Thursday, December 31, 2009

ජනතා විමුක්ති පෙරමුණ සහ කේක් කෑල්ල

ජනතා විමුක්ති පෙරමුණ සහ කේක් කෑල්ල

ලෝකයේ ලොකුම පුදුමය මේ වනවිට ශ්‍රී ලංකාව තුල සිදුවේ. යා දෙක නොරත රත එකට පෑහෙන අතරම, හරක් මස් කඩ කාරයා හා හරකා එකට අත්වැල් බැදගෙන කාටදෝ විරුද්ධව සටන් වැදීම ආරම්භ කර ඇත.

හරකා, හරක්මස් කඩ කාරයා සමග සන්ධාන ගත වෙන්නේ කොහොමද? මොකටද?

එහෙම ප්‍රශ්න කරන කොට තොරොම්බල්කාරයකු ඇවිත්,

හා හා ඔය පරණ දේවල් තොරොම්බල් කරන්න එපා. ඇයි හරකුන්ට, හරක් මස් කඩ කාරයින් සමග සන්ධාන ගත වෙන්න බැරිද? තවත් ප්‍රශ්නයකින් උත්තර දෙයි.

පුළුවන් සහෝදරයා, පුළුවන්. කටවහගෙන මස් කඩේ කොක්කෙ එල්ලෙන්න සන්ධාන ගත වෙන්න පුළුවන්.

චා! චා! චා! එහෙම කියන්න එපා. මේ හරකට උනත් දැන් රටේ තත්වේ හොදටම තේරෙනවා; විධායක ජනාධිපති කම කොච්චර නරකද? ඒක ඉවත් කරන්නම ඕනි, ඒකයි මේ සන්ධානෙ හැදුවේ.

එතකොට කොයි හරකද ඔය විධායක ජනාධිපතිකම පටන් ගත්තේ?

එහෙම කථා කරන්න එපා. ඔය විධායක ජනාධිපතිකම ගෙනාවේ හරකෙක් නම් නෙමෙයි. හරක් මස් කඩ කාරයෙක්.

හරක් මස් කඩ කාරයෙක්! ඉතින් හරක් මස් කඩ කාරයකු අරන් ආපු විධායක ජනාධිපතිකමට, හරක් මස් කඩ කාරයකු විරුද්ධ වෙන්නෙ ඇයි? ඇරත් මේ අසරණ ගොනාවත් අල්ල ගෙන මොන මගුලක් කරනවාද?

තේරෙන්නේ නැද්ද? දැන් විධායක ජනාධිපති කම තියෙන්නේ උපාසක උන්නැහැ කෙනෙක් ගාව. ඒකයි ඒක අහෝසි කරන්න කියල අපි බල කරන්නේ.

ඉතින් මේ ගොනා මොනවා කරනවාද මෙතන?

මේ ගොනා තමයි; විධායක ජනාධිපතිකම ඉවත් කරන්න! ඉවත් කරන්න! කියමින් ඔය මතය සමාජගත කලේ.

ඉතින් මූට තේරෙන්නේ නැද්ද මේක ඉවත් කලත් නැතත්, මූට වැඩක් නැහැ කියල.

මේකනෙ අයියා, කොහොමත් මූව මරන්න ඉන්න එකා; අපි මූව අල්ලලා කරත්තෙ ගැට ගහල කරත්තේ දෙපැත්තේ
බැනර් දෙකක් බැන්දා "විධායක ජනාධිපති කම අහෝසි කරනු" කියලා. ඉතින් මූ රට පුරාම කරත්තේ ඇදගෙන ගියා.

ඉතින් ඊට පස්සෙ මොකද උනේ?

දැන් මිනිස්සුන්ගෙ හිතේ විධායක ජනාධිපති කම කියන්නේ මහා භයානක දෙයක් කියල! හැමෝම ඒකට හොදටම බයවෙලා. කොච්චර බය වෙලාද කිවිවොත් ජනාධිපතිකමට ඉදිරිපත් වෙන හැම කෙනෙක්ම කියනවා ඒක ඉවත් කරනවා කියලා.

දැන් ඉතින් ඕගොල්ලො මොනවද කරන්න යන්නේ?

දැන් ඉතින් අපිත් කරත්තෙටම නැ‍ගිලා මේ හරකත් එක්කම මේ ගමනම යනවා.

ඉතින් මෙච්චර කල් මූ මේ බර ඇද්දෙ තනියම; දැන් ඔගොල්ලොත් මේ කරත්තෙටම නැග්ගොත්, මූට බර වැඩිවෙලා, හති වැටිලම මැරිලා යාවිනේ?

මූ මැරෙන්න හිටියේ. ඉතින් අපියි මූව කරත්තෙ බැදල බේර ගත්තෙ, මේ කරත්තෙට අපි නැග්ගම මොකද වෙන්නෙ?

ඉතින් ඔය විධායක ජනාධිපතිකම තියාගෙන ඉන්න උපාසක තැන ඕක තියාගෙන මොනවද කරන්න යන්නෙ?

හරක් මසට තිත තියන්න යනවයි කියන්නේ? ඒකනේ අපි ඒක උදුර ගන්න බලන්නෙ.

ඉතින් බොලව්! මේ හරක, මොකද ඒකට විරැද්ධව වැඩ කරන්නේ? හොදයි කියන්න, ඕගොල්ලො ඔය විධායක ජනාධිපතිකම උපාසකගෙන් උදුර ගත්ත කියල; ඊලගට කරන වැඩේ මොකක්ද?

එහෙම උනොත් අපිට තවදුරටත් හරක් මස් වෙළදාම කරගෙන යන්න පුළුවන්; ඉතින් ඉස්සෙල්ලම මේ හරකව මරල මස් කඩේ එල්ලනවා.


Monday, December 28, 2009

ජනතා විමුක්ති පෙරමුණ දකින දූෂිතම රජය

ජනතා විමුක්ති පෙරමුණ දකින දූෂිතම රජය
ශ්‍රී ලංකාවේ බිහිවූ දූෂිතම රජය, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය උසුලන මේ පවතින රජය බව වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ මේ රට පුරා ප්‍රචාරය කරමින් සිටී. මෙතෙක් කල් අප සිතා සිටියේ අපගේ ජීවිත කාලය තුලදී අප දුටු හොදම රජය අද පවතින රජය ලෙසයි. සමහර විට අපට වැරදිලා විය හැක. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන නිසාම, ඒ පක්ෂයේ ක්‍රියාකාරිත්වය හා සම්පාතව සත්‍යය සොයා අපි යමු.

ජනතා විමුක්ති පෙරමුණේ උපත 1965දී සිදුවිය. අපි එතනින් පටන් ගනිමු.

1965-1970 රජය හා ජනතා විමුක්ති පෙරමුණ.
1969 දී රෝහණ විජේවීර මහතා හා එවකට පොරමඩුල්ල මධ්‍යම මහා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයකු වූ සිරිවර්ධන මහතා අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.

1970-1977 රජය හා ජනතා විමුක්ති පෙරමුණ.
1971 අප්‍රේල් සංහාරය ආරම්භ කර තරුණ තරුණියන් 10,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී. 30,000 කට ආසන්න සංඛ්‍යාවක් වද බන්ධන යටතේ සිරගත කරන ලදී.

1977-1994 දක්වා වූ රජය හා ජනතා විමුක්ති පෙරමුණ.
ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී. 60,000කට අධික සංඛ්‍යාවක් තරුන තරැණියන් සමූලඝාතනය කර දමන ලදී. ඔවුනගේ සියලූම නායකයින් ඝාතනය කර දමන ලදී.

1994-1999 දක්වා වූ රජය හා ජනතා විමුක්ති පෙරමුණ.
දේශපාලන කටයුතු කරගෙන යාමට විශේෂිත බාධාවන් සිදු නොවීය.

1999-2005 දක්වා වූ රජයන් හා ජනතා විමුක්ති පෙරමුණ.

දේශපාලන කටයුතු කරගෙන යාමට විශේෂිත බාධාවක් සිදු නොවීය.
2004 රජය තුල ආමාත්‍යය ධූරයන්ද දරන ලදී.

2005 සිට මේ දක්වා වූ රජය.
ජනාධිපතිතුමා කීපවරක්ම ජනතා විමුක්ති පෙරමුණට රජයට සමිබන්ධවී අමාත්‍ය ධූර ලබාගෙන රටට සේවය කිරීමට ආරාධනා කලද ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. දේශපාලන කටයුතු කිරීමට විශේෂිත බාධාවක් සිදු කර නැත.

මේ අනුව පොදු සාධකය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය යන්න ලෙස සැලකුව හොත් දූෂිතම රජය ලෙස හැදින්වෙන්නේ;
ජනතා විමුක්ති පෙරමුණට රජයට සමිබන්ධවී අමාත්‍ය ධූර ලබාගෙන රටට සේවය කිරීමට ආරාධනා කල වර්තමාන රජයයි.

එම නිසා අප වෙනත් පොදු සාධකයක් ගනිමු. රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම යන්න ආදේශ කර බලමු.

1965-1970 රජය හා රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම
මෙම වකවානුව තුලදී විශේෂිතව, ප්‍රතිපත්තියක් ලෙස මෙවැනි ක්‍රියාකාරකම් සිදු නොවීය.

1970-1977 රජය හා රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත් ක්‍රියා මාර්ගය.
මෙම වකවානුවේදී රාජ්‍ය අංශය ශක්තිමත් කරන ලදී.

1977-1994 දක්වා වූ රජය රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත් ක්‍රියා මාර්ගය.
මෙම රජයේ ප්‍රතිපත්තිය වූයේ රාජ්‍ය දේපල පෞද්ගලික කරණය කිරීමයි.

1994- 2005 දකවා වූ
රජයන් රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත් ක්‍රියා මාර්ගය.
මෙම රජයේ ප්‍රතිපත්තිය වූයේ රාජ්‍ය දේපල පෞද්ගලික කරණය කිරීමයි.
2005 සිට මේ දක්වා වූ රජය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත් ක්‍රියා මාර්ගය.

මෙම රජය සම්පූර්ණයෙන්ම රාජ්‍ය දේපල පෞද්ගලික කරණය කරණවාට එරෙහිවූ රජයකි.
(අ) මෙම රජය ආරම්භයේ සිටම ගරා වැටී තිබුණ ලංකා ගමනා ගමන මණඩලය නගා සිටවන ලදී.
(ආ) දුම්රිය සේවාව පණ ගන්වමින් සිටී.
(ඇ) රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරා ගන්නා ලදී.
(ඈ) ස. තො. ස. යලි පිහිටුවා පණ ගන්වමින් සිටී.

මේ අනුව පොදු සාධකය
රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම යන්න ආදේශකර සැලකුව හොත් ජනතා විමුක්ති පෙරමුණ දූෂිතම රජය ලෙස හදුන්වන්නේ;ඉහත සදහන් මහා වටිනා කාර්ය භාරයන් රාශියක් කල මේ රජයටය.

මෙයද විය නොහැක්කකි. එබැවින් කොටි සංවිධානය හා සටන් වැදීම පොදු සාධකය ලෙස ගෙන මේ රජය කල දූෂණය සොයා ගන්නට වෙර දරමු.
මේ අනුව,

1965-1970 රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම
මෙම වකවානුව තුලදී මෙවැනි ක්‍රියාකාරකම් සිදු නොවීය.

1970-1977 රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම
මෙම වකවානුවේදී ප්‍රබල කොටි ක්‍රියාකාරකම් සිදු නොවීය.

1977-1994 දක්වා වූ රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම.
මෙම රජයේ ප්‍රතිපත්තිය වූයේ කොටි සංවිධානය විනාශ කල යුතුය යන්නයි. නමුත් ඉන්දියාව ඒ සදහා ඉඩක් නොතබන ලදී.

1994- 2005 දකවා වූ
රජයන් හා කොටි සංවිධානය හා සටන් වැදීම.
මෙම රජයන්ගේ ප්‍රතිපත්තිය වූයේ කොටි සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමයි..
2005 සිට මේ දක්වා වූ රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම.
සටන් කර කොටි සංවිධානයේ සන්නද්ධ අංශය මෙරට තුල පරාජය කරන ලදී.

මේ අනුව පොදු සාධකය කොටි සංවිධානය හා සටන් වැදීම. යන්න ආදේශකර සැලකුව හොත් ජනතා විමුක්ති පෙරමුණ දූෂිතම රජය ලෙස හදුන්වන්නේ;ඉහත සදහන් වසර 30 කට අධික කාලයක් මෙරට ජනතාව පෙලූ කාර්ය භාරයන් සාර්ථකව නිම කල මේ රජයටය.
එබැවින් අපි බලන දෘෂ්ඨියෙන් ඔවුන් කියන දේ වටහා ගැනීම ඉතා අපහසුය. අපි අපේ දේශපාලන ඉතිහාසය ගවේශණය කොට මොවුන් කියන දූෂණය කුමක්දැයි සොයා බලමු.

(අ) 1956 බලයට පත් බණ්ඩාරනායක මහතා වරාය ජනසතු කරන අවස්ථාවේදී එතුමා දූෂිත රාජ්‍ය පාලකයකු බව වරාය හිමිව සිටි සමාගම් වල පාලකයින් පලකලහ.
(ආ) බස් ජනසතු කල අවස්ථාවේදී බස් මුදලාලිලා එතුමාට එසේ චෝදනා කලහ.
(ඇ) 1960 බලයට පත් සිරිමා බණ්ඩාරණායක මහත්මිය, සැමට සම අධ්‍යාපනයක් දීමේ අරමුණින් පාසල් රජයට පවරා ගන්නා අවස්ථවේදී ඒ පාසල් හිමිව සිටි සමහරක් ආයතන ප්‍රධානීන් ඇය දූෂිත කාන්තාවක් බව ප්‍රකාශ කලහ.
(ඈ) එතුමිය තෙල් සමාගම් ජනසතු කල අවස්ථාවේදී මුලු බටහිර ලෝකයම එම චෝදනාවට අමතරව මෙරටට ආර්ථික සම්බාධකද පැන වූවාය. ඒ අනුව අමෙරිකානු පාන් පිටි මෙ රටට එවීම නතර කර දැමූහ. තවද පාසල් දරැවන්ට ලබාදුන් කිරි ලබාදීමද නවතා දමන ලදී.
(ඉ)
1970 බලයට පත් සිරිමා බණ්ඩාරණායක මහත්මිය, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ තමාගේ ඉඩම් ඇතුලුව ඉඩම් අක්කර ලක්ෂ ගනනක් රජයට පවරා ගත් අවස්ථාවේද ඇයගේ රජය දූෂිත රජයක් බව පතල කලහ.

මෙම ‍ඉතිහාස ගත කරුණු අපට උදව් කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ රජයට දූෂිත රජයක් යයි පවසන්නේ කුමන දෘෂ්ඨි කෝණයෙන්ද කියා.

බටහිර අධිරාජ්‍යවාදී සතුරා, එක්සත් ජාතික පක්ෂය හා කොටි සංවිධානය එසේ පවසන වරක් පාසා මේ රජයේ නිවෑරදි භාවය තීව්‍රව පෙනෙන අතර, ජනතා විමුක්ති පෙරමුණ එම චෝදනාව පවසන වරක් පාසා මෙතෙක් කල් ජනතාව අතර සිටි ගෝනි බිල්ලා නිරාවරණය කරයි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.



Thursday, December 17, 2009

අනුර කුමාර දිසානායකගේ නිර්පක්ෂියා ඉගිලෙයි.
ජ. වි. පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා රටට හදුන්වා දුන් නිර්පක්ෂියා ගුවනට මුදාහැර ඇත. තමන් කන බත් පතේ පවා දේශපාලනයක් ඇති බවත්; දේශපාලනයක් නැති කිසිවක් ලොව නැතැයි රටට පුන පුනා ප්‍රකාශ කල එම මහතාගේ නවතම සොයා ගැනීම කිසිදු දේශපාලනයක් නැති මේ නිර්පක්ෂියායි. ශ්‍රී ලංකාවේ කුප්ප්‍රකටම බටහිර තානාපති කාර්යාලයේ දේශපාලන අංශය තුල නිර්මාණය කරන ලද මේ අපූරු පක්ෂියාට නිර්මාණිත අවස්ථාවේදී වර්ණයක් තිබුණේම නැත. ඒ නිසා අනුර කුමාර දිසානායක මහතා මහත් උද්දාමයට පත්ව සිටියහ. පියාසර කරන්නට ගත් මේ නිර්පාක්ෂියාගේ අවර්ණිත ආලේපය ක්‍රම ක්‍රමයෙන් ඉවත්ව ගොස් දැන්, කොල පාට පියාපත් සහිත රතුපාට හොටකින් යුත් වර්ණවත් පක්ෂියකු දිස්වේ. දැන් අපට මේ පක්ෂියා ගිරවෙකු බව පැහැදිලිව පෙනේ. මුලු රට පුරා සැරිසරණ මේ පක්ෂියා දැන් ක්‍රම ක්‍රමයෙන් කථා කරන්නට පටන්ගෙන ඇත. මද පමණින් මත්පැන් භාවිතා කලයුතු බව නිර්පක්ෂියා ප්‍රකාශ කලහ. ආරම්භයේ පටන් අමද්‍යප දේශපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණ දැන් මද පමණින් මත්පැන් ගන්නා; මතට තිත තැබීමට එරෙහිවූ ව්‍යාපාරයකි. ඒ අනුව අංක එකේ සතුරා අධිරාජ්‍යවාදය නොව; මතට තිත තබන මහින්ද රාජපක්ෂ බව ඔවුන් හදුනා ගෙන ඇත.
උද්දාමයෙන් ඔබ මොබ සැරිසරන නිර්පක්ෂියා තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය එක්සත් ජාතික පක්ෂයේ විවෘත ආර්ථික පිලිවෙත බව පැවසීය. ඒ සමගම ජ. වි. පෙ. ප්‍රතිපත්තිය බවට පත්වූයේ, මදක් මත්පැන් බොන, විවෘත ආර්ථික පිලිවෙතයි.
සැබෑ ලෙස මේ යුද්ධයට නායකත්වය දුන් රණවිරුවා මේ නිර්පක්ෂියා බව ජ. වි. පෙ. මොරදුන්හ. අපටද ඒ සම්බන්ධව කිසිදු ගැටලුවක් නොතිබිණ. හදිසියේ අවදි වූ නිර්පාක්ෂිකයා යුද්ධයේදී භාර වූ කොටිනායකයින් මරා දැමීමට අණ දුන්නේ තමා නොව ගෝඨාභය රාජපක්ෂ බව ප්‍රකාශ කලහ. අප විශ්මයට පත්විය; හමුදාපති තුමා කලයුතු වූ කාර්යය භාරය කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ බව අපට දැන් පැහැදිලිය. නිර්පක්ෂියා රට වටා සැරිසරමින් සිටී. තව තව සුන්දර වූ වදන් පවසමින් අපව කුල්මත් කරවනු ඇත. කොලපාට වූ පියාපත් හා රතුපාට වූ හොට ක්‍රම ක්‍රමයෙන් විකශණය වී මැතිවරණය නිමා වන විට රෞද්‍ර උකුස්සෙකු අපට දැක ගත හැකිවනු ඇත. අනුර කුමාර දිසානායකගේ සැබෑ නිර්පක්ෂියා මූ වන අතර නිසි කලට මූ හදුනාගෙන විනාශ කර දැමීමට මෙරට ජනතාව සූදානම් විය යුතු කාලය එළඹ තිබේ.

Thursday, December 10, 2009

මාධ්‍ය සාකච්ඡාවක්

ප්‍රශ්නය: මහත්මයාණෙනි, ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණයට ඇත්තේ ඉතාමත් කෙටි කාලයක්, මේ මැතිවරණය හා බැදුන ගැටලු රාශියක් රට පුරා පැන නැගී තියෙනවා, මේ ගැටලු වලට පැහැදිලිව පිලිතුරු දිය හැකි අයෙකු අද ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන පක්ෂයෙන් සොයා ගැනීම අසීරු කරුණක්, එකම ප්‍රශ්නයට එක එක නියෝජිතයින් විවිධ පිලිතුරු සපයනවා, මෙය මාධ්‍යවේදීන්ට මහත් අපහසුවක්, ඒ නිසයි අප ඔබ හමුවට පැමිණියේ.
මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට සහය දීමට තීරණය කර හමාරයි; ඔබ මේ තීරණය සම්බන්ධව දරන ආකල්පය කුමක්ද?

පිලිතුර: මේ සමාජය මහා සංකීර්ණ සමාජයක්; මේ සමාජය තුල පවතින වැදගත්ම ඒකකය මිනිසායි. අපට පෙනෙන මිනිසා අප කිසිවෙකුත් නොදකින මනස හා බද්ධවයි පවතින්නේ; මනස තුල අප කිසිවෙකුත් නොදකින මිනිසුන් රාශියක් ජීවත් වෙනවා ඔවුන් අතරත් නිරන්තර අරගල සිදුවෙනවා; විටෙක මිනිසා තුල ජීවත්වෙන සත්‍ය ගරුක මිනිහා ජය ගන්න අතර විටෙක ඔහු තුල ජීවත්වන කපටියාට පුලුවන් වෙනවා, ඔහු තුල ජීවත්වෙන යුක්ති ගරුක මිනිසාව විනාශ කරන්න; මේ වනවිට සිදුව ඇත්තේ ජනතා විමුක්ති ‍පෙරමුණහි දේශපාලන මණ්ඩල සභිකයින්ගේ මනස් තුල ජීවත්වූ සැබෑ යුක්ති ගරුක මිනිසාව විනාශ කර දමා තිබීමයි. ඒ නිසා එම පක්ෂය සෘජුවම සරත් ෆොන්සේකා මහතාට සහය පලකිරීමට තීරණය කරල තියෙනවා. මෙය ජනතා විමුක්ති පෙරමුණේ උපතට හේතුවූ බීජයට එරෙහිව ගත් තීරණයක්.

ප්‍රශ්නය: ජනතා විමුක්ති පෙරමුණ කාලාන්තරයක් මුලුල්ලේ මේ රටේ විධායක ජනාධිපති ධූරය ඉවත් කරවා ගැනීමට අඛණ්ඩව අරගලයක් දියත් කල පක්ෂයක්; එම අරගලය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හරහා ජය ගැනීම ඔවුනගේ අරමුණ බව ඔවුන් කියා සිටිනවා; ඒ සම්බන්ධව ඔබ දරන්නේ කුමන අදහසක්ද?

පිලිතුර: ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ විධායක ජනාධිපති කම ඉවත් කරවා ගැනීම උදෙසා බිහිකල පක්ෂයක් නම් නොවේ. විධායක ජනාධිපති කියන්නේ, සියලූම බලතල හිමි රාජ්‍ය නායක ධූරයක්. ඒ ජනාධිපතිතුමා, හමුදාපති සතු සියලුම බලතල ඔහුට ලබාදුන් නිසා යුද්ධය ජයග්‍රහණය කල බව ඔබ මනාව දන්නවා; කප්පාදු කල පදවියක් ගන්න මේ ලෝකයේ කිසිම පුද්ගලයකු කැමති නැහැ. අපි සැබෑ ලෙසම අපේක්ෂා කරන්නේ තමන් දරන තනතුරට හිමි බලතල අනිවාර්යෙන් හිමිවිය යුතු බවයි.

ප්‍රශ්නය: ඔබ ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපති ධූරයට විරුද්ධ නැද්ද?

පිලිතුර: ඔය ප්‍රශ්නයට පිලිතුර, 1982 ජනාධිපතිවරණයේදී පැහැදිලිවම අප ප්‍රකාශ කලා. එදා අප බලය ඉල්ලුවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න නම් නොවේ. ඒ ජනාධිපති බලතල උපයෝගී කරගෙන මෙරට තුල නව සමාජ සංස්කෘතියක් ගොඩනංවන්නයි.

ප්‍රශ්නය: ඔබට 1982 ජනාධිපතිවරණයේදී, කිරීමට අවශ්‍ය නොවූ දෙයක්; රටේ අංක එකේ ප්‍රශ්නය ලෙස හුවා දැක්වීමට වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ ඇයි?

පිලිතුර: මේ රටේ
මූලික වශයෙන් ජන බල ඇණි නවයක් තියෙනවා. ඒවා පිලිවෙලින්; භික්ෂූන් වහන්සේලා, වෛද්‍ය පරම් පරාව, ගුරු පරපුර, බුද්ධිමතුන්, ආරක්ෂක හමුදාවන්, ගොවියන්, කම්කරුවන්, රැකියා විරහිත තරුණ පරම්පරාව හා ශිෂ්‍යයින් වශයෙන් නම් කරන්න පුලුවන්.
මේ කාගේ කුමන ප්‍රශ්නය විසදන්නද විධායක ජනාධිපති ධූරය හරස් වෙලා තියෙන්නේ? ඇත්ත වශයෙන් එහෙම ගැටලුවක් ඇතිවෙලාම නැහැ.
සැබෑ ලෙසම මේ ප්‍රශ්නය යම් තරමකින්වත් කථා කිරීමට කාලය මිඩංගු කල යුතු කරැණක් නම් නොවේ. නමුත් මේ ප්‍රශ්නය අද දේශපාලන ‍පිටියේ මහා විශාල ආන්දෝලනාත්මක පෙරලියක් කරන අබිං කන්දරාවක් බවට පත්කර හමාරයි. ඒ නිසා මටත් අනිවාර්යෙන්ම සිද්ධවෙනවා මේ සම්බන්ධව ජනතාවට සැබෑ තත්වය හෙලිකරන්න.
සියලූම ජන බලමුළු වලට ඇත්තේ ඔවුනට ආවේනික වූ ගැටලු මිස, විධායක ජනාධිපති ධූරය නිසා ඔවුනට සිදුවූ ඇබැද්දි නම් නොවේ.

දැන් ඔබම සිතා බලන්න මෙරට භික්ෂුන්වහන්සේලාට විධායක ජනාධිපතිකම නිසා වී ඇති හානිය කුමක්ද?
මෙහි භයානක කම පුන පුනා ඉදිරිපත් කරන දේශපාලනඥයින්ට සිද්ධ වෙනවා මේ ප්‍රශ්නයට පිලිතුර සදහා වෙනත් කිසිදු රජයන්ගෙන් සිදු නොවූ මහා විනාශකාරී ක්‍රියාවක් සොයා ඉතිහාසය සමීක්ෂණය කරන්න. ඒ අයට කිසිදු කරුණක් සොයා ගන්න ලැබෙන්නේ නැහැ.
1966 ජනවාරි මාසේ 8වෙනිදා කොල්ලුපිටියේ ගාලුපාර මත වාඩිවී සිටි මහා සගරුවන මතින් වාහන පදවාගෙන ගොස් වෙඩිතබා මරා දැමූයේ විධායක ජනාධිපති බලතල ඇති රජයක් නොවන අතර, ඊට එහා ගිය අපරාධයක් මේ විධායක ජනාධිපතිකම කියන සීමාව අතර අපට සොයාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.
දැන් අපි බලමු මෙරට අනිකුත් ජනබලමුළු වලට මේ විධායක ජනාධිපති ධූරය නිසා සිදුවී ඇති හානිය කුමක්ද කියල, ඒ සදහාත් වෙනත් කිසිදු රජයකින් නොකල හානියක් මේ බලතල සහිතවූ රජයකින් වූවායයි නිෂ්චිතවම කියන්න බැහැ.
මේ රටේ ජීවත්වෙන ජනතාවගේ වෘත්තීන්ට සැබෑ ලෙසම බල නොපාන කරුණක්, මේ රටේ ජනතාවට බලපෑ ත්‍රස්තවාදී ගැටලුවට හා සමාන තත්වයකට ඉස්මතු කිරීමට හැකිවූයේ කෙසේද?
ජනතා විමුක්ති පෙරමුණට රිංගා ගත් අධිරාජ්‍යවාදී හෙන්චයියන්, වසර ගනනක් අඛණ්ඩව දිව්‍ය මන්තරයක් සේ මේ මැතිරීම හේතුවෙන් ජනතාව හා සියලූම ජනමාධ්‍යයන් දේශපාලන අන්ධයින් බවට පත් කිරීමට මෙම පෙරමුණට හැකිවුණා.

මේ නිසා සැබෑ ලෙසම රටේ මිනිසුන්ට බලපාන ප්‍රශ්න ගැන සමාජය තුල විය යුතුවූ සංවාදය අඩාලවීම මේ හරහා සිදුවුණා. මේ සම්බන්ධව පැහැදිලිවම මොවුන් ජනතාවට වගකිව යුතුයි.

ප්‍රශ්නය: සොරකම හා දූෂණය; පවතින රජය තුල අරක්ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා ඒ සම්බන්ධව ඔබ දරන මතය පැහැදිලි කරන්න.

පිලිතුර: මේ පවතින්නේ ධනවාදී සමාජයක්; ධනවාදය යටතේ සොරකම හා වංචාව අනිවාර්ය අංගයක්; ඒ අනුව පවතින සෑම රජයක් තුලම, මෙය අඩු වැඩි වශයෙන් පවතිනවා. මෙය සැබෑ ලෙසම නතර කලයුතු අංගයක් නමුත් අවුරුදු 30ක යුද්ධය අවුරුදු තුනහමාරක් වැනි කෙටි කලෙකින් නිම කිරීම හරහා මෙම රජය සුවිශෙෂී රජයක් බව ජනතාවට ඔප්පු කර තිබෙනවා. ඒ පමණක් නොවෙයි මහින්ද රාජපක්ෂ මහතා මේ ඉටුකර ඇත්තේ සිය ආත්මීය කාර්යය භාරයයි, 1505 දී ඇරඹි බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි වූ සටන පරපුරින් පරපුරට ගලා ගෙනවිත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුලදී ජයග්‍රහයී ඉලක්කයක් පසුකරමිනුයි සිටින්නේ; ඒ අනුව අවුරුදු 504 කාල පරාසයක් තුල බිහිවූ විශිෂ්ඨතම නායකයා ඔහු බව සදහන් කල යුතුමයි.

ප්‍රශ්නය: මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල මෙරට අංක එකේ සතුරාය යන අරුතින් දේශපාලන සංවාද හා පුවත් පත් සාකච්ඡා වලදී මත පලකරනවා ඒ සම්බන්ධව ඔබේ මතය කුමක්ද?

පිලිතුර: අපි තනි පුද්ගලයකු හෝ තනි පවුලක් සතුරු බලවේගයක් වශයෙන් සලකන්නේ නැහැ. ඇත්තටම තනි පුද්ගලයකු හෝ පවුලක් සමාජ බලවේගයක් නම්; අපිට කොච්චර පහසුද සමාජ ක්‍රමය වෙනස් කරන්න. විශේෂයෙන් මාක්ස්වාදී දේශපාලන ක්‍රියාකාරිත්වය තුලදී පුද්ගලයකු හෝ පවුලක් බලවේගයක් වශයෙන් සැලකිය නොහැකියි.

ප්‍රශ්නය: වර්තමාන දේශපාලන පිටියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල, මෙම රට සූරා කණු ලබන පවුල බවට නම් කර හමාරයි. එම පවුල බලයෙන් පහකිරීම හරහා මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ආ හැකි යයි ප්‍රකාශ කරනවා.

පිලිතුර: හොදයි කවුද මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගෙන ආවේ?
ඒ ජනතා විමුක්ති පෙරමුණයි. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරන ආකාරයට එතුමා දූෂිතයෙකු නම්, පවුල් වාදියකු නම්, දූෂිත සහෝදර සමාගමක් නඩත්තු කරන්නෙකු නම් ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනි ජනතා විමුක්ති පෙරමුණයි. පලමුව ඒ සම්බන්ධව ජනතාව ඉදිරියට විත් ජනතාවගෙන් සමාව ගන්න ඕනි.
මේ වනතෙක් එවැන්නක් සිදුකොට නැහැ. එසේ ජාතියෙන් සමාව අයදින්නේ නැතිව තවත් අපේක්ෂකයකුට සහය දෙන්නයයි කියන්න එම පෙරමුණට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ.
පවුල්වාදය ගැන කියන කොට අපේ සිහියට නැගෙන රටක් තමයි උතුරු කොරියාව. සීයා විමුක්ති සටන්හි පෙරමුණ ගෙන, ඊට පසු තාත්තා විමුක්ති සටන ජයගෙන, අද පුතාත් අඛණ්ඩවම සිය පාලනය ගෙන යනවා.
සහෝදර සමාගම වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ; මහින්ද රාජපක්ෂ සහෝදරයින් හරහා නම්, ඔවුන් විසින් නියත වශයෙන්ම කියුබානු කස්ත්‍රෝ සොහොයුරන්ටත් එම අවලාදයම භාවිත කරන බව වටහා ගන්න. ඇමරිකාව කියුබාව උදෙසා බාවිතා කල පිලිණුවුන අවලාදය ජනතා විමුක්ති පෙරමුණට මේ අවස්ථාවේදී හිමිව තිබෙන බව පමණක් කිව හැකියි.
ශ්‍රී ලංකාවේ සුපිරි සහෝදර සමාගම බිහිකිරීමට වෙර දෑරුවේ අපයි. අපේ පක්ෂයේ සිටි හැම අයෙක්ම සැබෑ සහෝදරයකු සේ සැලකුවේ අපයි. සහෝදරකම උත්තරීතර පදවියක් ලෙස දුටුවේ අපයි. සහෝදරකම උත්තරීතර පදවියක් ලෙස හදුනාගෙන, හැම අයෙක්ම ලේ නෑකම ඇති සහෝදරයින්සේ එකට බද්ධවීමට වෙරදැරූ පක්ෂයක නායකයින් සහෝදරකමට ගරහන ආකාරය අපුරුයි.
ඔබලාට මේ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන මහත්වරු කවුදැයි මනාව වටහා ගන්න, එක කරුණක් පෙන්වා දෙන්නම්. මේ මහත්වරුන්ට අනුව, මේ රටේ විනාශයට ඒකායන හේතුව රාජපක්ෂ සහෝදර සමාගම නම්, එදා පිත්තල හන්දියේ බෝම්බයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත්; බදුල්ලේදී මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන අටවා තිබූ බෝම්බයත් නිසි ලෙස ඉලක්ක ගතවූයේ නම් මේ රට ගලවා ගන්න තිබුණා යයි ඔවුන් පැහැදිලිවම කියා සිටින බව වටහා ගන්න.

ප්‍රශනය: මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සරත් ෆොන්සේකා මහතා සැබෑ ලෙසම යුධ පෙරමුණේදී විශ්කම් පෑ රණ විරුවෙක්. ඔහු සම්බන්ධව ඔබ දකින්නේ කුමන ආකාරයකටද?

පිලිතුර: පසුගිය යුද්ධයේදී රජයේ පාර්ශවයෙන් භාවිතා කල සුපිරි බර අවියක්; යුද්ධය නිමාවීමත් සමග ග්‍රීස් තවරා ගබඩාවේ තැන්පත් කර ඇති ආකාරය දුටු බෙදුම්වාදී ජාවාරම් කරුවන් පිරිසක් එය ලබාගෙන කැබලි වලට ගලවා පරණ යකඩ වලට විකුණා ඇති බවක් දිස්වෙනවා.

"අප සමග සම්බන්ධ වෙලා ඔබ‍ගේ කාලය මිඩංගු කලාට ඔබතුමාට බොහෝම ස්තුථියි"







Saturday, November 28, 2009

ජනතා විමුක්ති පෙරමුණේ සූකර දේශපාලනය

ඕවල්ගේ ගොවිපලේ පෙරලියේ අවසාන භාගය; ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ මනාව රග දැක්වෙමින් පවතී. ශ්‍රී ලංකා දේශපාලන භූමියේ කිසිදා දක්නට නොසිටි ; දේශපාලන සූකරයින් රතු ඇදුමින් සැරසී; කොළපාට මිනිසුන් සමග එකතුව මහා පරිමානයේ තවත් මිනීමස් ජාවාරමකට අරඅදිමින් සිටී. කිසිදු ගෞරවණීය භාවයක් නැති මේ සූකර නඩය මින් ඉදිරියට මෙරට ජනතාවගෙන් කිසිදු ගෞරවයකට පාත්‍ර නොවන ආකාරයකට සමාජය සකස් කිරීම යුගය විසින් අපට පවරා ඇති කාර්යය භාරයයි. 1965 සිට එවකට මෙරට වාමාංශිකයයි කියාගත් දේශපාලඥයින් උදෙසා රෝහණ විජේවීර සහෝදරයා විසින් භාවිතා කල වාග් මාලාවම වර්තමාන වාමාංශික සූකර පෝතකයින් උදෙසා භාවිතා කිරීමට ඔවුනගේ නග්න ක්‍රියාකාරිත්වය අපට යලි යලිත් බලකරවයි.

සූකර පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක නොවන නමුත් බොහෝවිට ප්‍රකාශ නිකුත් අයෙකු නොවැම්බර් 25 වෙනිදා වාද පිටියකදී අපුරු විග්‍රහයක් කලේය. පොදු අපේක්ෂතයාගේ තිබිය යුතු ගුණාංග ඉස්මතු කරමින් ඔහු සතු සූකර ඥානය මුලු රටටම හදුනා ගැනීමට සලස්වන ලදී.

පොදු අපේක්ෂකයා නිර්පාක්ෂික විය යුතුයයි ප්‍රකාශ කලේය. ඔහුට අනුව මේ ලෝකයේ තියෙන්නේ දේශපාලන පක්ෂ පමණකි. එම දේශපාන පක්ෂයක සාමාජිකයකු නොවන්නා නිර්පාක්ෂිකයෙකි. ලෝකයේ තවමත් දේශපාලන පක්ෂ නැති රාජ්‍යයයන් ගනනාවක් තිබේ. ඔහුගේ තර්කයට අනුව ඒවායේ ජීවත්වන සියලුදෙනාම නිර්පාක්ෂිකයින් විය යුතුය.

ස්වාභාව ධර්මයාට එහා ගිය කිසිදු නිර්මාණයක් මේ මුලුමහත් විශ්වයේම නැත. එම බලවේගය නිමයූ පලමු පක්ෂ දෙක වන්නේ; පුරුෂ පක්ෂය හා ස්ත්‍රී පක්ෂයයි. මෙම වර්ග දෙක ජීවත්වෙන සමාජයක නිර්පාක්ෂිකයකු විය හැක්කේ නපුංෂකයකුට පමණි. ඊට එහා ගිය සමාජය; ජාතීන් ගනනාවකට බෙදී පවතී. සිංහල දෙමල, මුස්ලිම්, මැලේ හා බර්ගර් වශයෙන් බෙදුන සමාජයක, පුරුෂ පක්ෂයේ සිංහලයකු නිර්පාක්ෂිකයකු නොවේ. තවද මෙම සමාජය කුල ගනනාවනට බෙදී පවතී. ඉන් නොනැවතී මෙම සමාජය ආගමික හා ඒවායෙහිද නිකායික ගනනාවකට බිදී ගොස් පවතී. 1948න් පසු පක්ෂ වශයෙන්ද බිදී ගොස් ඇත. එවන් සමාජයක් තුල එකද නිරපාක්ෂිකයකුද සිටිය නොහැක.
නූතන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සූකරයින්ට විකුණා කෑමට රටක් හිමි නොවූ බැවින්; රෝහණ විජේවීර සහෝදරයා ප්‍රමුඛ සහෝදරයින් ගොඩනැංවූ පක්ෂය විකුණාගෙන කෑම අපූරැවට සිදුකරමින් පවතී. ඒ අනුව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ඒ ජන්තයින්ට තමන් පක්ෂයට කරනු ලබන හානීන් වාර්තා කරමින් ඩොලර් උපයමින් සිටී. ඒ අනුව තම පක්ෂය ලබන සෑම පරාජයක්ම ඔවුනට ජයග්‍රහණයකි.

Tuesday, October 20, 2009

අමුතු ප්‍රහ්නයක්

මේ දිනවල විවිධ මාධ්‍යයන් හරහා අමුතුම ආකාරයේ ප්‍රශ්නයක් සමාජගත වෙමින් පවතී. ප්‍රශ්නය වන්නේ "යුද්ධය අවසන් වූ පසු ජනතාවට යම් සහනයක් ලැබේවි කියා කවුරුත් හිතුවා; නමුත් මේ රජයෙන් එවැනි සහන බලාපොරොත්තු විය නොහැකියි කියා යම් මතයක් ගොඩනැගෙමින් තිබෙනවා?"
හොදින් මේ ප්‍රශ්නය දෙස බලන්න! ජනතාව බලාපොරොත්තු වී ඇත්තේ යම් සහනයක්. ඉන් ගම්‍ය වන්නේ, ජනතාව බලාපොරොත්තු වී ඇත්තේ මොකක් හරි සුලු සහනයක් බවත්, නමුත් මෙම රජය එවැනි සුලු සහනයක්වත් දීමට ඉදිරිපත් නොවන බවයි.
මෙම ප්‍රශ්නයට පිලිතුරු දෙන පුද්ගලයා බොහොම කල්පනාකාරී විය යුත්තේ සහනයක් යන වචනය සම්බන්ධවයි. තවද මේ ප්‍රශ්නය අසන්නා තුල යුද්ධය නැවැත්වීම; අවුරුදු 30ක යුද්ධයට නැවතීමේ තිතක් තැබීම සමාජයට ලබාදුන් මහා සහනයක් ලෙස දැකීමට තරම් සූදානම් නැති මනසකින් යුත්ත බව කියාපායි. ඒ අනුව මේ ප්‍රශ්න විචාරකයාගේ සහන පැකේජයේ ඇත්තේ මොනවාදැයි; ප්‍රශ්නයට පිලිතුරු දෙන තැනත්තා ඉතා හොදින් අවබෝධ කරගෙන සිටිය යුතුය. මෙම ප්‍රශ්නයට පිලිතුරු දීමට නම්, යුද්ධය පැවති අවධියේ ජනතාව මුහුණ දුන් අභියෝග මොනවාදැයි අවබෝධ කරගත යුතු අතර, ජනතාව සමහර අවස්ථාවලදී හඩා වැලපෙමින් ඉල්ලා සිටියේ මොනවාදැ?යි. නැවත නැවත මෙනෙහි කර බැලිය යුතුය.

එදා ජනතාව පහත දැක්වෙන දෑ ඉල්ලා සිටියාය.
1.මායිම් ගම්මාන වල වැසියන් තමන් අතට ආයුධ ඉල්ලා සිටියාය.
2.අනිකුත් පලාත්වල ජීවත්වෙන අය, තමනට නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.
3.හමුදාවන්හි සේවයෙහි නිරතවූවන්ගේ දෙමව්පියෝ, දිනපතා සිදුවෙන රණවිරු මරණ දැක, එවන් විපත් රණවිරුවන්ට උරුම නොවේවායි! දෙවියන් යද්දාහ.
4.හමුදාවන්හි සේවයෙහි නිරතවූවන්ගේ බිරින්දෑවරු හා දූ දරුවන්, දිනපතා සිදුවෙන රණවිරු මරණ දැක, එවන් විපත් තම ස්වාමි පුරුෂයාට/තම පියාට උරුම නොවේවායි! දෙවියන් යද්දාහ.
5.රැකියාවට යන සිය බිරිදට, ස්වාමි පුරුෂයාට, පුතාට, දුවට, මවට, පියාට හා පාසල් යන දරු දැරියන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස ජනතාව නිතිපතා දෙවියන් යද්දාහ.
6.කොටි පාලන ප්‍රදේශ වල ජනතාව, ඉල්ලූ දෙයක් ඉල්ලුවේ දෙවියන්ගෙන්ම පමණි. කොටි හමුදාවේ සිටින, තම දරුවන්, රැක දෙන ලෙස ඔවුහු දෙවියන් යද්දහ. කොටි හමුදාවේ සිටින සිය සැමියන් රැකදෙන ලෙස බිරින්දෑවරුන් දෙවියන් යද්දහ. තමන්ගේ දරුවන් කොටින්ගෙන් රැකදෙන ලෙස බොහෝමයක් මව්වරු නිතිපතා දෙවියන් යද්දහ. ඔවුනට ආරක්ෂාව, රැකවරණයට වඩා ඇවැසි දෙයක් තිබුණේම නැත. අධ්‍යාපනය, ජීවන වියදම ඉහල යෑම, හැම දෙනාම කථා කරන දූෂණය, විධායක ජනාධිපති කම, ඔවුනගේ සැබෑ මාතෘකා නොවූවාය. ආරක්ෂාව රැකවරණය, ආහාර හා බෙහෙත් ඔවුනගේ මූලික අවශ්‍යතාවයන් විය.
මේ අසරණ මිනිස් කැල කාලාන්තරයක් මුලුල්ලේ තැනින් තැන යමින් කොටිනට සේවය කරමින්, තම ලෙයින් මසින් පෝෂිත කල දරුවන් කොටිනගේ උවමනාවන් පරිදි මිනිස් බෝම්බ බවට පත්වෙන ආකාරය විද දරා ගත යුතු විය. කොටිනට තාක්ෂණය ලබාදීමට පැමිණෙන සුද්දන්ගේ කෙලි භාණඩ බවට පත්වෙන තම ලපටි දූ දරුවන් රැකදෙන ලෙස නිතිපතා දෙවියන් යද්දාහ.
7.යාපනයේ ජනතාව මුහුණ දුන්නේ වෙනත් ආකාරයක ගැටලුවකටය. ඒ අධික ජීවන වියදම ප්‍රශ්නයයි.
8.රට වටා සිටි ධීවර ජනතාව ගැටලු රාශියකට මුහුණ දුන්හ. බොහෝමයක් පලාත්වල ධීවර කර්මාන්තයට තහංචි වැටීමෙන් ධීවරයා ආර්ථිකමය වශයෙන් ඇදවැටී සිටියහ.
9.උතුරු නැගෙනහිර හා මායිම් ගම්මාන වාසී ජනතාවට තම කුඹුරු ඉඩම් වගා කිරීමට නොහැකි වාතාවරණයක් පැවති බෑවින්, ආර්ථික හා සාමාජීය වශයෙන් ඉතා දැඩි පීඩනයක් යටතේ සිටියහ.

2009 මැයි මස 18 වෙනිදා කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත්වීමත් සමගම ඉහත සදහන් කරන ලද තත්වයන් සුබවාදී පැත්තට නැඹුරුව සම්පූර්ණයෙන්ම අවසන් විය. මෙම සංසිද්ධිය ජනතාව ලද සහනයක් නොවන්නේද? එය සහනයක් ලෙස නොදකින අය එම සංසිද්ධිය සදහා යොදන වචනය කුමක්ද? මහා දේශපාලන සුනාමියකට අසුව තිබූ රටහි ඒ සුනාමි තත්වය අවසන් වී ඇත. ඒ සමගම අලුත් ගැටලු ගනනාවක්ම නිර්මාණය වී ඇත. ඒ නිර්මාණිත ගැටලු වලට පිලියම; විධායක ජනාධිපතිකම ඉවත් කිරීම නොවන බව ජනතාව පමණක් නොව, විධායක ජනාධීපතිකම ඉවත් කරන ලෙස ඉල්ලා හඩක් නගන අයත් හොදාකාරව දනී.‍‍

Monday, October 5, 2009

test

ජාත්‍යන්තර මානව හිමකම් හා ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව එක්ෂත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයකි. යම්කිසි රාජ්‍යයක් ජාත්‍යන්තර සංවිධානයක සාමාජිකත්වය ලබාගන්නේ; එම සංවිධානය හරහා එම රාජ්‍යයට යම් ප්‍රතිලාභයක් ලැබේයයි යන අපේක්ෂාවෙනි. ඒ යටතේ එම රාජ්‍යය පහත දැක්වෙන ප්‍රතිලාභ මූලික වශයෙන් අපේක්ෂා කරයි.

1. සාමාජික රටවල් දෙකක් අතරේ හටගන්නා යුධ ගැටුමකදී, මෙම සංවිධානය මැදිහත්වී සාධාරණ විසදුමක් ලබාදීම.

2. සාමාජික රටක් හා සාමාජික නොවන රටක් අතර හටගන්නා යුධ ගැටුමකදී කෙලින්ම තම සාමාජික රට වෙනුවෙන් පෙනී සිටීම.

3. සාමාජික රටකට විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකින් තර්ජන එල්ලවේ නම්, එම රට එම ත්‍රස්තවාදී සංවිධානයේ බලපෑම් වලින් මුදවා ගැනීමට උපකාර කිරීම.

4. සාමාජික රටක් එහි අභ්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් හේතුවෙන් පීඩාවට පත්ව ඇත්නම් එයින් මිදීමට උපකාර කිරීම.

යන කරුණු හතර සෑම සාමාජික රටක්ම තරයේ අපේක්ෂා කරයි.

ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රකාශයන්ට සාපේක්ෂව; අප රටතුල සිදුවූ යුද්ධය ඉහත දක්වන ලද 4 වන ගනයට අයත්වේ.

ඒ ප්‍රකාශයන්ට සාපේක්ෂව එහි සාමාජික රටක් එහි අභ්‍යන්තර ත්‍රස්තවාදය පරදවා ඇත. එම සාමාජික රටට එරෙහිව, එහි සාමාජිකත්වයක් නැති ත්‍රස්තවාදී ව්‍යාපාරය ‍වෙනුවෙන් බටහිර රාජ්‍යයන් පෙනී සිටීම අපේ රටේ ජනතාව මවිතයට පත්කරවන ක්‍රියාදාමයක් බවට පත්ව ඇත. බටහිර හා අප යනු පැහැදිලි සංස්කෘතීන් දෙකක් තුල ජීවත්වන මිනිසුන් වෙමු. ඔවුන් හොදයයි දකින, සිතන, පතන හා කරන දේ, අප දකින්නේ, පහත් තුච්ඡ හා නින්දිත දේ වශයෙනි. ඔවුන්නට සාපේක්ෂව වෙනත් රටකට කඩා වැදී එරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් රකින විදිය ඔබම දැක ගන්න.

Thursday, October 1, 2009

Tuesday, September 22, 2009

අපට නොපෙනෙන මහා රාජ්‍යය

අපට නොපෙනෙන මහා රාජ්‍යය හෙවත් ශ්‍රී ලංකාවේ දේශපාලනාවලිය

ශ්‍රී ලංකාව පාලනය කරන රාජ්‍යය පද්ධතීන් දෙකක් පවතී. ඒ අදෘෂ්‍යමාන මහා රාජ්‍යය හා එම රාජ්‍ය විසින් නිර්මාණිත ව්‍යස්ථාවකට අනුව ස්ථාපිත දෘෂ්‍යමාන රාජ්‍යය වශයෙනි.

මේ රටේ අති බහුතරයක් කර්යයන් පාලනය කරනු ලබන්නේ, අදෘෂ්‍යමාන රාජ්‍යයයි. මෙම යාන්ත්‍රණය කාලාන්තරයක් මුලුල්ලේ මුලු ලෝකය පුරාම විහිදී බූවල්ලෙකු සේ සිය හස්තයන් මගින් ලෝකයේ සෑම රටක්ම සිය ග්‍රහණයට නතුකර ගැනීමට වෙර දරමින් සිටී. මෙම යාන්ත්‍රණය අති බලවත් බැවින් ලෝකයේ ඇති සෑම රටක්ම කිසියම් තරමකට මෙම ග්‍රහණයට අසුව ඇති බැවින් කිසිම රටක රාජ්‍ය නායකයකු ස්වාධීන නම් නොවේ. මෙම යාන්ත්‍රණය ලොවෙහි ඇති සෑම රාජ්‍යයක් සදහාම ඔවුන් විසින් සකස් කරන ලද ව්‍යාපෘතියකට අනුව මෙහෙයවයි. මෙම මෙහෙයවීමේ ක්‍රියාදාමයට රාජ්‍ය නිලධාරීන්, ‍සෑම දේශපාලන පක්ෂයකම සිටින දේශපාලඥයින්, වෘත්තීය සමිති ක්‍රියාකාරකයින් හා පාතාල සාමාජිකයින් සෘජුවම යොදා ගන්නා අතර, ඒ සදහා ඔවුනට ඉතා ඉහල මට්ටමේ වරදාන ප්‍රධානය කරයි.
අපේ මාතෘ භූමියට නිදහස නම්වූ භූමිකාවත් සමග ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ පාලන රටාවක්ද උරුම කරන ලදී. මේ උරුම කල ප්‍රජාතන්ත්‍රවාදයට එහා ගිය කිසිවක් ගැන සිතීමට, කථා කිරීමට හෝ ගොඩනැංවීයට උත්සහ කිරීමට අයිතියක් අපට නැත. ඒ පදනම යටතේ අපට හිමි වූ ඒ පාලන ක්‍රමයට මේ වන විට වසර 61කි. අපි නිදහසේ යන ගමනට අදෘෂ්‍යමාන රාජ්‍ය කල ක්‍රියාකාර කම් යම් තරමකට විග්‍රහත්මකව ශ්‍රී ලාංකික ඔබගේ අවදානයට ලක්කිරීම මෙම ලිපියේ අරමුණයි.

පලමු රාජ්‍ය කාල පරිච්ඡේදය.
වර්ෂ 1948දී මෙරට පැවතියේ, අදෘෂ්‍යමාන මහා රාජ්‍ය හිතවාදී රජයක් විය. එම රජය හා එහි පාලකයින් තමන් පූර්ණ වශයෙන් නිදහස්ය යන විශ්වාශයෙන් යුක්තව රට පාලනය කරන්නට ආරම්භ කලහ. මෙම රජය අභ්‍යන්තරයේද මෙම අදිසි රජය අකමැති රාජ්‍ය පාලකයින්ද විය. ඩී. එස් සේනානායක මහතා බෞද්ධ පාලකයකු වීම හා ඔහු විසින් හදුනාගත් ජාතික සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම මෙම බලවේගය නොරිස්සූහ. විශෙෂයෙන් උතුරු නැගෙනහිර ජනාවාස බිහිකර සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීම මෙම අදිසි රාජ්‍යයයේ අරමුණට සපුරා පටහැනි කාර්යභාරයක් විය. මෙම කාර්යයන් සිදුකිරීම මෙරට ජාතික ධනපති පන්තියේ හිතුවක්කාර ක්‍රියාකලාපයන්සේ සැලකූ මොවුන් ඒවාට විරුද්ධව මෙරට ජනතාව තුලින්ම හඩක් නැංවීම සදහා ඔවුනගේ රාමුව තුලම ස්ථාපිත, වෘත්තීය සමිති ව්‍යාපාරය හා ඒවාට බද්ධ දේශපාලන පක්ෂ උපයෝගී කරගත්හ. උතුරේ ජනපද පිහීටුවීමට එරෙහිව දැවන්ත විරෝධතාවයන් සදහා ඔවුන් උපයෝගී කරගත්තේ මෙරට වාමාංශික දේශපාලන පක්ෂ කාණ්ඩයයි."හොදින් බැරිනම් නරකින්" යන තේමාව මත ක්‍රියා කරන අදිසි රාජ්‍යය, මහා වේගයෙන් හඹා යන තුරගුන් මතින් වැටී සියදහස් ගනනක් හොදින් ජීවත් වෙන ලෝකයේ, සාමාන්‍ය තුරගකු මතින් වැටී මියයාමේ තත්වයක් ගරු ඩී. එස්. සේනානායක මහතාට උරුම කල අතර, ඉන් නොනැවතී, ඒ මහාතාගේ මරණින් පසු බලයට පත් ඒ මහතාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතාව ඉතා කෙටි කලෙකින් බලයෙන් පහකර දැමීමට එම පක්ෂය අභ්‍යන්තරයේ සිටි අදිසි බලවේගයේ නියොජිතයින් ලවා නායකත්වය අපහසුතාවයට පත්වෙන ආකාරයේ අයවැය ලේඛණයක් ඉදිරිපත් කලහ. ජනතාව ප්‍රකෝප කරවන අයවැය ලේඛණය හා එම ජනතා කෝපය ප්‍රචණඩකාරී තත්වයකට උත්සන්න කරවීමේ කාර්යය එවකට මෙරට සිටි වාමාංශික ව්‍යාපාරයට පැවරූ අදිසි හස්තය; ඩඩ්ලි සේනානායක මහතාව අගමැති දූරයෙන් පලායාමට ඉඩ සලස්වන ලදී. ඉන්පසුව බලයට පත් සර් ජෝන් කොතලාවල මහතා හා එම මහතාගේ ඥාතීන් සුද්දන් ඉදිරියේ සෘජුව සිටගන්නන් වීම හේතුවෙන් පාරම්පරිකවම අදෘෂ්‍යමන බලවේගය සර් ජෝන් කොතලාවල හිතවාදී නොවීය. එමනිසා සර් ජෝන් කොතලාවල මහතාගේ දේශපාලන දිවිය එතනින් නිමා විය.

දෙවන රාජ්‍ය කාල පරිච්ඡේදය.

1956 බණ්ඩාරනායක මහතා බලයට පත්වීමත් සමගම, රට තුල නව ප්‍රබෝධයක් ඇතිවූ අතර, මෙම රාජ්‍යයයන් දෙක අතරේ දැඩි ගැටීමක්ද ආරම්භ විය. ඒ සමගම තම වෘත්තීය සමිති බලමුලු උපයෝගී කරගෙන බණ්ඩාරනායක මහතාට වැඩ වර්ජන මාර්ගයෙන් අඛණ්ඩ තර්ජන මාලාවක් එල්ල කලහ. ඊට අමතරව තමන්ගේ ඊලග බලවත් ආයුධය වූ ජාතිවාදය උත්සන්න කරවීම සදහා ද්‍රවිඩ ජාතිවාදය චෙල්වනායලම්ලා හරහා උත්සත්න කල අතර, සිංහල ජාතිවාදය ඔවුනගේ විශ්වාශීම ඒජන්තයාවූ ජේ. ආර්. ජයවර්ධන මාර්ගයෙන් උත්සන්න කලහ. මේ සියල්ලන්ගේම ප්‍රතිඵලයක් වශයෙන්, බණඩාරණායක මහතාව අදෘෂ්‍යමාන බලවේගය විසින් මනාව සංවිධානය කොට පවත්වාගෙන යනු ලබන පාතාල බලමුලු උපයෝගී කොටගෙන, ජාතික බලවේගයේ ප්‍රධාන බලමුලු දෙක වන සග හා වෙද යන ඒකකයන් දෙක මාර්ගයෙන්ම ඝාතනයට ලක්කිරීමට තරම් අදෘෂ්‍ය මාන රාජ්‍යයය අති ප්‍රබල විය.
මෙයින් නොනැවතී තම රාජ්‍ය පද්ධතියට හිතවාදීව කටයුතු කරන ඩබ්ලිව්. දහනායක මහතාගේ මූලිකත්වයෙන් යුත් රජයක් බිහිකර, බණ්ඩාරනායක ඝාතන පරීක්ෂණ අඩාල කිරීමට කටයුතු සම්පාදනය කරන ලදී. ඉන් නොනැවතිනු මෙම රාජ්‍යය ඉතා ඉක්මනින් තම හිතවාදී රාජ්‍යයක් බිහිකර ගත්තද, එකල බලවත්ව සිටි මෙරට ජාතික බලවේගය වහා ක්‍රියාත්මක වී එම රජයේ ආයු කාලය මාස තුනකින් සමාප්ත කරන ලදී.
සිරිමා බණ්ඩාරනායක මහත්මිය බලයට පත්වූ මොහොතේ සිටම, මෙම අදිසි රාජ්‍යයය, දිවා රෑ අඛණ්ඩව, මෙරටේ හමුදාවන් හා පොලීසි තුලට කිදාබැස, මහා අපරාධයකට සූදානම් වූහ. එය මේ රටතුල 1962 දී, හමුදා රජයක් පිහිටුවා ගැනීමට උත්සහය සමග හෙලිවූ අතර, බණ්ඩාරනායක මහතාව ඝාතනය කර වසර 3ක් සම්පූර්ණවීමටත් පෙර බණ්ඩාරනායක මැතිනියව ඝාතනය කර බලය ගැනීමට සැලසුම් කිරීමට තරම්ම, ඔවුන් තුල ඝාතන සංස්කෘතිය කිදා බැස තිබිණ. ඔවුනගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහත් උජාරුවෙන් නන් දොඩන මේ අදිසි රාජ්‍යය තුල, සැබෑලෙසම පවතින්නේ ආඥාදායකත්වයයි. තමන් විසින් නිර්මානය කරන ලද ව්‍යාවස්ථාවට අනුව වසර පහක පාලන කාලයක් රජයකට උරැම වුවද, එම කාලය සැබෑ ලෙසම තීරණය කරනු ලැබුයේ මෙම අදිසි රාජ්‍යය විසිනි.
හමුදාවන් තුල වූ ඔවුනට හිතවාදීන් ලවා කිරීමට උත්සහ කල කුමන්ත්‍රණය අසාර්ථක වුවද, මෙරට සියලූම ක්‍රිස්තියාණි හා කතෝලික සභා වලින් පාලනය වන පාසල් දරු දැරියන් හා දෙමව්පියන් රජයට විරුද්ධව පාරට බස්සවා, ඉතිහාසයේ පලමුවරට නොදරුවන් රජයට විරැද්ධව පෙලිපාලි ගෙන ගොස් රජය පීඩාකාරී මාවතකට තල්ලු කරන ලද්දේ, මෙම අදිසි රාජ්‍යයයි.
මෙරට විදේශීය තානාපති කාර්යාල හරහා රජයට බලපෑම් කර, 1962 කුමන්ත්‍රණ කරුවන්ට සිරගෙදරදී ලබාදිය හැකි ඉහලම පහසුකම් ලබාදීමට කටයුතු සංවිධානය කල අදිසි රාජ්‍යය, 1964 දෙසැම්බරයේදී, දෘෂ්‍යමාන රජයේ මැති ඇමතිවරු වරදාන උදෙසා, තමන් වෙත දිනාගෙන එම රජය පෙරලා දමන ලදී.

තෙවන රාජ්‍ය කාල පරිච්ඡෙදය.
1965 මැතිවරණයෙන්, අදිසි රජය අපේක්ෂිත පිල ජයගත්හ.
ඩඩ්ලි සේනානායක නම්වූ, ප්‍රතිරූපය පෙරටු කරගෙන තම හිතවාදී රජය බිහි කලද, ඔවුනගේ රූකඩයක් නොවූ එම ජාතික නායකයාව ඔවුනට මහත් හිසරදයක් විය. 1953දී පලවා හරින ලද මෙම ජාතික නායකත්වයට යලි එම ඉරනම උරුම කරදීමට අදිසි රජය, වහ වහා කටයුතු සූදානම් කරන ලදී. ඔවුනගේ පලමු කටයුත්ත වූයේ 1962 කුමන්ත්‍රණ කරුවන් නිදහස් කිරීමයි. පසුව පාතාලය සංවිධානාත්මකව; නවින කරණය කිරීම ආරම්භ කෙරිනි. මුලු මහත් ලෝකයම කුඩා කැබලි බවට පත් කිරීම උදෙසාම ක්‍රියා කරන; ඒ උදෙසා මෙරට ඇති ප්‍රධාන උපාංගය ලෙස ද්‍රවිඩ ජාතිවාදය මනාව උපයෝගී කරගන්නා අදිසි රජය, එය අරමුණ කරගෙනම තම කටයුතු සියල්ල මෙහෙයවීම කරගෙන ගියහ. 1966 ජනවාරි 8 වෙනිදා ඩඩ්ලි සේනානායක මහතාව යලි වතාවක් දේශපාලන බිමෙන් පලවා හැරීම සදහා අපූරු කාර්යයක් නිර්මාණය කලහ. ඒ අනුව රජය තුල සිටින අදිසි රාජ්‍ය ඒජන්තයින් දෙමල භාෂා විශේෂ විධි විධාන පනත ඉදිරිපත් කරන කාලය තුලදීම; විරුද්ධ පක්ෂ තුල සිටින සිය ඒජන්තයින් ලවා ඊට විරුද්ධව ප්‍රබල ජනතා විරෝධයක් රටතුල නිර්මාණය කලහ. තවද 1953දී ඩඩ්ලි සේනානායක මහතාව පලවා හැරීමේ කටයුත්තට ඔවුන් එදා දායක වූ ආකාරයට සමාන්තර කාර්යභාරයක් මෙදාද ඉටු කලහ.තවද එම ජනතා විරෝධයන්ට 1953දී දක්වන ලද ආකාරයටම, මහා දහවල් කොල්ලුපිටියේදී, මැරයන්ගේ වාහන වලට මිනිසුන්ව යටකර මරා දමනවාට අමතරව, ඒ හේතුවෙන් කුපිත වූ ජනතාවට වෙඩිතබා ඝාතනය කර දමන ලදී. මෙම ක්‍රියාදාමයේදී ඉතාමත් පහත් ක්‍රියාන්විතයේ නිරත වූයේ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය වූ අතර, ඔවුන්ව සුවිශේෂී දේශපාලන රංගනයක යොදවමින්; ඉතිහාසය පුරාම දෙමල ජනතාවට සම තැන ඉල්ලා කල සටන, ක්ෂණයකින් අමතක කරවා, දෙමල භාෂා විශේෂ විධි විධාන පනතට විරුද්ධ කැරලි ගසන තත්වයකට පත්කරවීමට මෙම අදිසි රාජ්‍යයට හැකිවිය. මෙවර 1953දී ලැබූ ප්‍රතිපලය අදිසි රාජ්‍යයට උරුම නොවිණ. ඩඩ්ලි සේනානායක මහතා සසල වුවද, පලා නොගියහ.
මේ සමගම සමාජය අභ්‍යන්තරයේ නව සංස්කෘතියකින් යුත් දේශපාලනයක්, ජාතික බලවේගය විසින් නිර්මාණය කරන ලදී. අදිසි රජයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව හදුනාගත් එවකට සිටි තරුණ පරම්පරාව, තමන් සිටින්නේ 1962 හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් ආඥාදායක රජයක් බිහි කිරීමට උත්සහ කල කල්ලියකගේ රජයක් යටතේ බව මනාව වටහා ගෙන සිටියහ. ඔවුහු ශ්‍රී ලාංකීය විප්ලවය අරමුණු කරගත් දේශපාලන සංවිධානයක් බිහිකිරීමට පෙරමුණ ගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් විප්ලව වාදී සංවිධාන ගනනාවක් රටතුල බිහි කරන ලදී. මතුපිට සමාජය මෙම ක්‍රියාදාමය දුටුවේම නැත.

අදිසි රාජ්‍යයට ලංකාව තුල ඉහල පහසුකම් ඇති සංචාරක කර්මාන්තයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවය තදින්ම දැනී තිබිණ. එම කාර්යය සදහා තම නියෝජිතයින් උපයෝගී කරගනිමින් හෝටල් සංස්ථාව නම් වූ ආයතනය ගොඩනංවා රටේ අතිවැදගත් මර්මස්ථාන වල හෝටල් ඉදිකිරීම ආරම්භ කරන ලදී. බොහෝමයක් මෙවන් ආයතනවල ප්‍රධානීන් බවට පත්කරන ලද්දේ 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයේ ප්‍රධාන සැකකරුවන්වය.රටපුරා වසංගතයක් මෙන් "හිපියෝ" නමින් හදුන්වන බටහිර අහිකුණ්ඨක සංචාරක කණ්ඩායම් ව්‍යාප්ත විය.

රට අභ්‍යන්තරයේ ගලාගිය දේශපාලන ධාරාව, මේ සිදුවන සෑම ක්‍රියාදාමයක් දෙසම ඉතා විමසිලිමත්ව බලා සිටියහ. ජාත්‍යන්තරව ලොව පුරා සිදුකරන ලද හා සිදුකරමින් සිටින හමුදා කුමන්ත්‍රණ සම්බන්ධව ඔවුනට ඉතා හොද දැනුමක්ද තිබිණ. 1962 හමුදා කුමන්ත්‍රණය සාර්ථක වූණි නම්, උදාවන තත්වය ඉතා හොදින් දැන සිටි මේ දේශපාලන කණ්ඩායම්; මේ වනවිට රජයේ ඉහල තනතුරු වලට 1962 කුමන්ත්‍රණකරුවන් ස්ථාපනය කිරීමත් සමගම අදිසි රජය මේ සැරසෙන්නේ මෙරට ජනතාවගෙන් රජයක් බලයට පත්කර ගැනීමට තිබූ අයිතිය උදුරා ගෙන ඒකාධිපති රාජ්‍යයක් ස්ථාපනය කිරීමට බව අවබෝධ කරගත්හ. ඒ අණුව එම ඒකාධිපති රාජ්‍යයට එරෙහිව සටන් වැද නිර්ධන පාංතික සමාජවාදී රජයක් ගොඩනැංවීම අරමුණ කරගෙන සංවිධානය වීම ආරම්භ කලහ.

අදිසි රජයේ ඒකාධිපති රාජ්‍ය සැලැස්මට ප්‍රධාන බාධාවන් තුනක් පැවතින. ඒ එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩඩ්ලි සේනානායක මහතා, හමුදාවන් තුල සිටි ජාතික හිතවාදී නිලධාරීන් හා රට අභ්‍යන්තරයේ ගලාගිය විප්ලවවාදී දේශපාලන දහරාවයි. ඒ වනවිට විප්ලවවාදී දේශපාලන දහරාව සම්බන්ධව රාජ්‍ය පාලකයින් දැන නොසිටි නිසා, අදිසි රාජ්‍යය මෙහෙයවන වන බලවේග වල අරමුණ ජාතික හිතවාදී හමුදා නිලධාරීන්ව ඒවායින් නෙරපා දමා පසුව ඩඩ්ලි සේනානායක මහතාව බලයෙන් පන්නා දැමයි. පසුව එම පදවියට ජේ. ආර්. ජයවර්ධන මහතාව පත්කිරීම ඔවුනගේ ප්‍රධාන අරමුණ විය. නිර්මාණිත ව්‍යාජ හමුදා කුමන්ත්‍රණයක් මගින් හමුදාව ඔවුනට ඇවැසි විදියට සකස් කරගත්තද, මෙම වකවානුවේදී, එක්සත් ජාතික පක්ෂය හා රජය තුලවූ ජාතික හිතවාදී බලවේග ප්‍රබල තත්වයක පසුවූ බැවින්, අදිසි රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී විය. ඒ සමගම ඩඩ්ලි සේනානායක මහතා හා ජේ. ආර්. ජයවර්ධන මහතා අතර මත ගැටුම් උග්‍ර තත්වයට පත්විය.
මේ අතර රට අභ්‍යන්තරයේ ගලා ගිය දේශපාලන දහරාව, පිටතට අනාවරනය කිරීම අදෘෂ්‍යමාන බලවේගයේ වරප්‍රසාද ලබන වාමාංශික දේශපාලඥයින් විසින් මනාව ඉටු කරන ලදී.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජාතික බලවේග ප්‍රබලව සිටීම, රට අභ්‍යන්තරයේ ආයුධ සන්නද්ධ අරගලයකට සූදානම් වන බලවේගයක් සිටීම, හා එම යුගයට සාපේක්ෂව ජාත්‍යන්තරව වියට්නාමය, ලාවෝසය, හා කාම්බෝජයේදී අදිසි රාජ්‍යයේ බලවේගයන් අන්ත පරාජයන් ලබමින් සිටීම යන හේතූන් මත, තාවකාලිකව අදිසි රාජ්‍යයේ ඒකාධීපති භූමිකාව හකුලා ගෙන 1970 දී මහා මැතිවරණයක් පවත්වන ලදී.


මෙම මැතිවරණයේදී රට අභ්‍යන්තරයේ ගලාගිය සියලුම දේශපාලන ප්‍රවාහයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණහි ජයග්‍රහණය උදෙසාම වැඩ කලහ.

අදිසි රාජ්‍යය දිගු කාලීන සැලසුමක නිරත විය. පලමුව එක්ෂත් ජාතික පක්ෂය පවිත්‍ර කර ඔවුනගේ බලවේගයන් අතට පක්ෂයේ බලය ලබා ගැනීම අත්‍යවශව පැවතින. දෙවනුව රට අභ්‍යන්තරයේ සිටින වාමාංශික විප්ලව වාදී බලවේග විනාශ කර සුද්ධ පවිත්‍ර කල රටක් ඔවුනට අවශ්‍ය විය. මේ කරුණු දෙකම ඉටු කර ගැනීම උදෙසා උපක්‍රමිකව, පසු බැසීමකට සූදානම් වූහ. තමන්ගේ ප්‍රබලම බල මුලුව වූ රාජ්‍යයේ නිලධාරී පැලන්තිය නිසි ලෙස ස්ථාන ගත කොට, ඔවුහු පසු බැස්සහ.

සිව්වන රාජ්‍ය කාල පරිච්ඡේදය

සියලුම දෙනාගේම අපේක්ෂාවන් ඉටුකරමින් සමගි පෙරමුණ නම් වූ, සිරිමා බණඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් සමගි සන්ධානය පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහිත ප්‍රබල රජයක් ගොඩනැංවිණි.

මෙම මැතිවරණයේදී, මතුපිට දේශපාලන තලයේවූ සමගි පෙරමුණ විශිෂඨ ජයග්‍රහණයක් ලද අතර, අභ්‍යන්තර දේශපාලන තලයේ වූ අදිසි රාජ්‍යයද, තමන් අපේක්ෂා කල ආකාරයේම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලදහ. 1969දී ජනතා විමුක්ති පෙරමුණ නමින් නම් කරන ලද දේශපාලන ව්‍යාපාරය ඉතා ගැටලු කාරී සන්ධිස්ථානයකට අවතීර්ණ විය. 1965 පිහිටවූ එක්ෂත් ජාතික පාක්ෂික රජයේ ඒකාධිපති ආඥාදායක තත්වය ඉලක්ක කරගෙන සිය සාමාජිකයින් සන්නද්ධ අරගලයකට පෙල ගැස්සූ ජනතා විමුක්ති පෙරමුණ එම ඉලක්කය අහෝසි වීම හරහා බරපතලව, අභ්‍යන්තරව හා බාහිරව අර්බූද ගනනාවකට මුහුණ පෑවාය.

අදිසි රාජ්‍යය, තමන් ඒ වන විටත් ස්ථාන ගත කොට සිටි සිය රාජ්‍ය නිලධාරීන් හා රජය තුල සිටි තමන් හා බද්ධව ක්‍රියාකරන ඇමති වරැන් හරහා සිය ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්නට විය.
එක්සත් ජාතික පක්ෂය ක්‍රමානුකූලව තම හිතවාදීන් අතට බලය ගෙන, ඩඩ්ලි සේනානායක මහතාට හදිසි මරණයක් උරුම කරදීම හරහා ඔවුනගේ මතවාදයන්ට අනුව, පක්ෂය සුද්ධ කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණ හා ඊට ගෑවුන කොටස් වලට මරණයන් හා වධ බන්ධන උරුම කර, රටද සුද්ධ කරන ලදී.

රජය අභ්‍යන්තරයේ වූ සිය සගයන් හරහාම අපකීර්තියට පත් කල රජය 1977 මැතිවරණයේදී අන්ත පරාජයකට පත්වීමට ඉඩහරින ලදී.

පස්වන රාජ්‍ය කාල පරිච්ඡේදය.
1977 මැතිවරණය හරහා පූර්ණ බලැති අදිසි රාජ්‍යයේ බලයට නතු රජයක් මේ රටතුල ස්ථාපිත විය. අදිසි රාජ්‍යයට අවශ්‍ය කාර්යයන් රාශියක් මෙරට ජනතාව ඔවුනට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සපයා ශක්තිමත් කර තිබුණි. මැතිවරණ ‍තේමාව වූ ධර්මිෂ්ධ සමාජය, දසරාජ ධර්මය හා සතියකට ජනතාවට ලබා දෙනවා යයි දිවුරා පොරොන්දු වූ ධාන්‍ය රාත්තල් 8 ජාතික විහිලු බවට පත්විය. අදිසි රාජ්‍යය ජේ. ආර්. ජයවර්ධනගේ සහය ඇතිවත්; ඔහුගේ ආධාර නැතිවත් ඔවුනගේ ව්‍යාපෘතීන් මනාව කලමනා කරගෙන ගියහ. ජයග්‍රහණය අති ප්‍රබල විය. ඔවුනට දරා ගැනීමට තරම් අපහසු වූ මේ ජයග්‍රහණය පරාජිතයින් හඹා යන්නට විය. රට සංවර්ධනය උදෙසා යන ගමනක් වෙනුවට ම්ලේච්ඡත්වය රජ කරන සති දෙකක් තම පාක්ෂිකයින්ට ලබා දෙන ලදී. ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ නිරුවත රග දැක්විණ. පරාජිත දේශපාලන පාක්ෂිකයින් මරා දැමිණ. පහරදීම් වලට ලක්විණ, දූෂණ කිරීම් වලට ලක්විණ. මේ සකලවිද සිදුවීම්, ගමක් ගමක් ගානේ, නගරයක් නගරයක් ගානේ, වැඩබිමක් වැඩබිමක් ගානේ විවෘතව සති දෙකක් පුරා එක දිගටම සිදුවිය. ජේ. ආර්. ජයවර්ධන නම් වූ අදිසි රාජ්‍යයේ නියමුවා මෙම ක්‍රියාවලිය ජයග්‍රහණය බුක්ති විදීම යනුවෙන් නම් කරන ලදී. අදිසි රාජ්‍යය තමන් ඉලක්ක කරගත් කාර්යයන් හඹා යන්නට විය. ශ්‍රී ලංකාව රාජ්‍යයන් තුනකට බෙදීමට පිඹුරු පත් සකස් කෙරිණ.
1. දෙමළ ඊලම.

2. උඩරට සිංහල
3. පහතරට සිංහල

වශයෙන් නම් කර තිබූ මේ බෙදා වෙන් කිරීමේ යටි අරමුණු ගනනාවක් දෘශ්‍යමාන විය. පහතරට සිංහල වශයෙන් නම් කල රාජ්‍ය රටේ බටහිරින් දෙමළ ඊලමට මායිම්ව පුත්තලම දෙසින් ආරම්භ වී මුහුදු තීරය ආවරණය කර රටේ ගිණිකොන දෙසින් ඊලමට මායිම් කර තිබිණ. මෙම පහතරට සිංහල වශයෙන් බෙදා තිබුන රාජ්‍යය සත්‍ය වශයෙන්ම බෙදීම පදනම් කරගෙන තිබුණේ ආගමික පදනමින් වන අතර, ටිමෝරයේ මෙන් ආගමික පදනමින් ජනතාව වෙන් කිරීම මෙහි අරමුණ විය. ශ්‍රී ලංකාව ප්‍රධාන රාජ්‍යයන් තුනකට බෙදීමේ අරමුණ ජය ගැනීම සදහා වටා පිටාවන් සකස් කිරිම ආරම්භ විය. ඒ සදහා,

1. එක්සත් ජාතික පක්ෂය තමන්ට ගැති පක්ෂයක් බවට පරිවර්තනය කිරීම.
2.ජේ. ආර්. ජයවර්ධනට හැකි උපරිම කාල පාරාසයක් පාලන බලය උරුම කරදීම.
3.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශකර දෑමීම.
4.ශ්‍රී ලංකාව නොබැදි ජාතීන්ගේ සංවිධානය බේද කරන්නෙකුගේ තත්වයට පමුණුවා ලීම.
5.ඉන්දියාව හා ශ්‍රී ලංකාව පැහැදිලිවම සතුරු රාජ්‍යයන් දෙකක් බවට පත් කිරීම.
6.රට අභ්‍යන්තරයේ සිංහල- දෙමල ජාතිවාදය අවුලුවාලීම.
යන කරුණු කාරනා මේ රට තුල සිදුකල යුතුව තිබිණ. ඒ සදහා අපූරු ක්‍රමවේදයන් බටහිර රාජ්‍යයන් තුලදී හා මෙරට බටහිර තානාපති කාර්යාල තුල නිර්මාණය වෙමින් තිබිණ.
එක්සත් ජාතික පක්ෂය දිගුකාලීනව ඔවුනට යටත් දේශපාලන පක්ෂයක් බවට පත්කර ගැනීම සදහා ජයග්‍රාහී මන්ත්‍රී වරුනට ඔවුනගේ කථා කිරීමේ හා නිදහස්ව සිතා කටයුතු කිරීමේ නිදහස බටහිර ජාතීන්ගේ උපදෙස් වලට අනුකූලව දිනයක් නොදැමූ ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් කිරීම හරහා ඔවුනට උකසට තැබීමට සිදුවිය. මෙම ක්‍රියාවලිය හරහා අදිසි රාජ්‍යයේ සුපිරි ඒජන්තයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට දිගු කාලයක් රට පාලනය කිරීමට උපරීම මන්ත්‍රී සහය ලබා ගැනීමට අවකාශ ලැබිණ.
පරාජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විපක්ෂ නායක කමවත් ජනතාව හිමිකර නොදීම, අදිසි රාජ්‍යයට මහත් අස්වැසිල්ලක් විය. අනුර බණ්ඩාරනායක හා මෛත්‍රිපාල සේනානායක යන මහත්වරු මගින් එම පක්ෂය තුල අභ්‍යන්තර ආරවුල් ගනනාවක් නිර්මාණය කර පක්ෂය අකර්නම්‍ය කරන ලදී. ශ්‍රී ලංකාව නොබැදි ජාතීන්ගේ සංවිධානය තුල ක්‍රියාකරන බටහිර ජාතීන්ගේ ඒජන්තයා බවට පමුණවන ලදී. ඒ හරහා රටේ ගෞරවය ලෝකයා ඉදිරියේ මහත් හෑල්ලුවකට පත්කරන ලදී. ඉන්දියාව ඉලක්ක කරගෙන එම රටට හා එහි නායක නායිකාවන්ට අපහස කර ප්‍රකෝප කරවන ප්‍රකාශ නිකුත් කිරීමට ඇමතිවරු කීප දෙනෙකු යොදවා තිබිණ. ඒ හරහා ඉන්දියාව හා ලංකාව ප්‍රබල සතුරු රටවල් දෙකක් බවට පරිවර්තනය කරන ලදී.

මී ලගට ඔවුනගේ අවශ්‍යතාවය වුයේ කෙලෙසක හෝ රටපුරාම සිංහල හා දෙමල වශයෙන් බෙදුන ජනතාව වාර්ගික අරගලයක යෙදෙනවා දැකීමයි. මේ සදහා සුදුසු පසුබිම උතුරේ ජනතාවගේ මනස තුල අපූරුවට නිර්මාණය කර තිබුනද; දකුණ එසේ නොවීය. ඒ වනවිට දකුණෙහි දේශපාලන දහරාව තුල වූයේ; එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අභ්‍යන්තර අර්බූද ගනනාවක් නිර්මානය කර පසුව සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය 1980 දී අහෝසි කරන ලදී. ඒ සමගම ඒ පක්ෂය අකර්මන්‍ය පක්ෂයක් වූ අතර, ශ්‍රී ලංකා දේශපාලන පොරපිටියේ ඉතිරි වූයේ; එක්සත් ජාතික පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතිවාදී දේශපාලන පක්ෂ පමණි.
අදිසි රාජ්‍යයේ මීලග පියවර වූයේ කෙලෙසක හෝ ජනතා විමුක්ති පෙරමුණ සිය අණ සකට යටත් කොට, ඔවුන් හරහා ව්‍යාජ විපක්ෂයක් නිර්මාණය කොට මුලු රටම සිය අභිමතයට පරිදි පාලනය කිරීම විය. රෝහණ විජේවීර නම් වූ පුද්ගලයා ඔවුන් අපේක්ෂා කල ආකාරයේ දේශපාලන නරුමයකු නොවූ බැවින් රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සදාකාලිකව දේශපාලන පොරපිටියෙන් ඉවත් කිරීමට තීරණය කලහ.
මේ වන විටත් අදිසි රාජ්‍යය සිරිල් මැතිව් මහතාගේ නායකත්වයෙන් යුත් සිංහල ජාතිවාදී පෙරමුණක් ගොඩනංවා තිබිණ. තවද ජනාධිපති සමාව යටතේ නිදහස ලද පාතාල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ගොඩනංවා තිබූ මැර හමුදාවක්ද සූදානම්ව තිබිණ. උතුරේ උග්‍ර සිංහල විරෝධී හමුදාවක්ද සූදානම් කොට තිබිණ. ඊට අමතරව බටහිර මුහුදු බඩ ප්‍රදේශ හා දකුණෙ මුහුදු බඩ පලාත්වල ජනතාව, සම්ප්‍රදායික රෝමානු කතෝලික, ඇන්ග්ලිකානු, මෙතෝදිස්ත හා රෙපරමාදු සභාවන්ට අමතරව ආගමික ගැටුම් නිර්මාණය කිරීමේ අරම්ණින්ම ගොඩනංවන ලද, ඇමරිකානු මූලධර්ම වාදී ආගමික නිකායික බලකායන් ගනනාවක් රටෙහි ජනතාව එම ව්‍යාපාරයන්ට බදවා ගැනීමේ මහා ක්‍රියාදාමයන්ද දියත් කර තිබිණ.

අදිසි රාජ්‍යය නිසි අවස්ථාවේදී සේව නූල පත්තු කරන ලදී. තමන්ගේම වූ උතුරේ ද්‍රවිඩ ජාතිවාදී බලකාය ලවා 1983 ජූලි මාසයේදී යුධ හමුදා සෙබලුන් 13 දෙනෙකු ඝාතනය කරවා; තමන්ගේම වූ රාජ්‍ය අනුග්‍රහය ලද ‍සිංහල ජාතිවාදීන් හා මැරකණ්ඩායම් යොදවා අපූරුවට කළු ජූලිය නිර්මාණය කරන ලදී.

මේ ක්‍රියාදාමය හරහා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම, කොටි ත්‍රස්තවාදීන්ට ඇවසි පිරිස් බලය, ධන බලය, ආයුධ ලබා ගැනීමට මංමාවත් විවර කර ගැනීමට අමතරව අදිසි රාජ්‍යය අපේක්ෂා නොකල විශාලම වාසි දායක තත්වය වූයේ, ඉන්දියාව විසින් සෘජුවම කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ පුහුණුව ලබාදීමට ඉදිරිපත් වීමයි.
අනපේක්ෂිතව උදාවූ මේ වරමින් උපරිම පල ලබාගැනීමට අදිසි රජය තීරණය කලහ. නමුත් කලාපය හා ඉන්දියාව කැබලි කිරීමේ ව්‍යාපෘතියට අනුව 1984 ඔක්තෝම්බර් මස 31 වෙනිදා ඉන්දිරා ගාන්ධි මහත්මියව ඝාතනය කිරීම හරහා මේ කලාපය තුල කාලාන්තරයක් මුලුල්ලේ කල සැලසුම සාර්ථක කර ගන්නා ලදී.
මේ වනවිට මෙරට දේශපාලන පිටිය, අදිසි රාජය උපදෙස් අනුව, ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් සතුරන් රහිත රාජ්‍යය තත්වයක් ගොඩනංවා තිබිණ.
හීලෑ කරගත් මහජන පක්ෂයට නියමිත කාර්යය භාරය වූයේ, රාජ්‍ය විරෝධී වාමාංශික දේශපාලකයින්ට දේශපාලන නවාතැන් පලක් නිර්මාණය කිරීමයි.
අදිසි රාජ්‍යයේ නිශ්පාදනයන් දෙකක්වූ ජේ. ආර්. ජයවර්ධන පාලනය හා කොටි සංවිධානය; කලාපයේ දේශපාලන බලවතා පමණක් නොව, ජේ. ආර් ජයවර්ධන මහතාගේ රජයත්; දෙමල බෙදුම්වාදී සංවිධානයන්ද, නිවැරදිව හදුනා නොගත්හ.
බටහිර ප්‍රජාව තමන්ගේ රජයේ ආරක්ෂකයින් සේ ඇදහූ එවකට සිටි ජනාධිපතිතුමා, ඇමරිකානු ජනාධිපති රේගන් වෙත ගොස් ඇමරිකානු රාජ්‍ය තුල සිදුකරන කොටි හිතවාදී ක්‍රියාකාරකම් නවතා දෙන මෙන් අයද සිටියේය. තම රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බැවින් එවැන්නක් කිරීම කල නොහැකි බව පලකල රේගන් ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා ජනාධිපතිතුමා යනු කිසිදු ජනාධිපතිවරයකුට වඩා බලතල ඇති කලාපයේ අතරමංවූ රාජ්‍ය පාලකයකුගේ තත්වයට පත් කලහ. කෙසේ හෝ කොටි පරාජය කරමියි යන අධිෂඨානයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා කටයුතු කිරීම ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රභාකරන්ව වදමාරච්චි සටනේදී කොටුකර ගන්නා ලදී.
ඉන්දියාව තමන්ගේ මිතුරා කොටි සංවිධානය යන මිත්‍යාවේ එල්බගෙන කොටි සංවිධානය ආරක්ෂා කර ගත්හ. මේ නිසා සැබෑ සතුරා වසං වූ අතර, ශ්‍රී ලංකාව ඒ අවස්ථාවේදී අපේක්ෂා කල ඇමරිකානු ආධාර නොලැබිණි.

මේ වනවිට ජේ. ආර් ජයවර්ධන මහතා, තමන් දශක තුනකට අධික කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මේ රටතුලදී කල සේවාවන්ට නිසි ඇගයීමක් නොලබන බව වටහා ගෙන දැඩි කලකිරීමකින් පසුවී සිටි අතර, ඉන්දීය රූකඩයක් බවට පරිවර්තනය වීම ඔහු නුරුස්සන කාර්යයක් විය.

අදිසි රාජ්‍යයේ මීලග අවශ්‍යතාවයන් වූයේ, අඛණ්ඩව ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ලෙස තබා ගැනීම, ‍තමන්ගේ ව්‍යාපෘතිය වූ මේ රට තුනට කැඩීමේ කාර්යයට ඉතා වැදගත් ඒකකයක් වූ කොටි සංවිධානය බලවත් කිරීම හා තමන්ගේ කාර්යයන්ට මහත් බාධාවක්ව පවතින තහනම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සමූල ඝාතනය කරවීමයි. මේ සදහා අවශ්‍ය සියලූම ජාත්‍යන්තර තාක්ෂණික රජයට ලබා දුන්හ.
කොටි සංවිධානය, ඉන්දියාව, ජනතා විමුක්ති පෙරමුණ හා තමන් වටා සිටින කපටි ජාත්‍යන්තර මිතුරන් අතර හිරවී සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා අවසානයේදී දේශපාලනයෙන් විශ්‍රාම ගත්හ.

හයවන රාජ්‍ය කාල පරිච්ඡේදය.
මීලගට බලයට පත් ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා ඉන්දීය විරෝධීයකු බවට ප්‍රසිද්ධියට පත්ව සිටියහ. අදිසි රාජ්‍යය සැබෑලෙසම ආර් ප්‍රේමදාස මහතාට පක්ෂපාතිත්වයක් දැක්වූයේම නැත. නමුත් තම ව්‍යාපෘතිය අංක එක සේ සලකන ඔවුහු ප්‍රේමදාස මහතාගේ ඉන්දීය විරෝධය හරහාම එතුමාට ලගා වූහ. උත්සහය සාර්ථක විය. ඉන්දීය හමුදාව පලවා හැරීමට කොටි සංවිධානයට උදව් කල යුතුයි යන සංකල්පය යටතේ කොටින්ට අවි ආයුධ හා මුදල් ලබාදී ප්‍රබල තත්වයකට ඔසවා තබන ලදී. මෙම අවධිය කොටි සංවිධානයට අපූරු සන්ධිස්ථානයක් විය. තමන්ගේ සතුරායයි සැලකූ ශ්‍රී ලංකා රාජ්‍යය මිතුරා වී; තමන්ව රැකගෙන සියලූම යුධ පුහුණුව හා රැකවරණය ලබාදුන් ඉන්දියාව සතුරු රාජ්‍යයක් ලෙස අපහසුවෙන් වුවද සැලකීමට ඔවුනට සිදුවිය. (මෙය වර්තමානයේදී ජනතා විමුක්ති පෙරමුණට අදිසි රාජ්‍ය විසින් උරුම කර ඇති තත්වයට සමාන තත්වයකි.).
ඔහුගේ වකවානුවේදී ඉන්දීය හමුදා මෙරටින් පිටව ගිය අතරම ජනතා විමුක්ති පෙරමුණ සමුල ඝාතනයකට ලක් කලහ.

ජනතා විමුක්ති පෙරමුණ සංහාරය කිරීමට හැකිවීම, අදිසි රාජ්‍ය ලද විශාලම ජයග්‍රහණය විය. එසේ කිරීමත් සමගම නව අභියෝගයන්ට මුහුණ දීමට අදිසි රජයට සිදුවිය.
(අ) ඝාතකාගාරවල ප්‍රබලව ක්‍රියාකල ඝාතකයින්ට රැකවරණය සැලසීම.
(ආ) මෙරට සිදුවූ අති ප්‍රබල ඝාතනයන් දන්නා ප්‍රබල සාක්ෂි මෙරට සමාජයෙන් ඉවත් කිරීම.
(ඇ) ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන දහරාවේ ක්‍රියාකාරිත්වය නවතා දැමීම. කලයුතු අවශ්‍යම කාර්යන්සේ හදුනාගන්නා ලදී.
මේ අනුව, ඝාතකාගාර වල ප්‍රබලව ක්‍රියාකල ඝාතකයින් හා මෙතෙක් කල් ජනතා විමුක්ති පෙරමුණ තුලට රිංගා බුද්ධි තොරතුරු සැපයූ අයව.
ඕස්ට්‍රෙලියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමරිකාව හා ජර්මනිය යන රාජ්‍යයන්හි ආරක්ෂිතව ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සූදානම් කර දෙන ලදී.

ප්‍රධාන සාක්ෂිකරුවන් වන්නේ ක්‍රියාකාරීව ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු කල අය බැවින් ඔවුන්ව හා ඔවුන්ගේ පවුල්වල අයටද, දේශපාලන රැකවරණය ලබාදීම යන පදනම යටතේ,
ඕස්ට්‍රෙලියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමරිකාව හා ජර්මනිය යන රාජ්‍යයන්හි ආරක්ෂිතව ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සූදානම් කර දෙන ලදී.
දැන් ඝාතකයෝ හා ඝාතනයන්ට භාජනය වූවන්ගේ පවුල්වල අය හා ඝාතනයන්ට භාජනය වීමට නිර්දේශිතව සිටි අයට විදේශගතව එකම රාජ්‍ය පද්ධතියක ජීවත්වීමට ඉඩකඩ සලසා (අ) හා (ආ) වලින්, අදිසි රාජ්‍ය හිතවාදීන්ට සිදුවිය හැකිව තිබූ තර්ජනයන් අවම කර දමන ලදී.
මීලගට කලයුතු වූ කාර්යය භාරය වූ
ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන දහරාවේ ක්‍රියාකාරිත්වය නවතා දැමීම සදහා තමන්ට සුපුරුදු ජාත්‍යන්තරව අත්හදා බලා ප්‍රත්‍යක්ෂම ලෙස අති සාර්ථකවූ ක්‍රමය මෙරට සදහාද ආදේශ කිරීමට තීරණය කරන ලදී.

මේ අනුව රට අභ්‍යන්තරයේ සිදුවෙන දේශපාලන ක්‍රියාකාරිත්වයන් හදුනා ගැනීම සදහා රටතුල සමීක්ෂණයක් සිදුකරණ ලදී. ඉතා අවංකව ජනතා විමුක්ති පෙරමුණ ගොඩනංවන්නට උත්සහ කරන අයව හදුනා ගන්නා ලදී. ඊට අමතරව තමන් විසින් ගොඩනංවන ලද නව ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායම් දෙකක්ද සමාජගත කරන ලදී. මෙම කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම ජය ගත්තද එය ඔවුනට අභියෝගයක් නොවීය.

මේ අතර අදිසි රාජ්‍ය කිසි විටෙකත් අපේක්ෂා නොකල සිදුවීමක් සිදුවිය. ඒ 1991 මාර්තු මස 2 වෙනිදා රංජන් විජේරත්න මහතාව ඝාතනය කිරීමයි.

මේ වන විට ශ්‍රී ලාංකීය දේශපාලන පොරපිටියේ ඉතිරි වූයේ ආර්. ප්‍රේමදාස ප්‍රමුඛ රජයත්, කොටි සංවිධානයත් පමණි.
ආර්. ප්‍රේමදාස මහතා හා කොටි සංවිධානය අතර දැඩි මිත්‍රත්‍වයක් ඇති බව ලොව පුරා ප්‍රචලිත කෙරිණ. තත්වය මෙසේ පවතිත්දී අදිසි රජය විසින් ඉතා වැදගත් ඉලක්කයක් ගැනීමට ප්‍රභාකරන්ට බලකෙරිණ. ඔහු ගිරයට අසුවූ පුවකක් මෙන්විය.1991 මැයි මස 21 වෙනිදා ඉලක්කය ගැනිණ. ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතාව බටහිර බලවේග විසින් මෙහෙය වන අදිසි රාජ්‍යයේ කොන්ත්‍රාත්තුවකට අනුව කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලදී.
කලාපයේ බලවතා අස්ථාවර කෙරිණ. ඒ හරහා කලාපයම අස්ථාවර කිරීම අරමුණ විය.
තවද ආර් ප්‍රේමදාස මහතා බටහිර බලවේග වලට අනුව ක්‍රියා කරන්නෙක් නොවූහ. ඔහු සතුව ඔහුටම සුවිශේෂී වූ ව්‍යාපෘති ගනනාවක්ම තිබිණ. මේ වකවානුවේදී ආර්. ප්‍රේමදාස මහතා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමා අතර වූ ඝට්ඨනයද අදිසි රාජ්‍යය නොරිස්සූහ. අදිසි රාජ්‍යය වර්ෂ 1993 මැයි මස පලවෙනිදා තමන්ගේ කලාපීය චණ්ඩියා වූ කොටි සංවිධානය හරහා ඒ මහතාවද ඝාතනය කර දමන ලදී.
කලාපයේ අස්ථාවර භාවය තවත් තීව්‍ර විය. කොටි සංවිධානය කලාපයේ බලවත් තත්වයකට පත්විණ.

හත්වන රාජ්‍ය කාල පරිච්ඡේදය.
රටේ පවතින තත්වය මනාව අවබෝධ කරගෙන සිටි ඩී. බී. විජේතුංග මහතා වහාම ක්‍රියාත්මක වී රාජ්‍ය බලය තමන්ගේ අතට ගත් අතර, ඔහු කාලාන්තරයක් මුලුල්ලේ දැක තිබූ අප්‍රසන්න පාලන සංස්කෘතිය වෙනස් කර 1994 නොවැම්බර් මස 12 වෙනිදා ජනාධිපතිවරණයක් පැවත්වීමට සූදානම් කරන ලදී.
මේ වනවිට අපකීර්තිමත් අදිසි රාජ්‍ය හිතවාදී පාලනයට හරියටම වසර 17ක් ගතව ජනතාව හෙම්බත්ව සිටියහ. ජනාධිපති අපේක්ෂකයකුට පවා තමන්ගේ චන්දය පාවිච්චි කිරීමට ඉඩ ලබා නුදුන් පාලන ක්‍රමය විනාශ කර දමා, රට කරවූ දූෂිතයන්ට ඒ දූෂණයන් සදහා නිසි දඩුවම් ලබාදීම පොදු ජන අපේක්ෂාව විය.
ඔවුන් තුල ඒ දූෂිත රජයට විරූද්ධව සටන් වැදී මියගිය තරුණ පරම්පරාව සම්බන්ධව මහත් ගෞරවයක් හා භක්තියක් පැවතින. මීලගට මැතිවරණයට ජයග්‍රහණය අපේක්ෂා කරන්නා, මරා දමන ලද තරුණ තරුණියන් වෙනුවෙන් පෙනී සිටින අයෙකු විය යුතුම විය. මනා පෙර දැක්මක් ඇති අදිසි රාජ්‍යය ඒ සදහා පෙර සිටම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව සූදානම් කර තිබිණ.
රටේ පැවති තත්වයට අනුව එක්සත් ජාතික පක්ෂය අදිසි රාජ්‍යයේ අඛණ්ඩ ගමනට ඇවැසි ආකාරයට නොතිබිණ. එය තුල තමනට හිතවාදී නායකත්වයක් ගොඩනංවා ප්‍රතිසංවිධානය කරන තුරු, තමන්ගේම වූ අලුත්ම නිර්මාණය වන චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ පොදු පෙරමුණ නම් වූ දේශපාලන උපාංගය පාවිච්චි කිරීමට අදිසි රාජ්‍ය තීරණය කලාය.

අට වන රාජ්‍ය කාල පරිච්ඡේදය.
අති විශිෂ්ඨ ලෙස චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජය ගත්තාය. ඇගේ පාර්ලිමේන්තුවේ තිබුණේ එක වැඩි චන්දයක් පමණි. මෙරට දේශපාලනයේ සෑම අංගයක්ම සොයා බලා තීරණය ගන්නා අදිසි රාජ්‍යයට; එම රජය සුරැකීමට තීරණය කර ගත්තාය.

මේ වනවිට අදිසි රජයට ඇවැසි රජයක් බලයට පත්ව තිබිණ. ඔවුනගේ රට කැබලි තුනකට කැඩීමේ ව්‍යාපෘතිය තවත් ඉදිරියට විත් තිබිණ. කොටි සංවිධානය විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබිණ. ජනතා විමුක්ති පෙරමුණ එක කණ්ඩායමක් පරයා තව කණ්ඩායමක් අතට පත්ව තිබිණ. එම කණ්ඩායමේ නායකත්වය අදිසි රාජ්‍ය හිතවාදී විය. මේ අනුව පෙර කිසි කලෙකටත් වඩා අදිසි රාජ්‍ය ප්‍රබල තත්වයක පැවතින. ඇත්තවශයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ඒකාධිකාරීත්වයක් ඔවුනට හිමිවිය.
මේ කාලය තුලදී ඔවුන් විශාල ජයග්‍රහණයන් රාශියක් හිමිකරගෙන සිටියහ. මේ රටතුල සිදුකරන ලද මිනිස් ඝාතන සම්බන්ධව මහා හඩක් නගා වරදකරුවන්ට හිමිකලයුතුවූ දඩුවම් වලින් ඔවුනව අපූරුවට නිදහස් කර ගැනීමට අදිසි රාජ්‍යයට හැකිවිය. ඒ සදහා ඔවුනට ජනතා විමුක්ති පෙරමුණේ විශාල සහයක්ද ලැබීණ. අදිසි රාජ්‍යයේ කොන්දේසි හා උපදෙස් අණුව කටයුතු කල ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය හේතුවෙන් ඝාතනයට ලක්වූ 60,000 ක සහෝදරයින්, ඒ හේතුවෙන් අතරමංවූ එම පවුල් වල උදවිය හා රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් විනාශකර දමන ලද එම පවුල් වල දේපල සදහා වන්දි මුදලක් ලබා ගැනීමේ මහා සටනක් ආරම්භ කල යුතු වුවද, අදිසි රාජ්‍යයේ උපදෙස් මත ඒවා රට වෙනුවෙන් කරන කැපකිරීම් බවත්; කැප කිරීම් සදහා වන්දි අවශ්‍ය නොවන බව පවසා සැබෑ පාක්ෂික උවමනාවන් යට ගැසුවේය.
එම පක්ෂයට දේශපාලනය කිරීමට සිදුවූයේ කොන්දේසි ගනනාවකට යටත්වය. ඒවා නම්,
(අ). "අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය"
"ධනවාදයට විනාශය- ජනතාවට සමාජවාද" නම් වූ සටන් පාඨ ඔවුනට තහනම් විය.
(ආ). සෑම අවස්ථාවකදීම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව දිව්‍ය මන්ත්‍රයක් සේ මිමිනීම කලයුතු විය.
(ඇ). මරා දමන ලද තම නායකයින්ගේ හෝ පාක්ෂිකයින්ගේ මරණයන් සම්බන්ධව පරීක්ෂණ ඉල්ලා සිටීම ඔවුනට තහනම් විනි.
(ඈ). විනාශකර දමන ලද ඔවුනගේ පාක්ෂිකයින්ගේ දේපල වලට වන්දි ඉල්ලා සිටීම ඔවුනට තහනම් විය.
(ඉ) විධායක ජනාධිපතිකම ඉවත් කලයුතු බවට වූ අදිසි රාජ්‍ය ඉල්ලීම රටේ අංක එකේ ඉල්ලීම බවට පරිවර්තනය කරන ලදී.

වර්ෂ 1999 වනවිට අදිසි රාජ්‍යය තමන් සැබෑ ලෙසම ඇලුම් කරන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට තමන්ගේම වූ නායකත්වයක් ලගා කරගෙන තිබිණ. දැන් චන්ද්‍රිකා කමාරණතුංග මහත්මියව බලයෙන් පහකර දැමීම ඔවුනගේ අවශ්‍යතාවය විය. කලාපයේ ඔවුනගේ ක්‍රීඩාවක් බදුවූ ත්‍රස්තවාදය උපයෝගී කරගෙනම ඇයව බලයෙන් ඉවත් කිරීමට වෙරදැරුවාය. එය අසාර්ථක වූ විට කුපිතවූ අදිසි රාජ්‍ය නායකයින් පාර්ලිමේන්තුව හරහා ඇයගේ රජය පෙරලා දැමුවාය.
නැවත වරක් ඉතිහාසය තුල එක්සත් ජාතික පක්ෂ රජයකට ඉඩක් හිමිවිණ. සටන් විරාම ගිවිසුමක් හරහා තම ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රබලම සාධකය වූ කොටි සංවිධානය ප්‍රබල කරවන ලදී.
ඒ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණ, අදිසි රාජ්‍ය විසින් මෙහෙය වනු ලබන දේශපාලන පක්ෂයක් වුවද, විප්ලවවාදී දේශපාලන සංස්කෘතියක් යටතේ ගොඩනැංවුන පක්ෂයක් තුල සතුරු බලවේගයකට නිදහසේ ගමනක් යා නොහැක. එබැවින් ජනතා විමුක්ති පෙරමුණහි සිටි සැබෑ දේශප්‍රේමී බලවේග වලට විශාල කාර්යය භාරයක් සිදු කිරීමට අවකාශ ලැබිණ. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදේශ ගතව සිටි නිසා දේශප්‍රේමී බලමුළු එම පක්ෂය රටට වැඩදායක ආකාරයට මෙහෙයවන ලදී. ජනතාව එම පක්ෂය වටා එක් රොක්වීම අති ප්‍රබල විය. මෙය අදිසි රාජ්‍යය නොරිස්සූ කරුණක් විය.
ජනතා විමුක්ති පෙරමුණ තුල වූ දේශප්‍රේමී බලමුළු, ඉදිරියට පැමිණීම ඉදිරියේ, එතුල වූ අදිසි රාජ්‍ය ඒජන්තයින්ට නිරුත්තරව නිහඩව සිටින්නට සිදුවිය. ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණෙ ඉහලම ජනතා ප්‍රතිචාර ලැබූ අවධිය ලගාවී තිබිණ.
එම පක්ෂයේ දේශප්‍රේමී බලකාය ඉදිරියට පැන අදිසි රාජ්‍ය ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා මගින් බලගැන්වූ විධායක ජනාධිපතිකම උපයෝගී කරගෙනම, අදිසි රාජ්‍ය හිතවාදී රනිල් වික්‍රමසිංහ රජය පෙරලා දැමුවාය.
මෙම ක්‍රියාවලිය අදිසි රාජ්‍යයට ගැසූ අතුල් පාරක් විය.
තමන් ගේ දේශපාලන පක්ෂය පෙර වකවානු වලදී මෙන් කිසිදු අතුරු ආන්තරාවක් නැතිව දේශපාලනය කිරීමට ඉඩ ලැබී ඇත්තේ තම පක්ෂයද අදිසි රාජ්‍යයේම ඒකකයක් නිසා බව අවංක ජනතා විමුක්ති පෙරමුණහි සාමාජිකයින් කවදාවත් නොසිතුවේය. ඊලග මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 41ක් දිනා ගත් එම පෙරමුණ රටේ ජනතාවගේ හද පත්ල තුල මුල් බැසගත් දේශපාලන පක්ෂය බව මුලු ලොවම අවබෝධ කරගත්හ.
සුනාමිය සමගම සන්ධාන රජය තුලටද එම සුනාමි රල පහර එවා ජනතා විමුක්ති පෙරමුණ පැවති එම රජයෙන් ගසාගෙන යන්නට ඉඩ සලසන ලදී.
එසේ ගසාගෙන ගියද එය රටතුල හා ජනතාව අතර තව තවත් මුල් බැස ගන්නට විය.
මේ සෑම ක්‍රියාවක් දෙසම නිහඩව බලා සිටි අදිසි රාජ්‍යය තමන් අතින් ගිලිහෙන ජනතා විමුක්ති පෙරමුණෙ බලය තව දුරටත් තමන් අතම තබා ගැනීමට අදඅටන් කලහ.
මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද රාජපක්ෂ මහතා සමග සන්ධාන ගතව 2005 ජනාධිපති මැතිවරණය සදහා සූදානම් වෙමින් සිටියහ.
අදිසි රාජ්‍යය වහාම ජනතා විමුක්ති පෙරමුණෙ නායකයාව ශ්‍රී ලංකාවට පිටත් කර එවන ලදී.

නව වන රාජ්‍ය කාල පරිච්ඡේදය.
විශ්මිතම සිදුවීම 2005 ජනාධිපතිවරණය නිමවීමත් සමගම සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණ, මහා බලාපොරොත්තු කන්දරාවක් සහිතව, සිය ධනය සහ ශ්‍රමය වැයකරමින් මහින්ද රාජපක්ෂ‍ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහා කැපකිරීමක් කල සාමාජිකයින්ට ව්‍යාජ හේතු පෙන්නා අතරමං කලහ. මෙය පක්ෂයේ පලමු ඉරිතැලීම විය.
අදිසි රාජ්‍ය විසින් පවරන ලද න්‍යාය පත්‍රයට අනුව වැඩකිරීමට ජනතා විමුක්ති පෙරමුණට සිදුවීම මෙයට හේතු විය. අදිසි රාජ්‍යය සිය ප්‍රබලම අවිය වූ කොටි සංවිධානය මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හා රජය විනාශ කිරීමට වෙර දැරුවද. අවසානයේදී ලාංකීය ජාතික විමුක්ති අරගලය ජයග්‍රහණය කර ඇත.
මේ වන විට මෙරට තුල පිහිටි අදිසි රාජ්‍ය හිතවාදී තානාපති කාර්යාල තුල සිදු කරන ප්‍රධාන කාර්යය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල ඝාතනය කරන ආකාරය කෙසේද යන්න සැලසුම් කිරීමයි. අපගේ මනස මෙවැනි කාර්යයක් සම්බන්ධව සිතීමට පවා සූදානම් නැති වුවද, මෙම සිදුවීම සිදුවන බව මනාව වටහා ගත යුතුය.
වසර ගනනාවක් පුරා ඩොලර් බිලියන ගනනාවක් වැය කර ඉතා සූක්ෂමව ගොඩනැංවූ ශ්‍රී ලංකාව කොටස් තුනකට කැඩීමේ ව්‍යාපෘතියවත් කලාපය අස්ථාර කිරීමේ ව්‍යාපෘතියවත් මේ වනතෙක් ඉවත් කරගෙන නැත. ඉන් අදහස් වන්නේ ඉදිරියටත් මේ කලාපය තුල ගැටුම් උත්සන්න කිරීමේ දැඩි අවශ්‍යතාවයකින් අදිසි සතුරා පුල පුලා බලා සිටින වගයි.
ඒ සදහා මෙරට තුල ක්‍රියාකරන එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගෙන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබල කාර්යය භාරයක් ඉටුකරන බව මෙරට ජනතාව මේ අවස්ථාවේදී මනාව අවබෝධ කර ගත යුතුමය.
ගරු ජනාධිපතිතුමා මේ වනවිට මෙරට තුලවූ සතුරු ආවුද සන්නද්ධ බලමුළු විනාශ කලද, එම ආවුද සන්නද්ධ බලමුළු ස්ථාපිත කල කණ්ඩායම් තවමත් මේ රටතුල ඉතා ප්‍රබල තත්වයක සිටින බව වටහා ගන්න. ඒවා විනාශ කිරීමට සැබෑ ලෙසම පාතාලය විනාශ කලයුතුමය. මතට තිත තැබිය යුතුමය. ඊට අමතරව කලාපය තුල කලයුතු සුවිශේෂ කාර්යය සම්භාරයක්ද ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තරග වැදීමට සරත් ෆොන්සේකා මහතාව ඉදිරිපත් කිරීම හරහා අප අවබෝධ කරගත යුතු වන්නේ අප මෙතෙක් වේලා සාකච්ඡා කල අදිසි රාජ්‍ය නම් වූ සතුරාගේ අතිප්‍රබලත්වයයි.
2010 ජනවාරි 26 වෙනිදා මැතිවරණය යනු මහා යුද්ධයක තවත් ආරම්භයක් බව ජනතාව වටහා ගතයුතුමය. කවෙරකු දිනුවද කවරෙකු පැරදුනද මෙම යුද්ධය ඇවිලී යනු ඇත.
සරත් ෆොන්සේකා මහතා ජය ගතහොත් ජනවාරි 27 වෙනිදා මෙරට සැබෑ වීරවරයින‍්ගේ ඝාතනයන් සෘජුවම ආරම්භ වනු ඇත. එය ආරම්භ කරනුයේ සරත් ෆොන්සේකා මහතා නම් නොවේ. ඒ සදහා සැදී පැහැදී සිටින විශේෂ ඉලමුළු මේ වනවිටත් මේ රටතුල සූදානම්ව පවතී. මෙවර එය සිදුවනුයේ 1977 ගලා ගිය අයුරින්වත්, 1983 කලු ජූලියේදී කල ආකාරයෙන් වත්, 1988-1989 සිදුකල මහා මිනිස් සංහාරයන් කල ආකාරයෙන්වත් නොවේ. ඉන් බැහැරව ගිය මිනිස් මල සිරුරු මිලියන ගනනකගේ ලෙයින් හා මසින් මේ මහා පොලව මත මුදා හරිමිණි. මේ රටතුල සිටින ජනතාව සිය චන්දය මගින් සරත් ෆොන්සේකා මහතාව බලයට පත් කිරීමට උත්සහ දැරීම හරහා සිදුකරනුයේ එම ක්‍රියාවලිය ආරම්භ කර පවත්වාගෙන යාමට නීත්‍යානු බලපත්‍රයක් අදිසි රාජ්‍යයට නිකුත් කිරීමයි. එය එසේ සිදු නොවන බව අප දනිමු. අප මෙන්ම සතුරාද එය හොදා කාරව දනී. නමුත් මෙම තරගයෙන් කවරෙකු පැරදුනත් ඒ පරදින්නේ සතුරාගේ සතුරෙකු බව සතුරා දනී. එදා සතුරාගේ බෝම්බ පහරින් මරා දමන්නට බැරිවුන සරත් ෆොන්සේකා මහතාව අද දේශපාලන පොරපිටියට ඇද දමා, විනාශ කරමින් ජය පැන් බොන්නේ ඒ සතුරාමයි.
මෙරට ජනතාව වඩාත්අවදියෙන්සිටිය යුත්තේ මැතිවරණයට පසුවයි. අදිසි රාජ්‍ය සතුරා වර්තමානයේදී ඔවුනගේ පරාජිත සෑම මැතිවරණයකටම පසුව, ඔවුන් විසින් ආදේශිත නමකින් යුත් විප්ලවයක් දියත් කර හරී. එය එක රටෙක ඔරේන්ජ් විප්ලවය (Orange Revolution) නමින් නම් කල අතර තවත් රටක වෙල්වට් විප්ලවය (Velvet Revolution) නමින් නම් කලහ. ඉදිරියේදී කුමන නමකින් හෝ එය ඔබ විසින් තෝරා පත්කරගනු ලබන රජයට එරෙහිව දියත් කරනු ඇත. එවැනි ක්‍රියාකාරකම් සතුරා විසින් අපට, සුපිරි යයි අනගිභවනීයයි හදුන්වාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදයට හා මෙම ව්‍යාවස්ථාවට පටහැනි කාර්යයකි. එවැන්නක් මෙරට තුල සිදු කිරීමට වෙර දැරුවහොත් එය හැරවුම් ලක්ෂයක් සේ සිතා, සියලූම ජනතාව මහමගට බැස තමන් සතු සියලූම අවි ආයුධ වලින් පහරදී ප්‍රතිවිප්ලවය හා ප්‍රතිවිප්ලවකාරීන්ට නැගී සිටීමට උරදෙන සමාජ සම්මත ක්‍රියාවලිය අඩංගු කඩදාසි පඩංගුව ඉරා දැමිය යුතුය. අපි එය මහා සමාජ විප්ලවයක් බවට පමුණුවා, දකුණු ඇමරිකාවට මේ යුගය විසින් චාවේස් කෙනෙක් නිර්මාණය කලා සේ; දකුණු ආසියාවට එම ගුණාංගවලින් පරිපූර්ණවූ මහින්ද රාජපක්ෂ කෙනෙක් බිහි කරමු.
එම කාර්ය කිරීමේ පූර්ණ වගකීම ඇත්තේ මෙරට වැසියන් වූ ඔබ අතය.
මාතෘ භූමියට ජයවේවා!

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි














Tuesday, September 8, 2009

නව ජනතා විමුක්ති පෙරමුණ හා විධායක ජනාධිපති ධූරය.


මේ දිනවල, ජනතා විමුක්ති පෙරමුණ, රටපුරා මහා පරිමානයෙන් විධායක ජනාධිපති ධූරය, අහෝසි කරවා ගැනීමේ දැවන්ත මෙහෙයවුමක් අරඹා ඇත. ‍ජනතා ව්මුක්ති පෙරමුණ හා එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ 7 වෙන වගන්තියට අනුව මෙය ඉටුකල යුතුබව, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කථා කරන අය කියා සිටී.
විධායක ජනාධිපති තනතුර යනු, මේ රටේ ව්‍යවස්ථාවට අනුව ගොඩනැංවී ඇති උත්තරීතරම පදවියයි. මෙම උත්තරීතර පදවිය, විනාශ කිරීම පදනම් කරගෙනම, එම පදවියට පුද්ගලයකු පත්කිරීමට ගිවිස ගැනීම, කොතරම් නීත්‍යනුකූලද යනු, අප පලමු කොට සලකා බැලිය යුතු කරුණයි.
මෙය සැබෑ ලෙසම නීත්‍යානුකූල නම්, ඊට වඩා පහල මට්ටමේ ඇති ඕනෑම පදවියකට පත්වෙන ඕනෑම අයකුට එම පදවි විනාශ කිරීමේ පදනමින් එම පදවි ලබාගැනීමට ඉදිරිපත්විය හැක.
සැබෑ ලෙසම මෙය දේශපාලන පක්ෂයක් තුලවූ පදවි සදහා, කුමන්ත්‍රණකාරී ලෙස ගිවිසගෙන, එම පදවි තුලවූ අරමුණු විනාශ කල හැකි වුවද, රාජ්‍යයක් සදහාවූ පදවි සදහා විවෘතව ගිවිසුම් සහගතව කලහැකි කාර්යභාරයක් නම් නොවේ.
විධායක ජනාධිපති ධූරය, මේ රටට මෙතරම් භයානක ධූරයක් නම්, මෙම ගිවිසුමේ පලමුවන වගන්තිය විය යුතුව තිබුණෙ එයයි.
මෙම පදවිය අහෝසි කල යුතුයයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා කිසිදා ඉල්ලා සිටියේ නැත. ඔහුට අනුව මෙම පදවිය, ධනේශ්වර ව්‍යවස්ථාවේ තවත් එක් පදවියක් වූ අතර, වෙනස් කලයුත්තේ, ඔය කියන පදවියවත් ව්‍යවස්ථාව වත් නොව, මුළු මහත් ධනේශ්වර ක්‍රමයම බව දැඩිලෙස අවධාරණය කලහ.
ඉතිහාසයේ අපූරු සිදුවීම්, සිදුවෙමින් පවතී. අධිරාජ්‍යවාදී බලවේග මෙරට සිටින ඔවුනගේ මිතුරන් සමග එකතුව, මහා ගණිතමය සූත්‍රයකට අනුව සාදා;
යලි කිසිදා, මෙරට බලය කිසිවෙකුටත් නොදෙමියි යන අධිෂ්ඨානයෙන් නිමකල මහා බලගතු මේ ව්‍යවස්ථාව, ඔවුනගේ පාලන කාලය තුලදීම, අණ්ඩ ගොඩක් දැමූ කඩමාල්ලක් බවට පත්විය. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින්නේ, මෙයට තවත් අණ්ඩයක් දමන ලෙසයි.
අධිරාජ්‍යවාදී බලවේග වල ගණිතමය විසදීම් මිත්‍යාවන් බවට පරිවර්තනය කරනු ලැබුවේ පැරණි ජනතා විමුක්ති පෙරමුණ බව ‍ගෞරවයෙන් සිහිපත් කලයුතුමය.
වර්ෂ 1983 සිට 1989 දක්වා මෙරට දේශපාලන පොරපිටියේ රැදී සිටියේ, එක්ෂත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණි. මෙම කාලය තුලදී තහනම් කලද, ධනේශ්වර ආඥාදායකත්වයට එරෙහිව සටන් වදින ආකාරය පැහැදිලිවම පෙන්නුම් කලහ. ඒ හරහා ශ්‍රී ලංකාවේ මනෝරාජික අධිරාජ්‍ය ගැති, ධනේශ්වර ආඥාදායකත්වය ගරා වැටිණ.
වර්ෂ 1971 අප්‍රේල් 5 වෙනිදා සන්නද්ධ අරගලයක් හරහා, සමාජවාදී නිර්ධන පාංතික ආඥාදායක සමාජයක් නිර්මාණය කරන්නට ක්‍රියාත්මක වූ පක්ෂය, පවතින ව්‍යවස්ථාව කඩමාල්ලක් බවට පත්කල පක්ෂය, අද ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඩන, එදා කීතු කීතු කල අණ්ඩ පිරුණ ව්‍යාවස්ථාවට, තවත් අණ්ඩයක් දමා, වෙස්ට්මිනිස්ට ක්‍රමයේ ව්‍යාවස්ථාවක් ස්ථාපිත කරන්නට වලිකන ජනතා විමුක්ති පෙරමුණ නම් නොවේ.
ව්‍යාවස්ථාවේ කුමණ සුන්දර වචන තිබුනද, කුමන සුන්දර වචන වලින් අලංකෘත කලද, නිර්ධන පංතික ආඥාදායක, සමාජවාදී සමාජයක් ගොඩනංවන තුරු, මෙරටේ පවතින්නේ ධනේශ්වර ආඥාදායක සමාජයකි.
මොවුන් ඉල්ලන ආකාරයේ වූ රජයක්, වර්ෂ 1966 ජනවාරි මස 8 වෙනිදා, කොල්ලුපිටියේදී මිනිසුන් ඝාතනය කලේ, හදිසි නීතියවත් රටේ නොපැවති අවස්ථාවකය.
1971 මහා මිනිස් සංහාරයක් සිදුවූයේ, මොවුන් ඉල්ලා සිටින ආකාරයේ ව්‍යාවස්ථාවක් පැවති රජයක් යටතේදීය.
ශ්‍රී ලංකාවේ ගරා වැටෙන ධනවාදයට මහා හිසරදයක්ව පවතින විධායක ජනාධිපති ධූරය අහෝසි කරව් යන සටන් පාඨය දේශපාලන කරලියට ආවේ, අධිරාජ්‍ය ගැති ධනපති පංතියෙන්, එම බලය ගලිහී ගියදාට පසුව බව දේශපාලන ඉතිහාසය අපට උගන්වයි. කොල්ලුපිටියේ බටහිර තානාපති කාර්යාලතුල නිර්මාණය වූ මේ සටන් පාඨය, එවකට ජනාධිපතිවරියට එරෙහිවද ගෙන එන ලදී. ජනාධිපතිතුමියගේ තටු සිදීම වශයෙන් නම් කර, සමාජගත කල මහා ව්‍යාපාරයක් අධිරාජ්‍යවාදීන් විසින් දියත් කලහ. මෙම ව්‍යාපාරය හරහා එවකට සිටි ජනාධිපතිතුමිය දැඩි මානසික පීඩනයකට භාජනය කොට මෙරට ව්‍යවස්ථානුගත ගත කැබිනට් රැස්වීම් වලට පවා ඇයට සහභාගි වීමේ අපහසු පසුබිමක් නිර්මාණය කරන ලදී. ඒ පසුබිම මත, පාර්ලිමේන්තුවේද අනුදැනුමකින් තොරව, මෙරට ඉතිහාසයේ මහා ආන්දෝලනයක් ඇති කල සටන් විරාම ගිවිසුම, ත්‍රස්තවාදී සංවිධානය හා අත්සන් කිරීම සිදුකරන ලදී.ඉතිහාසයේ අති වැදගත් මේ සන්ධිස්ථානය සැහැල්ලුවෙන් අමතක කර විධායක ජනාධිපති බලතල ගැන කථාකල හැකි නොවේ.
මෙම සන්ධිස්ථානයේදී රටේ විධායක ජනාධිපති බලතල අභිබවා, පාර්ලිමේන්තුවටත් පිටින් ගොස්, අගමැතිතුමාගේද බලවත් අකමැත්ත මත, කුමන්ත්‍රණකාරී ලෙස, ඔහුගේම අත්සන, සටන් විරාම ගිවිසුම නම් වූ බෙදුම් වාදී උගුලට යොදාගන්නට තරම් අති ප්‍රබලවූ, ජනපති විධායක බලය දෙදරවූ, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කල, අදිසි බලය සම්බන්ධව, මෙරට සියලු දේශපාලන පක්ෂ මීට වඩා අවධානයෙන් සිටිය යුතුය.
"විධායක ජනාධිපති ධූරය අහෝසි කරව්" යන හඩ නගන කුමන දේශපාලන පක්ෂයක් වුවද, මේ සන්දිස්ථානයේදී ජනපති විධායක බලය පලා ගියේ ඇයිදැයි පැහැදිලි කල යුතුය.
එදා ජනතා විමුක්ති පෙරමුණහි සිටි, දේශප්‍රේමී බලකාය පෙරට පැමිණ, ජනාධිපති තනතුරහි ඇති විධායක බලතල පෙන්වාදී, එම රජය පෙරලා නොදැමුවේ නම්, මේ වන විට ශ්‍රී ලංකාව යනු බෙදී වෙන්වී ගිය රාජ්‍යයකි.
එදා ජනතා විමුක්ති පෙරමුණ ඉටුකල ඒ කාර්යය භාරය වූයේ විධායක ජනාධිපති බලතල අභිබවා නැගීසිටි ඒ අදිසි අධිරාජ්‍යවාදී බලමුලු, විධායක ජනාධිපති සතු බලතල උපයෝගී කරගෙන නිෂේධ කිරීමයි.
එම ක්‍රියාදාමයත් සමග ගොඩනංවා ගන්නා ලද සන්ධාන රජයේ සිය ප්‍රථම ඇමති ධූරයන්හි කටයුතු නිසිලෙස කරගෙන යාමට අවස්ථාවක් ජනතා විමුක්ති පෙරමුණට ලබා නොදුන් එම පරාජිත අදිසි බලවේගය, එකී යුගයේදීම ජනතා විමුක්ති පෙරමුණ තවත් සන්දිස්ථානයකට තල්ලු කර දමන ලදී. ඒ තමන් විසින්ම විධායක ජනාධිපති බලතල උපයෝගී කරගෙන, ගොඩනැංවූ ඒ ජනාධිපති ප්‍රතිරූපය හරහා කොටි සංවිධානයට මහා කප්පමක් පිරිනැමීමට සූදානම් වීමයි. මේ සංසිද්ධියත් සමග ජනතා විමුක්ති පෙරමුණට එම රජයෙන් ඉවත්වීමට සිදුවිය. ඉවත්වී නිවටව නොසිටි එම පෙරමුණ පවතින නීත්‍යානුකූල පදනමින් සතුරු අරමුණු පරාජය කරන ලදී.

ඉන් නොනැවතී ඉදිරියටම ගමන් කල එම පෙරමුණ, මහින්ද රාජපක්ෂ මහතා හා ජනතා විමුක්ති පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක්, ජනාධිපතිවරණය සදහා ඇතිකරගත්තාය. පසුව සිය ධනය දසදහස් ගනනක් වූ සාමාජික, සාමාජිකාවන්ගේ ශ්‍රමය වැයකර, තමන් විසින්ම ගොඩනංවූ රජයයි මේ.
මේ සන්ධිස්ථානයේ සිට අපි අතීතය, වර්තමානය හරහා අනාගතයට, ජනතා විමුක්ති පෙරමුණහි පියවර ඔස්සේ පියමන් කර බලමු.

එදා ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රතිගාමිත්වයට එරෙහිව පරිවාස ආණ්ඩුවක් ගොඩනැංවූවාය.

අදිසි බලවේගයක් වහා ඉදිරියට විත් එම රජය බිද දැමුවාය. ඔවුනට හිතවාදී රජයක්ද බිහිකර, සටන් විරාම ගිවිසුමක්ද නිර්මාණය කලහ.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්ව, එවකට සිටි ජනාධිපතිතුමිය හරහා, ජනාධිපති විධායක බලතල උපයෝගී කරගෙන, එම රජය බිද දමන ලදී.
පසුව, සන්ධාන රජය ගොඩනංවා, එම රජය තුල ඇමතිකම්ද දරන ලදී.

වහා ක්‍රියාකාරීවූ අදිසි බලවේගය, එම ජනාධිපතිතුමිය හරහා එල්. ටී. ටී. ඊ. යට අධි බලය ලබා දෙන සුනාමි සහන මණ්ඩලය ප්‍රධානය කිරීමට කටයුතු සූදානම් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණහි, රජය තුලවූ ස්ථාවර බාවය බිදින ලදී.

ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉවත්වී, නීත්‍යානුකූලව සුනාමි සහන මණ්ඩලය බල රහිත කරන ලදී. මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස පත්කර ගැනීම සදහා වූ ගිවිසුමකට එලඹියහ. ඒ මොහොතේ පටන් ජනාධිපතිවරණය අවසන්වූ දවසේ මධ්‍යම රාත්‍රිය තෙක්ම ජනතා විමුක්ති පෙරමුණට හා එහි සාමාජිකත්වයට, අඛණ්ඩව වැඩ කරන කාල පරිච්ඡේදයක් උදාවිය. වේදිකා නිර්මාණය, රතු දජ වලින් වීථි සැරසීම, පෝස්ටර් ඇලවීම, ජනතාව දැනුවත් කිරීමට ගෙන්ගෙට යෑම වැනි සෑම කටයුත්තකදීම පෙරමුණෙන්ම සිටියේ එම පෙරමුණයි. මහා සටනකින් පසු උත්සහය අති සාර්ථක විය. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස තේරී පත්විය.

වහා ක්‍රියාකාරී වූ අදිසි බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද රාජපක්ෂ රජය හා බද්ධ වීම අවලංගු කලහ. එය ජනතා විමුක්ති පෙරමුණේ තීරණයක් ලෙස සමාජගත කලහ.

මෙම සිදුවීම මුලුමහත් සමාජයේ මනෝකාය දෙදරවූ අතර, ජනතා විමුක්ති පෙරමුණහි, සියලුම සාමාජික සාමාජිකාවන් හා හිතවතුන් තුල කුකුසක් ඇති කිරීමට සමත්විය. එදා සමාජයේ හිනිපෙත්තේ සිටි මේ පක්ෂය කිසිදා වැරදි තීන්දු තීරණ ගන්නේ නැතැයි යන පදනමේ පිහිටා සියල්ලෝම සියල්ලක්ම ඉවසා වදාලහ. එහෙත් එම සිදුවීම හරහා ජනතා විමුක්ති පෙරමුණහි මුලු මහත් සාමාජිකයින්ම සමාජමය අවඥාවකට පාත්‍ර කිරීමට මෙම නව නායක පරපුරට හැකියාවක් උදාවිය.
එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා දේශපාලන වේදිකා තනද්දී, මංමාවත් දිගේ, රතු කොඩි සිටුවීමට වලවල් කපද්දී, ගෙයක් ගෙයක් ගානේ ගොස් ජනතාව දැනුවත් කරත්දී, ඔවුන් මේ සකල විධ කාර්යයන් පද්ධතියම කරන්නේ, පරිවාස රජය බිදලූ ඇමත්තන්ට යලි ඇමති කම් ලබාදීමට බව නොදැන සිටියහ. සටන් විරාම ගිවිසුමට පක්ෂව රටපුරාම හඩ නැගූ අයට මැති ඇමති කම් ලබාදීමට බව නොදැන සිටියහ, තවද සුනාමි සහන මණඩලය දෙනව දෙනවාමයි කියමින් පාර්ලිමේන්තුවේ හඩ තැලූ අයට ඉහල තලයන්ට තල්ලු කිරීමට බව නොදැන සිටියහ.
මහින්ද රාජපක්ෂ මහතාව බලයට පත්කල ජාතික බලවේගය මුහුණ දුන්නේ, එදා කාම්බෝජයේ ඇමරිකන් ගැති රූකඩ ලොන්නොල් රජය හා ඇමරිකන් බල මුලු පරදවමින් නොම්පෙන් අගනුවරට ලගාවූ එරට ජාතික බලවේග එදා මුහුණ පෑ තත්වයටමය. එම තත්වය මත එදා කාම්බෝජයේ ජාතික විමුක්ති බලවේගය ඇතුලු ලක්ෂ 22කට අධික ජනතාවක් ඝාතනය කලහ.

මෙම තත්වය පාලනය කිරීමේ පූර්ණ වගකීම අතැතිව සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා පමණි. ඔහු තමන්ව බලයට පත්කල ජාතික බලවේගය හා දැඩිව අත්වැල් බැද ගත්හ. යුද්ධයට නිවැරදිව මුහුණ දීමට තීරණය කලහ.
පාර්ලිමේන්තුවේ සිටින අති පිරිසිදු මන්ත්‍රී කණඩායම තමන් බව පවසන ජනතා විමුක්ති පෙරමුණ රජයට සම්බන්ධ නොවීම; රජයට වෙනත් කණ්ඩායම් හා බද්ධ වීමට හේතු පාදක විය. පලමුව ස්ථාවර රජයක් ගොඩනංවා ගත් අතිගරු ජනාධිපතිතුමා, ත්‍රස්තවාදයට මුහුණදීම අපූරුවට ආරම්භ කලේය.

අදිසි බලවේගය, තමන්ගේ ත්‍රස්තවාදය නම්වූ ව්‍යාපෘතිය, බලවත් තර්ජනයකට මුහුණදී ඇති බව වටහා ගත්හ. රජයේ අරමුණ වෙනතකට යොමුකිරීමට ඉටා ගත්හ. රට පෙරටු කොට ආ ජ. වි. පෙ. ශිෂ්‍ය පරපුර පෙරටු කොට පෙලපාලි ගියහ. වැඩි වැටුප් අරඹයා වෘත්තීය සමිති ක්‍රියා ආරම්භ කලහ.

මෙම ක්‍රියාදාමයන්ගෙන් කරගෙන යන යුද ක්‍රියාවලියට සිදුවෙන හානිය වටහා ගත් ජනාධිපතිතුමා, යුද ක්‍රියාන්විතයට සමාන්තරව මැතිවරණ ක්‍රියාන්විතයක්ද ආරම්භ කරන ලදී. සියලූම විරුද්ධවාදී බලවේග මැතිවරණ පිටියට ගැටගසා යුද්ධය කරගෙන යන ලදී.
හදිසි නීති විවාද වලදී,
1. එදා පරිවාස ආණ්ඩුව විනාශ කල මැති ඇමතිවරුද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කලහ.
2. එදා සටන් විරාම ගිවිසුම වෙනුවෙන් පෙනී සිටි මැති ඇමතිවරුද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කලහ.
3. එදා සුනාමි සහන මණඩලය දෙනව දෙනවාමයි කිවූ මැති ඇමතිවරුද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කලහ.
4. ජනතා විමුක්ති පෙරමුණද හදිසි නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කර, තමන් රජයට යුද්ධයේදී විශාල ලෙස උපකාර කරන බවට එම සාධකයම ඉස්මතු කලහ.
මෙරට දේශප්‍රේමී බලකාය අවුරුදු 504 කට පසු අධිරාජ්‍ය විරෝධී අරගලය ජය ගත්හ.

එදා ජ. වි. පෙරමුණ හා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී ජ. වි. පෙ. හා සිටි බලවේගය අද ගෞරවාන්විතව ජනාධිපතිතුමා හා එක පෙලට සිටගෙන සිටී. ඒ බලවේගයටද මෙරට විධායක ජනාධිපති ධූරය මහින්ද රාජපක්ෂ මහතා සදහා උචිත නොවන බව හැගේ. ඉන් එහා ගිය බලතල රාශියක් සහිත නිර්ධන පාංතික ආඥාදායක රාජ්‍යයකට මංසලසන මාවතක් නිර්මාණය කලයුතුයයි ජනතාවට සිතේ. පිදෙල් කස්ත්‍රෝ යනු නිර්ධන පාංතික ආඥාදායකයෙකි. උතුරු කොරියානු නායක කිම් ඉංජොල්ද නිර්ධන පාංතික ආඥාදායකයෙකි. මුලුමහත් ලෝකයේම අධික ජනගහනයකින් යුත් රාජ්‍යය වන චීනයේද ඇත්තේ නිර්ධන පාංතික ආඥාදායක පාලනයකි. මහින්ද රාජපක්ෂ මහතා එවන්වූ රාජ්‍ය ව්‍යුහයක් මෙරට පිහිටවීමට දායක විය යුතුය.

එදා ජනතා විමුක්ති පෙරමුණ වටා සිටි ඒ බලවේගය, හා බැදුන ගිවිසුමහි අයිතිය, ජනතා විමුක්ති පෙරමුණට හිමිවන්නේ, එම බලවේගය එම පෙරමුණ වටා පවතින තාක්කල් පමණි. නාමපුවරුව හා ටිල්වින් සිල්වා යනු එම බලවේගය නම් නොවේ.

මෙරට ජාතික නායකයින්, ජාතික වශයෙන් පුස්සන් නපුංෂකයින් බවට පත්කරන මහා අදිසි බලවේගයක් මේ රටපුරා පක්ෂයක් පක්ෂයක් ගානේ, සංවිධානයක් සංවිධානයක් ගානේ, මිනිස් මනසක් මිනිස් මනසක් ගානේ හොල්මන් කරයි. මෙම බලවේගය, එක්ෂත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමල ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ වල නායකයින් විටින් විට, දේශපාලන වශයෙන් නිරුවත් කොට, ඔවුනගේ අවශ්‍යතාවයන් උදෙසා, දේශපාලන කෝලමුන් බවට පත්කර, දේශපාලන වශයෙන් ඝාතනය කරන අතර, එසේ නැඹුරු කර ගත නොහැක්කන් සෘජුවම ඝාතනය කිරීම සංස්කෘතියක් බවට පත්කරගෙන තිබේ. සැබෑ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම කාර්යය භාරය විය යුත්තේ, පවතින විධායක බලය අභිබවන මේ අදිසි බලය අහෝසි කර ගැනීමට සටන් වැදීමයි. පැරණි ජනතා විමුක්ති පෙරමුණ මෙම කාර්යය අති ප්‍රබල මට්ටමින් මේ සමාජය තුල ඉටුකලහ.
එදා මෙරට සිටි ප්‍රථම විධායක ජනාධිපතිතුමාගේ අත අඹරවා, ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් ලබාගත් මොහොතේ සිට, තහනම් පදනමක් යටතේ සිටියද, එම පෙරමුණ, මෙරට පුරා ඉන්දීය භාණඩ ආනයනය, හා වෙළදාම ඇණහිටවීම හරහා ආක්‍රමණිකයාට ඉගැන්වූ පාඩම, මෙවර යුද්ධයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, ඉන්දීය මැදිහත්වීමක් වලකාලීමට මහෝපකාරීවූ මෙවලමක් විය.
එදා ජනතා විමුක්ති පෙරමුණහි නායකයින්ගේ තමන්ගේම වූ අනාගත පරපුර, තම ජාතික ගීය වශයෙන් "නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා......" වශයෙන් හඩ නැගූවද, අද ජනතා විමුක්ති පෙරමුණෙහි වර්තමාන නායකත්වයට,තමන්ගේම වූ අනාගත පරපුරට තම දේශපාලන මතවාදයවත් නොහදුනන, තම ජාතික ගීය වශයෙන් "God save our Queen" යන ගීය හඩ නගන පරපුරක් ගොඩනංවා ඇත. අද නව ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන සටන් පාඨය වන්නේද "God save our Queen" යන්නයි.
එම කර්තව්‍ය ඉටුකරගැනීම සදහා ලෝකය පුරාම, අධිරාජ්‍ය විරෝධී පෙරමුණේ සිටින නායකයින්ගේ ඇස්, ඉස්, මස්, ලේ ගෙන පුදන බිලී පූජාවන් සදහා මෙරට රාජ්‍ය නායකයාව ඉලක්ක කරගෙන සිය සටන් මෙහෙයවීම නව ජනතා විමුක්ති පෙරමුණ මනාව ඉටුකරයි.
එදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සටන් පාඨය අද අතැතිව ඉන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඒ
"අධිරාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය" යන්නයි. මම සටන් පාඨය තුල ඇත්තේ එම සටනයි.