ජාත්‍යන්තර මානව හිමකම් හා ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව එක්ෂත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයකි. යම්කිසි රාජ්‍යයක් ජාත්‍යන්තර සංවිධානයක සාමාජිකත්වය ලබාගන්නේ; එම සංවිධානය හරහා එම රාජ්‍යයට යම් ප්‍රතිලාභයක් ලැබේයයි යන අපේක්ෂාවෙනි. ඒ යටතේ එම රාජ්‍යය පහත දැක්වෙන ප්‍රතිලාභ මූලික වශයෙන් අපේක්ෂා කරයි.
1. සාමාජික රටවල් දෙකක් අතරේ හටගන්නා යුධ ගැටුමකදී, මෙම සංවිධානය මැදිහත්වී සාධාරණ විසදුමක් ලබාදීම.
2. සාමාජික රටක් හා සාමාජික නොවන රටක් අතර හටගන්නා යුධ ගැටුමකදී කෙලින්ම තම සාමාජික රට වෙනුවෙන් පෙනී සිටීම.
3. සාමාජික රටකට විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකින් තර්ජන එල්ලවේ නම්, එම රට එම ත්‍රස්තවාදී සංවිධානයේ බලපෑම් වලින් මුදවා ගැනීමට උපකාර කිරීම.
4. සාමාජික රටක් එහි අභ්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් හේතුවෙන් පීඩාවට පත්ව ඇත්නම් එයින් මිදීමට උපකාර කිරීම.
යන කරුණු හතර සෑම සාමාජික රටක්ම තරයේ අපේක්ෂා කරයි.
ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රකාශයන්ට සාපේක්ෂව; අප රටතුල සිදුවූ යුද්ධය ඉහත දක්වන ලද 4 වන ගනයට අයත්වේ.
ඒ ප්‍රකාශයන්ට සාපේක්ෂව එහි සාමාජික රටක් එහි අභ්‍යන්තර ත්‍රස්තවාදය පරදවා ඇත. එම සාමාජික රටට එරෙහිව, එහි සාමාජිකත්වයක් නැති ත්‍රස්තවාදී ව්‍යාපාරය වෙනුවෙන් බටහිර රාජ්‍යයන් පෙනී සිටීම අපේ රටේ ජනතාව මවිතයට පත්කරවන ක්‍රියාදාමයක් බවට පත්ව ඇත. බටහිර හා අප යනු පැහැදිලි සංස්කෘතීන් දෙකක් තුල ජීවත්වන මිනිසුන් වෙමු. ඔවුන් හොදයයි දකින, සිතන, පතන හා කරන දේ, අප දකින්නේ, පහත් තුච්ඡ හා නින්දිත දේ වශයෙනි. ඔවුන්නට සාපේක්ෂව වෙනත් රටකට කඩා වැදී එරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් රකින විදිය ඔබම දැක ගන්න.
Monday, October 5, 2009
Subscribe to:
Comments (Atom)