ඕවල්ගේ ගොවිපලේ පෙරලියේ අවසාන භාගය; ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ මනාව රග දැක්වෙමින් පවතී. ශ්‍රී ලංකා දේශපාලන භූමියේ කිසිදා දක්නට නොසිටි ; දේශපාලන සූකරයින් රතු ඇදුමින් සැරසී; කොළපාට මිනිසුන් සමග එකතුව මහා පරිමානයේ තවත් මිනීමස් ජාවාරමකට අරඅදිමින් සිටී. කිසිදු ගෞරවණීය භාවයක් නැති මේ සූකර නඩය මින් ඉදිරියට මෙරට ජනතාවගෙන් කිසිදු ගෞරවයකට පාත්‍ර නොවන ආකාරයකට සමාජය සකස් කිරීම යුගය විසින් අපට පවරා ඇති කාර්යය භාරයයි. 1965 සිට එවකට මෙරට වාමාංශිකයයි කියාගත් දේශපාලඥයින් උදෙසා රෝහණ විජේවීර සහෝදරයා විසින් භාවිතා කල වාග් මාලාවම වර්තමාන වාමාංශික සූකර පෝතකයින් උදෙසා භාවිතා කිරීමට ඔවුනගේ නග්න ක්‍රියාකාරිත්වය අපට යලි යලිත් බලකරවයි.
සූකර පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක නොවන නමුත් බොහෝවිට ප්‍රකාශ නිකුත් අයෙකු නොවැම්බර් 25 වෙනිදා වාද පිටියකදී අපුරු විග්‍රහයක් කලේය. පොදු අපේක්ෂතයාගේ තිබිය යුතු ගුණාංග ඉස්මතු කරමින් ඔහු සතු සූකර ඥානය මුලු රටටම හදුනා ගැනීමට සලස්වන ලදී.
පොදු අපේක්ෂකයා නිර්පාක්ෂික විය යුතුයයි ප්‍රකාශ කලේය. ඔහුට අනුව මේ ලෝකයේ තියෙන්නේ දේශපාලන පක්ෂ පමණකි. එම දේශපාන පක්ෂයක සාමාජිකයකු නොවන්නා නිර්පාක්ෂිකයෙකි. ලෝකයේ තවමත් දේශපාලන පක්ෂ නැති රාජ්‍යයයන් ගනනාවක් තිබේ. ඔහුගේ තර්කයට අනුව ඒවායේ ජීවත්වන සියලුදෙනාම නිර්පාක්ෂිකයින් විය යුතුය.
ස්වාභාව ධර්මයාට එහා ගිය කිසිදු නිර්මාණයක් මේ මුලුමහත් විශ්වයේම නැත. එම බලවේගය නිමයූ පලමු පක්ෂ දෙක වන්නේ; පුරුෂ පක්ෂය හා ස්ත්‍රී පක්ෂයයි. මෙම වර්ග දෙක ජීවත්වෙන සමාජයක නිර්පාක්ෂිකයකු විය හැක්කේ නපුංෂකයකුට පමණි. ඊට එහා ගිය සමාජය; ජාතීන් ගනනාවකට බෙදී පවතී. සිංහල දෙමල, මුස්ලිම්, මැලේ හා බර්ගර් වශයෙන් බෙදුන සමාජයක, පුරුෂ පක්ෂයේ සිංහලයකු නිර්පාක්ෂිකයකු නොවේ. තවද මෙම සමාජය කුල ගනනාවනට බෙදී පවතී. ඉන් නොනැවතී මෙම සමාජය ආගමික හා ඒවායෙහිද නිකායික ගනනාවකට බිදී ගොස් පවතී. 1948න් පසු පක්ෂ වශයෙන්ද බිදී ගොස් ඇත. එවන් සමාජයක් තුල එකද නිරපාක්ෂිකයකුද සිටිය නොහැක.
නූතන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සූකරයින්ට විකුණා කෑමට රටක් හිමි නොවූ බැවින්; රෝහණ විජේවීර සහෝදරයා ප්‍රමුඛ සහෝදරයින් ගොඩනැංවූ පක්ෂය විකුණාගෙන කෑම අපූරැවට සිදුකරමින් පවතී. ඒ අනුව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ඒ ජන්තයින්ට තමන් පක්ෂයට කරනු ලබන හානීන් වාර්තා කරමින් ඩොලර් උපයමින් සිටී. ඒ අනුව තම පක්ෂය ලබන සෑම පරාජයක්ම ඔවුනට ජයග්‍රහණයකි.
Saturday, November 28, 2009
Subscribe to:
Comments (Atom)