Saturday, March 13, 2010

ජාතික මහා පිංකමක් කිරීමට ඉතිරිව තිබේ.

මේ රටේ ජාතික විමුක්ති ව්‍යාපාරය යනු ඉතා සංකීර්ණ ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරය මෙරට මිනිසුන්ව එම ව්‍යාපාරයේ අභිවෘර්දිය උදෙසා මෙහෙය වන්නේ විශ්මිත ආකාරයකටය. ඒ ඒ කාර්යයන් සදහා අප දැනුවත්ව හා අප නොදැනුවත්ව ඒ ඒ මිනිසුන්ව ස්ථාන ගත කරන ආකාරය සත්‍ය වශයෙන්ම ආකර්ෂණීයය. මේ ජාතික විමුක්ති ව්‍යාපාරය සෑම දේශපාලන පක්ෂයක් තුලටම තම නියෝජිතයකු රිංගවා ඇත්තේ විද්‍යාත්මක පදනමකට අනුවය. දෘෂ්‍යමාන මධ්‍යස්ථානයක් නැති ස්ථිර පුද්ගල නායකයත්වයක් නැති මෙම ව්‍යාපාරයට ඇත්තේ ස්තිර ධර්මතාවයක් පමණි.මෙම ව්‍යාපාරය සංවිධානාත්මක සතුරාට කිසිදා විනාශ කල නොහැක්කේද ඒ හේතුවෙණි

මේ වනවිට සතුරා පෙරමුණු ගනනාවකින් අපට එරෙහිව යුධ ප්‍රකාශ කර ඇත. අද වන විට අසන්නට ලැබුණේ GSP බදු සහනය අපේ මානව හිමිකමි වාර්තාව හොද නැති නිසා තාවකාලිකව නවතා දැමූ බවයි. යුරෝපා සංගමය මානව හිමිකම් හොදද නරකද සලකා බලන්නේ, එම රටේ ජීවත්වෙන මිනිසුන්, බොම්බ, මරාගෙන මැරෙන බෝම්බ හෝ ත්‍රස්තවාදී ක්‍රියා නිසා මැරෙන සංඛ්‍යාත්මක අගය මතය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මෙරට ත්‍රස්තවාදය විනාශ කලේය. මෙය වඩාත් තේරුම් සහගතව කියනවා නම් යුරෝපා සංගමය දැඩි වෙහෙසක් දරා ස්ථාපිත කල ත්‍රස්තවාදය විනාශ කලේය. එදා මාවෝ සේතුං සහෝදරයා, එදා යුරෝපය, චීනය තුල ව්‍යාප්ත කර තිබූ අබිං ජාවාරමට තිතක් තිබ්බා සේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද, මෙරට අහිංසක ද්‍රවිඩ ජාතිකයින්ට විනාශය උරුම කර දෙමින් යුරෝපා ජාතීක් කල ඒ අත්හදා බැලීමට තිතක් තබා මිනිසුන් ඝාතනය වන ප්‍රමාණය අවම කිරීම ඔවුන් දකින්නේ මානව හිමිකම් කඩකිරීමක් ලෙසය.

රටක මිනිසුන් ඝාතනය වන ප්‍රමාණය අවම කිරීම මානව අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් ලෙස දකින යුරෝපීය මනස ගැන අප පුදුම විය යුතු නැත. එය ඔවුන්ගේ සංස්කෘතියයි. අප්‍රිකාවේ,හා ලංකාවේ ඇත් පරපුර ඉතා පහත් ලෙස ඝාතනය කල, අප්‍රිකාණු කළු ජාතිකයින්, තිරිසන් සතුන්ටත් වඩා පහත් තත්වයකට ඇද දමා වහල් තත්වයට පත්කල, ද්‍රවිඩ ජාතිකයින් කුලී කාරයින්ගේ තත්වයට ඇද දමා ලෝකය පුරා විසුරුවා හල, අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලහේ සිට අපේ රටේ, මානව හිමිකම් සම්බන්ධව කථා කරන පිල්ලේ නෝනා සහ එම පරපුරට, මේ වනවිටත් Koolies යන අනවර්ත නාමයෙන් එරට කළු ජාතිකයින් හා සුද්දන් හාස්‍යයෙන් කථා කරන තත්වයකට පත්කල යුරෝපා ප්‍රජාව, අපට කරන මේ ගෝරනාඩුව, ගෞරවයක් වශයෙන් සලකන්න. අප නිවැරදිව කටයුත්ත කර ඇති බව GSP බදු සහනය අහෝසි කිරීම හරහා අපට සංඥාවක් ලැබී තිබේ.

එම කාර්යය කිරීමට යුරෝපීය සුද්දා විශාල කැප කිරීමක්ද කර තිබේ. ඔහු ලෝකයේ ඉහලම නිමාවකිනි යුත් ඇදුම් ඇදීම නවතා දැමීමට සූදානම්ව සිටී. කුමකටද? කුඩා ජාතියක් වූ ශ්‍රී ලාංකිකයාට දඩුවම් කිරීමටය. බලන්න අපට කොතරම් ආඩම්බරයක්ද?, මෙර‍ට ත්‍රස්තවාදය විනාශ කල අපට, එය මෙරට ස්ථාපිත කල ඒ යුරෝපා ප්‍රජාවගේ සුපිරි ඇදුම් ගලවන්නද අවස්ථාවක් ලැබීම, කොතරම් අභිමානවත් කාර්යයක්ද? මෙය සිදු කරන්නේ ස්වභාවයයි.

අපට Lifebouy පස් පාරක් දවසට ගාන්න කියමින්, Lifrbuoy ත්, දවසට උදේ හවස දත් මදින්න කියමින් Signal ලුත් තවත් අවශේෂ ද්‍රව්‍ය රාශියක් අපට විකුණමින් අපෙන් මුදල් උපයා ගනිමින්, එදා මිලදී මිලදී ගත් සුපිරි ඇදුම්, මින් ඉදිරියට උන් මිලදී ගන්නේ නැත. ඒ අපට දඩුවම් පමුණවන්නය. යුරෝපීය සුද්දාට විශාල වරදක් සිදුවී ඇත. මේ වනවිටත් ලෝක ආර්තික අර්බූදය හමුවේ විශාල පීඩනයක් මැද ගලායන ඔවුනගේ ආර්ථිකයට, ශ්‍රී ලංකාවේ දායකත්වය නවතා දැමීමට ශ්‍රී ලාංකිකයින් වන අප අදම තීරණය කරමු.

එදා ඉන්දීය ජනතාව සියලූම යූරෝපීය භාණ්ඩ වර්ජනය කර ඉන්දියාව තුලවූ යුරෝපා වෙළද පල කඩා දැමුවා සේ. මේ උද්ධච්ඡ සුද්දාට පාඩමක් ඉගැන්වීමට පෙල ගැසෙමු. ඒ සදහා අපට චන්ච දායක
පදනමින් 6,015,934 දේශප්‍රේමී ජනතාවක් සිටීම මහත් වාසනාවකි.

ජනතාවනි, ඔබට කලහැකි, ඔබ සහ අප කලයුතු මේ පූජණීය කර්තව්‍යයට අතගසන්න.

මාතෘ භූමියට ජයවේවා!