාත්මක කිරීමට; ඔවුන් තෝරාගත් වධක නඩය සරත් ෆොන්සේකා ඉදිරයට දමා ගෙන ශ්‍රී ලාංකීය සමාජය පුරා සැරි සරයි. එම දඩුවම සාධාරණීය කිරීම සදහා ශ්‍රී ලාංකීය ජන සමාජයෙන්ම වරම් ඉල්ලා සිටියි. ඒ මේ ජනාධිපතිවරණය හරහායි.

විමුක්ති ව්‍යාපාරවල ගමන අඩාල කිරීම සදහා පුද්ගලයින් අමු අමුවේ ඝාතනය කරන අදිසි රාජ්‍යය ලෝක ඉතිහාසය තුල පහත සදහන් කාර්යයන් සිදුකර ඇත.

(අ). 1958 දී ඊජිප්තු ජනාධිපති අබ්දුල් ගමාල් නසාර් මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීම.

(ආ). 1959 දී ශ්‍රී ලාංකිය අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතා ඝාතනය කිරීම.

(ඇ). 1961 දී කොංගෝවේ අගමැති පැට්රිස් ලුමුම්බා මහතාව ඝාතනය කිරීම.

(ඈ).1966 දී ඝානාවේ ජනාධිපති වූ න්කාමේ න්කෘමා මහතාව සිය පදවියෙන් පලවා හැරීම.

(ඉ). 1967 දී චේ ගුවේරා මහතාව මරා දැමීම.

(ඊ). 1969 දී මොසැම්බික් විමුක්ති පෙරමුණේ සභාපති එඩුවාඩෝ මොන්ඩ්ලේන් මහතා ඝාතනය කිරීම.

(උ). 1973 දී ගිනියා සහ කේප් වර්ඩේ හි නිදහස් අප්‍රිකානු පක්ෂයේ ප්‍රධාන ලේඛම් වූ අමිල්කා කබ්රාල් ඝාතනය කිරීම.

(ඌ). 1973 දී චිලී රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු ඇමති කාර්ලෝස් ප්රැට් ඝාතනය කර දැමීම.

(එ). 1973 දී චිලියේ ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ ඝාතනය කිරීම.

මෙහි සදහන් කර ඇත්තේ හෙලිවූ ඝාතන ක්‍රියාවලීන් අතරින්ද අල්පයක් වන අතර, හෙලි නොවූ ඝාතන සංඛ්‍යාව මීට වඩා ඉහල බවට අනුමාන කෙරේ.

මෙම ඝාතන ලැයිස්තුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම් ඇතුලත් කරවීමට ජනතා අවසරය පතන මැතිවරණයක් මේ වනවිට ශ්‍රී ලාංකීය ජනතාව ඉදිරියේ නිර්මාණය වී තිබේ.

මෙම තත්වය නව ජනතා විමුක්ති පෙරමුණ අවබෝධ කරගෙන සිටින අතර, ඔවුන් මේ අදිසි රාජ්‍යයේ අත් අඩංගුවේ පසු වුවද; මෙම පණිවුඩය කීප වරක්ම හඩගා සමාජයට ඉදිරිපත් කලේය. එම පෙරමුණේ ප්‍රධාන ලේඛම්තුමා තුල ජීවත් වෙන සැබෑ ගෞරවණීය මිනිසා; එම රූපකාය තුල ජීවත්වෙන පාවාදෙන කුහකයා මොහොතකට පරදවා මේ සිදුකරන්නට යන කාර්යය භාරය,වෙනත් ආකාරයකින් රටට ප්‍රකාශ කලහ.

(අ). මැතිවරණයෙන් පසු රාජපක්ෂලාට ඉන්න වෙන්නේ මහ උළු ගෙදරයි කියා මෙම කුමන්ත්‍රණය හෙලි කල ඔහු; එය මනාව ආණඩුව අවබෝධ නොකර ගත් බැවින්දෝ, යලිත් හඩගා කියන්නේ ජම්පර් ඇදුම් එකසිය ගනනක් ජනවාරි මස 26 වෙනිදායින් පසු පාවිච්චිය සදහා මැසිය යුතු බවයි.

අදිසි රාජ්‍යය පැහැදිලිවම මෙම මැතිවරණය පරාජය වන බව දනී. නමුත් මේ මැතිවරණය හරහා ඔවුනගේ හඩට ජන පදනමක් ගොඩනැංවිය යුතුය.පලාත් සභා මැතිවරණ‍යේදී ඔවුන් සෘජුව ලබාගත් චන්ද 2,609,386 ට ජනතා විමුක්ති පෙරමුණේ චන්ද 234,442 ත් මුස්ලිම් කොන්ග්‍රසයේ චන්ද 60,091 එකතු කලද එදා සන්ධානය ලබාගත් චන්ද 5,137,170එ ආසන්න වන්නේ නැති බවද ඔවුන් මනාව දනී.

නමුත් අවුරැදු 30ක මහා ත්‍රස්තවාදී යුද්ධයක් පරාජය කලද, මේ රට තුල ඔනෑම විදේශීය බලවේග වලට ඇවැසි ආකාරයට හැසිරවිය හැකි 2,669,477 ක මිනිස් බලවේගයක් සිටින බව ඔවුන් මනාව අවබෝධ කරගෙන සිටී. පැහැදිලිම සත්‍යයය එයයි. මෙවන් මිනිස් කන්දරාවක් සිටින රාජ්‍යයක් තුල කොටි සංවිධානය පරාජය කිරීම යුගයේදී මේ මහ පොලව මත සිදුවූ උදාරතම කාර්යය භාරය බවද අවබෝධ කරගන්න.

මේ මැතිවරණයේදී තීරණාත්මක සාධක තුනක්ද දක්නට ලැබේ ඒවා නම්,

(අ). මෙවර නිදහසේ තම චන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක් ලබාගන්නා උතුරු නැගෙනහිර ජනතාව.

(ආ). පසුගිය පලාත් සභා මැතිවරණයේදී චන්දය පාවිච්චි නොකල ජනතාව.

(ඇ). පසුගිය පලාත් සභා මැතිවරණයේදී තම චන්ද අවලංගු කල ජනතාව.
තීරණාත්මක බලකායයි.

මෙම කරුණු සියල්ල සලකා බලා අදිසි රාජ්‍යය තමන්ගේ මැතිවරණ සැලස්ම සකස් කර ඇත. ඒ මෙසේයි.

(1). මෙම බලකායන්ගෙන් උපරිමය සරත් ෆොන්සේකා මහතාට ලබාගෙන, අපේක්ෂකයින් දෙදෙනා අතර චන්ද පරතරය අවම කර ගැනීම ඔවුනගේ පලමු පියවරයි.

(2). මැතිවරණයට පෙර තමන්ගේ මැතිවරණ කාර්යාල වලට හා කටවුට් වලට සන්ධාන පාක්ෂිකයින් ලවා පහරදී ගැනීමේ තත්වයක් නිර්මාණය කර ගැනීම.

(3). එවැනි තත්වයක් නිර්මාණය කිරීම සදහා, ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාගේ කටවුට් වලට කළු තෙල් වලින් පහරදීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම.

(4). අපේක්ෂිත ආකාරයට සන්ධානයේ අය තම කාර්යාල වලට ප්‍රහාර නුදුන හොත් තමන් විසින්ම තමන්ගේ කාර්යාල වලට පහරදී ගෙන ඒවා සන්ධානය විසින් කල බවට ලෝකයට හඩගා කීම.

මේ ක්‍රියාවන් හරහා රජය විසින් මැතිවරණ ප්‍රචන්ඩත්වයන් සිදුකල බවට ලෝකයාට හඩගා ප්‍රකාශ නිකුත් කිරීමට අවස්ථාව උදාකර ගැනීම මේ වැඩ පිලිවෙලේ ප්‍රධාන අරමුණ විය.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම, මෙම මැතිවරණය දූෂිත වූවක් බව පවසා තමන් මෙම ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන බව ලෝකයාට ප්‍රකාශයක් නිකුත් කිරීම දෙවන පියවර විය.

තමන්ගේ මැර කණ්ඩායම් හා නව ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායම් පාරට බැස, චෙකෝස්ලෝකියාවේ, යුක්රේනයේ, බිලෝරුසියාවේ හා මෑතකදී ඉරානයේ සිදු කල ආකාරයේ තත්වයන් මතු කොට; ඉන් සමහර රාජ්‍යයන් පෙරලා දැමූ ආකාරයට මේ රජයද පෙරලා දැමීමට කටයුතු කිරීම ඊලග පියවර විය. මෙම කාර්යයේදී හිටපු හමුදාපති වරයකුට විශාල වාසිදායක තත්වයක් රටතුල නිර්මාණය වේ.

සැබෑ ලෙසම ජයග්‍රාහී ශ්‍රී ලංකාව පරාජිත කිරීම ඔවුනගේ අරමුණයි.


මේ ආකාරයට මැතිවරණයේදී තම අපේක්ෂකයාව ජයග්‍රහණය කරවා හෝ මැතිවරණයට පසුව ප්‍රචන්ඩ ක්‍රියා මගින් හෝ බලය ලබා ගෙනකරන ප්‍රථම කටයුත්ත වන්නේ මෙරට දේශප්‍රේමීන්ව ඝාතන ජාලයකට අසුකරවීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් උත්තරීතරද යත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසයට ඇණ ගැසීමටත්, බරබ්බස් නම් වූ පල් හොරාව ඒ වෙනුවට නිදහස් කරවීමටත්; ඔය හැම දෙනාම දිවි හිමියෙන් රැක ගන්නවායයි කියන ප්‍රජාතන්ත්‍රවාදය උපකාර කලහ. එපමණක් නොව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන කාලය තුලදී කිසිදු පූජණීයත්වයක් ලබා නොදී, වරදකරුවන්ට දඩ්වම් ලබාදීමට භාවිත කල,තවද එකල දූෂිතයින් ‍එතුමාගෙන් හා එතුමාගේ අනුගාමිකයින්ගෙන් ආරක්ෂාව ලබාගත් කුරුසය එතුමාගේ මරණින් පසු සියලූම ක්‍රිස්තු භක්තිකයින්ගේ පූජනීය වස්තුවක් බවට පත් කල ආකාරයටම.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හා අනුගාමිකයින් පණපිටින් පුලුස්සා මරා දැමූවන් අද නව ජනතා විමුක්ති පෙරමුණහි නායකයින්ගේ, සාමාජිකයින්ගේ හා අනුගාමිකයින්ගේ පූජකයින් බවට පත්ව ඇත.

මෑත කාලයේදී බෙදුම් වාදයට එරෙහිව බටහිරට එරෙහිව සටන් කිරීමේ වරදට, සර්බියාවේ ජනාධිපතිවරයකු වූ මෙලසොවිච් මහතාව මැතිවරණ‍යෙන් පරාජය කොට ජාත්‍යන්තර අධිකරණයට ගෙන ගොස් හිර ගෙදරදී මරා දමා, පසුව නීතියට අනුව ඔහු නිදොස් බවට තීරණයක් නිකුත් කරණ ලදී.

ඉහත සදහන් කරන ලද්දේ ජනමතය හරහා අදිසි රාජ්‍යය විසින් සිදුකරන ලද මහා අපරාධ දෙකකි.


දැන් මෙරට ජනතාවට රටේ වැදගත්ම තීන්දුවක් ගැනීමට අවස්ථාව උදාවී ඇත. මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන්නේ 1505 සිට මෙරටට බට, බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් ආරම්භ කල ඒ වීරෝධාර මුතුන් මුත්තන්ගේ සටන් මගේ එක් අදියරකි. ඒ වීරෝධාර මිනිසුන් සටනේදී මැරෙමින්, යලි ඉපදෙමින් යලි යලිත් සටන් වදිමින් ගෙන ගිය මේ විරෝධාර සටනේදී එක් සන්ධිස්ථානයක් වන්නේ මේ ජනාධිපතිවරණයයි. එහිදී ඔබට උරුමව ඇත්තේ, ඔවුන් විදි දුෂ්කරතාවයන් නම් නොවේ. කඩුවක්, තුවක්කුවක් වෙනුවට පැන්සලයක් අතට ගෙන සැබෑ දේශප්‍රේමියාගේ ලකුණ ඉදිරියේ කතිරයක් සලකුණු කර චන්ද පෙට්ටියට දමීමයි. ඊට පසු කඩුවක්, තුවක්කුවක් ‍ගෙන සතුරාගේ ක්‍රියාකාර කම් සම්බන්ධව විමසිලිමත්ව සිට මේ උත්තරීතර මාතෘ භූමිය කුමන උවදුරකින් වුවද රැක ගැනීමට උරදීමයි.

මාතෘ භූමියට ජයවේවා!

චන්ද්‍රසේන පණ්ඩිතගේ